දවසක් චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ලඟ ධර්මය දේශනා කරමින් වැඩ ඉන්නව.මේ වෙලාවෙ එතැනට එන එක් දෙවි පුතෙක්,දසත බබුලුවමින් බුදු සිරිපා වන්දනා කරනව.ඉර්ධිමත් බවින්,යසසින් බබලන, මනහර රූ සපුවෙන් සතර දිශාවම එලිය කරමින්, මගේ පා වන්දනා කරන නුඹ කවුදැයි කියල බුදුහාමුදුරුවො මේ ශෝභා සම්පන්න දෙවි පුත්‍රයගෙන් විමසනව.තමන්ට මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙන්න හේතු වුන කාරණාව ගැන මේ දෙවිය ඒ වෙලාවෙ බුදුහාමුදුරුවන්ට විස්තර කරනව.(මම හිතන විදියට, මේ ගැන බුදුහාමුදුරුවො දැනගෙනම තමා අහනන් ඇත්තෙ. අර චත්ත මානවක කතාවෙ වගේ)
කතාව මෙහෙමයි...
අපේ බුදුහාමුදුරුවො ගග්ගරා පොකුණ ලඟ ධර්මය දෙශනා කරන වෙලාවෙ, මේ පොකුණෙ ම ජීවත් වෙච්ච ගෙම්බෙකුට බුදුපියාණන්වහන්සෙගෙ අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් දේශණා කරන බුදු වදන් ඇහෙන්න ගන්නව.තිරිසන් අපායෙ ඉපදිච්ච මේ ගෙම්බට උතුම් බුද්ධ ධර්මය දරාගෙන වටහගන්න හැකියාවක් නැති වුනාට, බුදු මුවින් පිටවෙන මිහිරි ස්වරයට හිත පැහැදිළා, ඒ දිහාව කන් යොමු කරගෙන අහගෙන ඉන්නව.මේ වෙලාවෙ පොකුණ ගාවට එන හරක් බලන ගොපළු මනුස්සයෙකුත් බුදු බණ අහන්නයි කියල හිතාගෙන, තමන්ගෙ අතේ තිබුන හරක් මෙල්ල කරන්න පවිච්චිකරන කෙවිට පොළොවට ඇනල, ඒකට තමගේ ඇඟේ බර දීල බණ අහන්න ලැහැස්ති වෙනව. අවාසනාවට ගොපළු මනුස්සය පොළවට අනින කෙව්ට,බුදු බණ අහගෙන හිටපු අර ගෙම්බගෙ ඇඟ පසාරු කරගෙන ගිහින් ගෙම්බ එතනම මියැදිලා, සුරක් ගහන සැනින් ඒ ගෙම්බ මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඒ වෙලාවෙම දෙව් ලොව උපදිනව.
දෙව්ලොව ඉපදිච්ච මේ මණ්ඩුක කියන දිව්‍ය පුත්‍රය තමන්ට මෙච්ච දිව්‍ය යසසක් ලැබෙන්න කරපු කුසලය මොකක්ද කියල බලන්න තමන්ගෙ පෙර ආත්මය සිහිකරනව.බුදු බණට කන් දීගෙන ඉදල හිත පැහැදිළා පොකුණ ගාවදි මැරිච්ච ගෙම්බ තමන්ගෙ පෙර ආත්මය කියල මේ දෙවි පුත්‍රයගෙ දිවැසට පේන්න ගන්නව. ඒ වෙලාවෙම මේ මණ්ඩුක දෙවි පුතා ගග්ගරා පොකුණ ගාව ධර්මය දේශණා කරන බුදුහාමුදුරුවො බැහැදකින්න දිව්‍ය ලෝකෙ ඉඳන් මනුලොවට එනව.
ගෙම්බෙක් වෙලා හිටපු මට ඔබවහන්සෙගෙ බුදු වදනට හිත පහදාගෙන මේ තරම් දිව්‍ය සම්පත් ලැබුන නම්,ඔබවහන්සෙගෙ ධර්මය බොහෝ කාලයක් අහපු සිල්වතුන්ට මොන තරම් සම්පත් ලැබෙවිද කියල මේ දිව්‍ය පුත්‍රය බුදුපියාණන්ගෙන් විමසනව.අන්තිමට බුදු හාමුදුරුවන්ගේ ධර්ම දෙශණාව අහගෙන ඉඳල මේ මණ්ඩුක දෙවි පුතා සෝවාන් මාර්ග ඵලයෙන් නිර්වාණගාමී වෙනව.
