Mar 20, 2019

නොපළ පොත්





අකුරු අඩු තැන්, නොගැළපෙන තැන්,
ලියූ පිටු මත තිබුන හින්දා.
පටුන කියවා,
පොතම අමතක කරදැමූ එක,
හරිද මන්දා!

Feb 13, 2019

කවි පොත




දිගහැරී තවමත් කවි පොත
ලියා කුරුටු ගෑ ඔබ ගැනම
එකඳු අකුරක් නොගැලපී
ආලයෙන් ඔත්පලව
වැලපෙයි පන්හිඳ
අනේ අසරණ කවි පොත!