රුවන් සහ කාන්චනාගේ විවාහයේ පළමු සංවත්සරය නිමා වූයේ මීට හරියටම සතියකට පෙරය. විදේශ ගතව බොහෝ කාලයක් ගෙවී තිබුනත් ඔහු කරන රැකියාව වෙනස් වී තිබුනේ වත්, සිය බිරිඳගේ මෙවැනි කෑගසීම වල අඩුවක් වත් දක්නට නොලැබින.රෑ දෙගොඩහරියට ගෙදර ගොඩවෙන ඔහු මුලු දවසම ගෙවා දමන සිය ෆැක්ටරි රස්සාවෙන් හෙම්බත් වී සිටියේය.ඒ ඔහු කරන රැකියාවට ඇතිවී තුබූ කලකිරීමට වඩා හැමදාමත් රෑට ඇසෙන සිය බිරිඳගේ කං කරච්චලයට පිළිකුල් කළ නිසා වෙනි.
"කාචි..මිනිහෙක් වැඩකරල ගෙදර එන්නෙ හොදටම හෙම්බත් වෙලා.ඒ වෙලාවට ඒ මනුස්සය තමන්ගෙ ගෑනිගෙන් බලාපොරොත්තු වෙන්නෙ හිත පිරෙන්න හිනාවකුයි, උණු උණුවෙම තේ කෝප්පෙකුයි.ඒකටත් හරියන්න ඔයා..
මම හැමදාම කියනව විනාඩි පහක් දහයක් පරක්කු උනාම දුම්මල වරම අතට ගන්න එපා කියල.දන්නවනේ දැන් කෝච්චිවල තත්ත්වෙ.හැම දාම මොකක් හරි එකක්."
සතියකට වරක් හෝ දෙවරක් සිදුවෙන දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර මෙවැනි කල කෝලාහල සුලබ විය.රුවන් හා කාන්චනා අතර වසර ගනනාවක සිට පැවති ආදර සම්බන්දතාවය අවසාන වූයේ පසුගිය වසරේදී සිදුවුන විවාහයෙන් පසුවය.කජු කිරි කොල්ලන් කාලයේ සිට කාන්චනාට පෙම් බැඳි රුවන් සිය උසස් පෙළ අවසාන වෙනවාත් සමගම විදෙශ ගතවීමට තීරණය කළේ පවුලේ වැඩිමලා හැටියට ඔහු ඉදිරියේ කර ගැසීමට ඇති බර කන්දරාව හේතුවෙනි.වසර කිහිපයක් බොහේ වෙහෙස මහන්සියෙන් උපයා ගත් සොච්චමද අතැතිව රුවන් සිය විවාහ ජීවිතය ආරම්භ කළේ මහමේරුව තරම් වූ බලාපොරොත්තු ගොන්නකුත් සමගය...
"නංගිව කසාද බන්දන්න තියනව...අම්මලට ඉන්න තැනක් නෑ.ඒ දෙන්නට මොකක් හරි පැළක් අටවල දෙන්න ඕනෙ,ඒ මදිවට වෙච්ච ණය කන්දරාව."
මෙවැනි ප්‍රශ්ණ නිතමට ඔහුගේ හිතර වද දුන්නත් ටික කාලයක සිට කාන්චනාගේ මේ වෙස් පෙරලීම නිසා ඔහුගේ බලාපොරොත්තු ඟඟට කැපූ ඉණි මෙන් නිශ්ඵල විය.
ලොක්කාට නොවඳිනා වැදුම් වැඳ රජකාරී වෙලාව අඩු කරගත් රුවන් වෙනදාටත් වඩා සතුටින් නිවසට ඒමට පිටත් විය.
"අද නම් කනක් ඇහිල ඉන්න පුලුවන්.වෙනද වෙලාවට කලින් ගෙදර යාගත හැකි."
