Sep 16, 2011

ඔබ නොදන්න, මුල මැද හා අග.

 මුල

 ඔබත් එක්ක තුරුළු වෙලා ඉර හැංගෙන හැන්දෑවක
ඈත නුවර වීදි පුරා පිනි වෑහෙන රාත්‍රියක
පාට පාට හීන පිරුනු අපට උරුම අපේ ලොවක
මතකද අපි අපේ වුනා දුර හිඳ ඉස්සර දවසක

මැද

ලා පැහැ දළු කොළ මැලවී පලා දුවන වසන්තයක
සැඩ හිරු ගිනිගෙන වියරුව ගත අළු කල ග්‍රීස්මයක
තනිකඩ වූ ප්‍රේම හීන තනියම ඉකිබිඳින  විටක
මතකද නුඹ යන්න ගියා සීතල උදුවප් දවසක

අග

 පර තෙර නැති ලොව කෙලවර ඈත එපිට නවාතැනක
දිවියට සිටි එකම පිහිට අමතක කල නිමේශයක
වියරුව සැඩ සුලඟ විලස ගිලිහුන රලු රුදු වදනක
මගෙ ආදර රුවල ගියා ඉගිලී ගෙන කුණාටුවක

3 comments:

  1. තුඩ බඳ මිටැති
    උල් පිහියක්
    ගැඹුර මනින
    සේ විය

    ReplyDelete
  2. කස්සා මේක නම් මැක්සා බං.... මාරම ගති.

    යකෝ මට එක එක රෑපත් මැවිලා පෙනුනා බං... සිරාවටම පට්ටම පට්ට.

    හංගගෙන ඉන්න දුකක්ද කොහෙද බොක්කෙන්ම එලියට දාලා. එව්වා කියවන අපිටත් ලෙසටම තරු පේනවා....

    ReplyDelete
  3. නියමෙට මුලු මැද අග ගලපලා තියනවා .......

    ReplyDelete