"කුද්දක නිකාය - විමාන වත්තු පාළි-මාරථ වග්ග-මණ්ඩුක දේවපුත්ත විමානය"
ප.ලි
බුදු හාමුදුරුවන්ගෙ ස්වර මාත්‍රයට හිත පැහැදිළා මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙනව නම්, මේ ගෞතම බුද්ධ ශාසනේ පංසිල් රකින ගුණධර්ම පුරන පිංවත් අයට කොච්චර නම් පිහිටක් ලැබෙයිද! ඒ වගේම කෙළක් නැති සංසාරෙ ගැන කිසිම අවභෝදයක් නැතුව, බොරු කියන( :-) ) අකුසල් කරන, පවුකාරයින්ට කාගෙන්වත් කිසිම පිළිසරණක් කවදාවත්ම ලැබෙන එකකුත් නැතිවෙයි කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.
පලි කොටම වැදගත් මචං...
ReplyDeleteමම නම් ටිකක් කාලෙකිනුයි මේ පැත්තේ ආවෙ අයියා... මාතෘකාව දකිද්දී මතක් වුණේ ඉස්සර ටීවී එකේ ගිය මණ්ඩුක භවන... බුදු සිරිතේ තියන කෙළවරක් නැති කතා නම් හරිම ආශ්චර්යමත්....
ReplyDeleteපලි කතාව නම් සහතික ඇත්ත ...
ReplyDeleteහ්ම්ම්..
ReplyDeleteඅගනා පෝස්ටුවක්!
ජය
සම්බුදු සරණයි!
ReplyDeleteසාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි සහෝදරයා
ReplyDeleteඒ ගෙම්බාට ධර්මය නොතේරුණත් බුදුන්ගේ හඬත් එක්ක ආකාරවතී ශ්‍රද්ධාවක් උපදවා ගනිපු නිසා මේ විදිහට දෙවි කෙනෙක් වුණා වෙන්න ඕනේ..
ReplyDeleteබොහෝම හොඳ ධර්ම දානයක් අයියා :)
යේ කේචි බුද්ධං සරනං ගතාසේ නතේ ගමිස්සන්ති අපායභුමි
ReplyDeleteපහාය මානුසං දේහං දේවකායං පරිපුරස්සෙන්ති...
(මහා සමය සුත්‍රය , දීඝ නිකාය )
හොඳ ලිපියක් , තැන්ක්ස් මචං ....
එවං අචින්තියා බුද්ධා
ReplyDeleteබුද්ධ ගුණා අචින්තියා
අචින්තියේසු පසන්නානං
විපාකෝ හොති අචින්තියෝ
ආයිත් අහල ...
Delete:)
හොද ලිපියක් අයියා
ReplyDeleteසාධු සාධු සාධු....... වටිනා පොස්ටුවක් බෙදාහදාගත්තට බොහොම පින් ඈ.......
ReplyDeleteවටිනා ලිපියක් අයියා...කාලය කැප කරලා අකුරු කලාට පිං....
ReplyDeleteවටින ලිපියක් .. කස්සත් අලුත් මාර්ගයකට ප්‍රවිෂ්ථ වෙලා වගේ.. ලිපි කිහිපයක්ම දැක්ක ලෝකෝත්තර පැත්තට බර වෙච්ච...
ReplyDeleteබොහොම සන්තෝසයි
අලුත් මාර්ගයක් නෙමේ.මේ මම හැමදාම ගිය,යන මාර්ගය,උතුම් ආර්යය මාර්ගය.දැනුම බෙදා ගන්න කලින් මම ඒක එකතුකරගන්න එපෑ.ඒකයි පරක්කුව
Deleteසුපිරි ලිපියක්,..... සබ්බේ සත්වා භවන්තූ සුකිථත්වා...!
ReplyDeleteදහම බෙදීම උතුම් කියලනේ කියන්නේ. කස්සගේ වැඩේ හොඳයි.
ReplyDeleteඅහලා තිබුනේ නැති කතාවක්. කියලා දුන්නට පිං.
වටිනා පොස්ට් එකක්...
ReplyDelete---ජය---
වටිනා පෝස්ට් එකක් කස්සා මල්ලී. ජයම වේවා!
ReplyDeleteවටිනා පොස්ස්ට් එකක්.
ReplyDeleteස්තුතියි..
තෙරුවන් සරණයි .....!
ReplyDelete