සතුට වැඩිමකට දෝ, වැඩපළ අසලම තිබුනු ග්‍රොසරියෙන් කාන්චනා කැමතිම බාස්කින් රොබින්ස් අයිස් ක්‍රීම් කිහිපයක් ගැනීමටද ඔහු අමතක නොකළේය.
"ආ.....ආවද?වෙලාව කීයද බලනව..දැන් 10.30 යි.තමුසෙ පැය බාගයක් කලින් ඇවිත්.මෙච්චර කාලයක් මම කෑ ගැහුවෙ ඕකට තමයි.තමුසෙ එන ගමන් තවත් කාට හරි සැපක් දීගෙන නේද එන්නෙ.මූසලය! මගෙ ජීවිතේම කෑව.ඒ මදිවට ජරාවත් අරගෙන ඇවිත්.මේව ගෙනාවෙ මාව ශේප් කරගන්න වෙන්න ඇති නේද?කෝ දෙනව ඕක මෙහාට.."
රුවන් නොසිතූ ලෙස කතාව කනපිට හැරුනි.අයිස් ක්‍රීම් පලමකට කාන්චනා දක්වන කුඩා ලෙන්ගතු කමවත් රුවන්ට නොලැබීම ගැන ඔහු බොහෝ සෙයින් පසුතැවිලි විය.එදා රාත්‍රිය ඔහුට බොහෝ දිගු, මූසල රාත්‍රියක් වුනි.
තවත් දවසක් උදාවිය.පුරුදු ලෙසම හිරු නැගෙන්නත් කලියෙන් රැකියා කරා දුවන සුදු මිනිසුන් ගොන්නට, හිත පොඩි පට්ටම් වී ගිය මේ කලු මිනිසාද එකතු විය.
දිගු රැකියා කාලයකින් පසු වැඩ අහවර වී වෙනදා මෙන් තමන් සමග එකම දුම්රියෙන් යන රුවන් තමා පසුකර යෑම ගැන රුවන්ගේ සගයාට ඇතිවූයේ සැකයකි.
"මචං රුවන්, උඹ ඔය කොහෙද යන්නෙ...අද ගෙදර යන්නෙ නැද්ද?"
"නෑ බං මට පොඩි ගමනක් යන්න තියනව.උඹට අද තනියම තමයි ගෙදර යන්න වෙන්නෙ."
එසේ කී ඔහු ෆැක්ටරිය අසල ඇති තැබෑරුම දෙසට හැරුනි.
ඔය වගේ දේවලුත් වෙන්න බැරි නෑ බං...
ReplyDeleteඔය ඕන තරම් වෙන්නෙ මචන්
Deleteහෆ්ෆෝයි!!!!! එතකොට වරද කාගෙද????
ReplyDeleteකාගේද ඉතින් :)
Deleteහික්....දීල තියෙනෙන් උත්තරේ
Deleteහපොයි දෙවියනේ. අපරාදේ රුවන්...ඇත්ත කතාවක් නෙමේ නේද? ඇත්ත කතාවක් නම් එයාලට වැඩිහිටියන්ට කියලා බලන්ට තිබුනා. විශේෂයෙන් කාන්චනාගේ අම්මට.
ReplyDeleteඇත්ත කතාවක් නෙමේ කියන්නත් බෑ.පොඩි පොඩි තැන් ඇත්ත.මුලු කතාවම නෙමේ හැබැයි.
Deleteඅපොයිමෙහෙමත් ගෑණු..
ReplyDeleteඒක නේ මචන්..
Deletemehema ayata nam ahu wenna epaa hondee....
ReplyDeleteහොඳයි හොඳයි...
Deleteරුවන් විහිං පරාදයි!
