හීතලට පිනි වැටෙන
සඳු දිනක පාන්දර
නිම්නයේ කඳු අතර
නිම්නයේ කඳු අතර
පිපීගෙන හිනැහෙන්න
යාන්තමට ඇස් ඇරපු
යාන්තමට ඇස් ඇරපු
ලා පාට රෝස මල
උදුරගෙන ගෙන ගියා
උදුරගෙන ගෙන ගියා
ඈත දුර සුර ලෝකෙ
මාලිගාවේ මිදුලේ
මාලිගාවේ මිදුලේ
මල් වත්තෙ හිටවන්න
හැමදාම ආදරෙන්
දුර ඉඳන් බලා හිටි
වලාකුළු වියලුනා
රෝස මල නැති දුකට
හැමදාම ආදරෙන්
දුර ඉඳන් බලා හිටි
වලාකුළු වියලුනා
රෝස මල නැති දුකට
හිතේ දුකට කියැවෙන කවි.
ReplyDeleteලස්සන කවි සංකල්පනාවක්!!!
දුකනම් තමයි තාම.ඒක කවමදාවත් නැතිවෙන එකක් නෑ
Deleteලස්සනයි කස්සා...
ReplyDeleteස්තුතී මචන්
Deleteහරිම සංවේදීයි..හැඟීම් බරයි. ඇස් වලට කඳුළු ලං කරන තරමටම..
ReplyDeleteස්තුතී
Deleteදුර ඉඳන් ආදරේ....
ReplyDeleteකල හැමොටම උනේ....
වේදනා උහුලන්ට.!!!
හරියටම හරි
Deleteහ්ම්ම්ම්ම්, තවත් අහිමි වීමක් නේ...
ReplyDeleteමිනිස්සුට ජීවිතේ අහිමිවීම් වැඩී
Deleteඇගේ සුවඳ සසර පුරා ඔබ ලඟම රැදේවා
ReplyDeleteමල්ලියෙ හිත හදා ගන්න දහමේ පිහිට ලැබේවා
ඇතිවන හැමදේ කෙදිනක හෝ නැතිවන බව දැනේවා
පින් පුරවා සංසාරේ ඇයට නිවන ලැබේවා
ගොඩක් උත්සහ ගන්නව චන්දි අක්ක
Deleteහ්ම්ම්.. කවි පෙලනම් ලස්සනයි වගේම සංවේදියි..
ReplyDeleteස්තුතී මචන්
Deleteමේ පද ටික නම් වැඩක් නැහැ කතා කරලා..........අපූරුම අපූරුම අපූරුයි!
ReplyDeleteසංවේදියි!!! ලස්සනයි!!!!
ReplyDeleteස්තුතී ඔයාට
Deleteරෝස මල කොහේ හරි ලස්සනට ඉන්නවා නොවැ
ReplyDeleteඑහෙම හිතමු
Deleteසුර ලොවේ මල් උයනේ
ReplyDeleteසුපිපි රතු රෝස මල
විහිදාවි මුළු ලොවට
සුවඳ නම් ආදරය..
සදාකල..
සංවේදී සටහනක්..!
ස්තුතී ඔයාටත්
Delete:( :(
ReplyDeleteහ්ම්...
Delete