Nov 16, 2021

කලු වලාකුලු

 

 

 කලු වලාකුලු අහස වටකර
ගොරව ගොරවා වහින දවසට
කඩිසරව සිටි නපුරු බිඟු කැළ
ශාප දෙනවා අඳුරු අහසට
නොහැකි බව දැන රොන් පුරන්නට

නියඟ සැර වැද රිදුන පොළොවට
පාට මැලවුන රෝස පඳුරට
එකම එක දිය බිඳක සිසිලස
වටින තරමක් නොදැනෙනා හැඩ
කලු අහස යට හඬන බිඟුනට

Related Posts Plugin for WordPress, Blogger...