ReplyDeleteරුවන් වගෙ පරාද වෙච්ච ජීවිත ඕන තරම් තියෙන්නේ මචන්
Deletegedarata wasanawa genneth winase genneth bariyawa thama
ReplyDeleteමේක වදක බාරියෙක්
Deleteමෙතන වරද සම්පූර්ණයෙන්ම භාර්‍යාව අතේ කස්සා කියන ලෙස රුවන් හොඳ කෙනෙක් නම්. මේ වගේ හැසිරෙන අය දැන් ගොඩක් අඩුයි නෙ කස්සා. අනේ මන්දා අපේත් ඉන්නවා අළුත් ජෝඩුවක් . එයාල නම් මම කල වැරදිවත් කරන්නෙ නෑ. දැන් ඉන්න දුවල හැමෝම මෙහෙම නෑ. එයාගෙ අම්මා කියල දෙන්න එපායැ කොහොමද? ස්වාමියාට සලකන්නෙ කියල.
ReplyDeleteඔයාගෙ කතාව ඇත්ත චන්දි අක්කේ....
Deleteහ්ම්ම්ම්.. සම්පූර්ණ වරද කාන්තා පක්ෂයට
ReplyDeleteමෙතනදි එහෙමයි
Delete"බෝතලේ ඔබ නොවේදෝ මගේ පපුවේ ගිනි නිව්වේ" කියන්නේ ඉතින් ඊට පස්සේ තමා
ReplyDeleteවිහිළුවට නෙමේ එහෙම කියල තියෙන්නෙ
Deleteමිනිසෙක් වෙනස් වීමටත් ගැහැනියක් වෙනස් වීමටත් කොතැනක හෝ සිද්දියක් ඇත. එත් හවසට බොන පිරිමියාට සමාජය විසින් ඇඟිල්ල දිගු කරන්නේ සමාජෙට පෙන්නේ බේබදු පිරිමියා විතරයි. ගැහැනියගේ පැත්තෙනුත් ඒ වගේ තමා.
ReplyDeleteඅපි බෙබද්දො කියන කීදෙනෙක්ට මේවගේ ප්‍රශ්ණ ඇත්ද?
Deleteඇත්ත කතාවක්ද කස්සෝ.. මොනා උනත් කියන්න තියෙන්නේ අපාරාදේ ජීවිත දෙකක්...
ReplyDeleteඇත්ත කතාවක් නෙමේ මචන්, ඒත් පොඩ් පොඩි අත්දැකීම් එක්ක ලියපු එකක්!
Deleteඅනේමන්ද ඉතින් කලකිරෙනවා...
ReplyDeleteගොඩක් ජීවිත මෙහෙම තමයි.
DeleteOyada ayya kassaD kiyanne.. oyagei dollygei kawi issara hamadama kiyewwa.. eth dan kawuruth active widiyata kawi liyanne nehe.. man ada thamai issellama me blog ekata awe.. okkoma kiyewwa.. hithagannath behe wage..
ReplyDeleteඅතීතය සිහිනයක් පමනයි සැබෑ සුවඳක් නෑ
Deletehmm.. feel sorry for u bro.
Deletekeep it up ur good work :)
සැකේ තමයි හුගක් වෙලාවට හෙනේට හිටින්නේ ...
ReplyDeleteහරියටම හරි මචන්.සැකේ කියන රෝගෙ හැදුනොත් ඒක කෙළවර වෙන්නෙ ලොකු ප්‍රශ්ණ වලින්
DeleteDan dolly ko?
ReplyDeleteඔයා ඩොලීද කියලත් මට සැකයි
DeleteAi mehema wenne?
ReplyDeleteකස්සා උබේ ලව් හුට පටේ ගැන ලියහන්කෝ උබ වටින් ගොඩින් කියල ෂේප් වුනාට ඒ ගැන හරි විස්තරයක් දැම්මේ නෑනේ.
ReplyDeleteඋඹ කවුද කියන්න මම දන්නෙ නෑ හැබැයි නැතිවෙච්ච,නැති කරගත්ත දේවල් ගැන පසුතැවෙන එක මම නතර කරල ගොඩක් කල්..
Delete