
දවසක් චම්පා නුවර ගග්ගරා කියන පොකුණ ලඟ ධර්මය දේශනා කරමින් වැඩ ඉන්නව.මේ වෙලාවෙ එතැනට එන එක් දෙවි පුතෙක්,දසත බබුලුවමින් බුදු සිරිපා වන්දනා කරනව.ඉර්ධිමත් බවින්,යසසින් බබලන, මනහර රූ සපුවෙන් සතර දිශාවම එලිය කරමින්, මගේ පා වන්දනා කරන නුඹ කවුදැයි කියල බුදුහාමුදුරුවො මේ ශෝභා සම්පන්න දෙවි පුත්‍රයගෙන් විමසනව.තමන්ට මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙන්න හේතු වුන කාරණාව ගැන මේ දෙවිය ඒ වෙලාවෙ බුදුහාමුදුරුවන්ට විස්තර කරනව.(මම හිතන විදියට, මේ ගැන බුදුහාමුදුරුවො දැනගෙනම තමා අහනන් ඇත්තෙ. අර චත්ත මානවක කතාවෙ වගේ)
කතාව මෙහෙමයි...

දෙව්ලොව ඉපදිච්ච මේ මණ්ඩුක කියන දිව්‍ය පුත්‍රය තමන්ට මෙච්ච දිව්‍ය යසසක් ලැබෙන්න කරපු කුසලය මොකක්ද කියල බලන්න තමන්ගෙ පෙර ආත්මය සිහිකරනව.බුදු බණට කන් දීගෙන ඉදල හිත පැහැදිළා පොකුණ ගාවදි මැරිච්ච ගෙම්බ තමන්ගෙ පෙර ආත්මය කියල මේ දෙවි පුත්‍රයගෙ දිවැසට පේන්න ගන්නව. ඒ වෙලාවෙම මේ මණ්ඩුක දෙවි පුතා ගග්ගරා පොකුණ ගාව ධර්මය දේශණා කරන බුදුහාමුදුරුවො බැහැදකින්න දිව්‍ය ලෝකෙ ඉඳන් මනුලොවට එනව.
ගෙම්බෙක් වෙලා හිටපු මට ඔබවහන්සෙගෙ බුදු වදනට හිත පහදාගෙන මේ තරම් දිව්‍ය සම්පත් ලැබුන නම්,ඔබවහන්සෙගෙ ධර්මය බොහෝ කාලයක් අහපු සිල්වතුන්ට මොන තරම් සම්පත් ලැබෙවිද කියල මේ දිව්‍ය පුත්‍රය බුදුපියාණන්ගෙන් විමසනව.අන්තිමට බුදු හාමුදුරුවන්ගේ ධර්ම දෙශණාව අහගෙන ඉඳල මේ මණ්ඩුක දෙවි පුතා සෝවාන් මාර්ග ඵලයෙන් නිර්වාණගාමී වෙනව.
"කුද්දක නිකාය - විමාන වත්තු පාළි-මාරථ වග්ග-මණ්ඩුක දේවපුත්ත විමානය"
ප.ලි
බුදු හාමුදුරුවන්ගෙ ස්වර මාත්‍රයට හිත පැහැදිළා මේ වගේ දිව්‍ය සම්පත් ලැබෙනව නම්, මේ ගෞතම බුද්ධ ශාසනේ පංසිල් රකින ගුණධර්ම පුරන පිංවත් අයට කොච්චර නම් පිහිටක් ලැබෙයිද! ඒ වගේම කෙළක් නැති සංසාරෙ ගැන කිසිම අවභෝදයක් නැතුව, බොරු කියන( :-) ) අකුසල් කරන, පවුකාරයින්ට කාගෙන්වත් කිසිම පිළිසරණක් කවදාවත්ම ලැබෙන එකකුත් නැතිවෙයි කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.