හැපි
හැපී
අතු ඉති
ගොහොරු
පරඬැල්
වැටී
උස් කඳු
ශිකර
මුදුනින්
බිඳී සියොලඟම,
නවතා
මග
මිරිකා
විභවය
සූරා
යටිබඩ
ඉතුරු වූ
සාරය
මුසුවී
පල් වතුර
මල මූත්‍ර
ඉඳුල්, කුණු
සායම්
වියපත්ව
අසරණව
මුවදොරට
ගලන
ගඟ!
හැපි
හැපී
අතු ඉති
ගොහොරු
පරඬැල්
වැටී
උස් කඳු
ශිකර
මුදුනින්
බිඳී සියොලඟම,
නවතා
මග
මිරිකා
විභවය
සූරා
යටිබඩ
ඉතුරු වූ
සාරය
මුසුවී
පල් වතුර
මල මූත්‍ර
ඉඳුල්, කුණු
සායම්
වියපත්ව
අසරණව
මුවදොරට
ගලන
ගඟ!
තව ටිකක් ලංවෙන්න - ඉඟටියෙන් අල්ලන්න
ප්‍රේමයෙන් මුසපත්ව - දෑත් පටලා ගන්න
කාචයේ සොඳුරු තැන - දෙදෙනාම හසුවෙන්න
පුංචි පියවර දෙකක් - ප්ලීස් පස්සට යන්න
〜〜〜
වෙඩ්න් එක දවසයිද - එකයි විසිපන්දහයි
වීඩ්යොත් කරනවද - පැකේජය හැටදහයි
ප්‍රී ශූට් අවශ්‍යද - තවත් විසි පන්දහයි
ඇල්බමය හැට දහයි
රාමුකල පින්තූර - වලට තව තිස් දහයි
දෙවෙනි ගමනක් එහෙම
ප්ලෑන් කරලා නැද්ද
එහෙම වුනොතින් තවත් - හැත්තෑ පන් දහයි
〜〜〜
මේ දවස්වල නැකැත් - බොහොම වැඩි කාලයක්
දවස ගානෙම අපිට - වෙඩින් වැඩ කෝටියක්
කලර් එඩිටින් කරන - මල්ලිටත් මළ ගෙයක්
කලින් ජොබ් දෙක තුනක - ඉවර නෑ බාගයක්
ෆොටෝ ෆිනිෂින් එකට - දෙන්න තව කාලයක්
ඔය හිටිය වගේ තව - ඉවසන්න මාසයක්
〜