කරදියෙන් එහා මගේ ලෝකය
පැලැස්ත
ඔහේ ලියවෙන කතා
කවි මතක
කෙටි කතා
පරිවර්ථන
බුදුදහමින් බිඳක්
මගේ ජීවිතය
Jul 26, 2011
සුදු ගෑනූ
අබ ඇට වගේ පුපුරණ තෙල මතදි උණූ
කට වාචලට දොඩවන උඩ රට ගෑනූ
දන බිම ඔබා පිදුවත් සුන්දර මූණූ
මතුවට එපා කට කුණු වුන සුදු ගෑනූ
Jul 20, 2011
දන් දෙන්න තිබ්බ ඇස් දෙක අනූ නවයට බේර ගතිමි!
ඊයේ මහා කරුම දවසක්.උදේ පාන්දරම සතියක් පරන වුනු deep fryer machine හතරක් ම එක හුස්මට හෝදන්න වුනා.එක හරියට කොළඹ පොදු වැසිකිලි වලක් සුද්ද කරනවටත් වඩා අන්ත වැඩක්
.
ඒ අස්සේ වැඩ්ඩ වගේ දිලිසෙන්න මුවහත් කරපු මගෙ පිහියටම එලවළු කපන්න ගිහින් අතේ පලුවක්ම ගියා.
අඟහරුවාද දවස නිසා ඩිනර් එක මම ග්රිල් එකේ,ඉතින් එච්චරම වැඩ තිබ්බේත් නැ.පාසින් කරන ඔසි චෙෆා උදේ ඉදලම කුඩ්ඩ ගහල අවිත් ආත බූත නැතුව පිස්සු කෙලිනව.ඌව කතාවට අල්ල ගත්තොත් බට කැලේට ගිනි ගත්ත වගේ තමයි. ඉතින් වෙන කරන්න ම දෙයක් නැති නිසා මාත් එක්කම වැඩ කරන මගෙ යාලුවො දෙන්නත් එක්ක ඔය එක එක ඔප දූපයි,වැඩ කරන්න එන කෙල්ලො ගැනයි,සිකුරාද හැප්ප්ලිලා මැරිච්ච් බ්රිස්ටො එකේ වැඩ කරන "හැනා" ගැනයි, වල් පල් දොඩව දොඩව ඉන්න එක තමා කලේ.
ඔන්න ඔය අස්සෙ ආව එක ඩොකට් එකක්.සැමන් එක කුයි තව මොනවදයි.ලොක්ක කියපු විදියට මාලු කැල්ල තාච්චියේ ඇලෙන්නෙ නැති වෙන්න නම් ඉස්සෙල්ලම තාච්චිය හොඳට රත් වෙන්න ඕනෙ.ඊට පස්සෙ තමා තෙල් දාන්න ඕනෙ.තෙලුත් හොඳට රත් වෙන්න ඕනේ.හරි දැන් ඔය ඔක්කොම කලා කියමු කො.
ඔන්න දැන් සැමන් කැල්ල තාච්චියට දැම්ම.
චොස්..........
හොඳටම රත්වෙලා තිබ්බ ඔලිව් තෙල් තලියක්ම මගෙ මූනෙ.හටියටම වම් පැත්තෙ ඇහැට.උනේ මොනවද කියල හිතාගන්න බැරි උනා.හැබැයි වාසනාවට ලඟ තිබුනු ටැප් එකට මූන ඇල්ලුව.අපේ උන් දෙන්නම සියළුම වැඩ දාල මා ගාව.උන් හොඳටම බයවෙලා.තත්පරෙන් දශම ගානකට කලින් මගෙ ඇහි පිහාටුව වැහිනු නිසා පොට්ටයෙක් නොවී බේරුනා.ඒත් මුලු රැම අයිස් තියාගෙන තමා වැඩකලේ.
දන් දෙන්න හිතාගෙන ඉන්න නිසා ඇස් දෙක බේරුනා.දැන් නම් ඇහැ වටේ ම කලු වෙලා.හරියට මෝටාර් එකක් වැදිච්ච් පරන වරිචිචි බිත්තියක් වගේ.
මොනව නැතත් කස්සගෙ තනි ඇහැට සිරාවටම
ඇ
ඩෙනව තාමත්.
Jul 11, 2011
සටන
කැහුටු බැල්ලක්
සමග සටනක
ජීවිතය වැරදුනු
නාකි හීරලුවෙක්
Jul 10, 2011
උඹ නිදහස්
මිලින වී යන
මල නුඹ නිදහස්
අද මම ලිහුවා
මෙතෙක් කාලක්
මම නුඹට දුන්
සේලයින් බෝතලය
දැන් ඉතින් පලයන්
ඔය පවුකාර
මල් ඉත්තෙන් මිදී
අලුත් ජීවයකට
Jul 2, 2011
අනේ පිනිබිඳු!
ගොඩ කාලෙකින් මෙහෙම අදහසක් ආවේ.මුලු රැම නිදිමරල පාඩම් කරල exam එකට යනගමන් බස් එකේදි නිදි මරගාතෙ ආපු අදහසක්.
මල් පෙත්තක් පිනිබිඳුවලට කී කව.
වැටෙන තරමට රැඳෙන්නෙත් නැති
රැඳෙන බිඳු බිඳු ගනින්නත් බැරි
නපුරු හිරු දැක නොකර මැසිවිලි
අනේ පිනිබිඳු කරමු පෙම් කෙළි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)