Sep 5, 2012

රැගෙන ගිය රෝස මල




හීතලට පිනි වැටෙන
සඳු දිනක පාන්දර
නිම්නයේ කඳු අතර
පිපීගෙන හිනැහෙන්න
යාන්තමට ඇස් ඇරපු
ලා පාට රෝස මල
උදුරගෙන ගෙන ගියා
ඈත දුර සුර ලෝකෙ
මාලිගාවේ මිදුලේ
මල් වත්තෙ හිටවන්න
හැමදාම ආදරෙන්
දුර ඉඳන් බලා හිටි
වලාකුළු වියලුනා
රෝස මල නැති දුකට



23 comments:

  1. හිතේ දුකට කියැවෙන කවි.
    ලස්සන කවි සංකල්පනාවක්!!!

    ReplyDelete
    Replies
    1. දුකනම් තමයි තාම.ඒක කවමදාවත් නැතිවෙන එකක් නෑ

      Delete
  2. ලස්සනයි කස්සා...

    ReplyDelete
  3. හරිම සංවේදීයි..හැඟීම් බරයි. ඇස් වලට කඳුළු ලං කරන තරමටම..

    ReplyDelete
  4. දුර ඉඳන් ආදරේ....
    කල හැමොටම උනේ....
    වේදනා උහුලන්ට.!!!

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්, තවත් අහිමි වීමක් නේ...

    ReplyDelete
    Replies
    1. මිනිස්සුට ජීවිතේ අහිමිවීම් වැඩී

      Delete
  6. ඇගේ සුවඳ සසර පුරා ඔබ ලඟම රැදේවා
    මල්ලියෙ හිත හදා ගන්න දහමේ පිහිට ලැබේවා
    ඇතිවන හැමදේ කෙදිනක හෝ නැතිවන බව දැනේවා
    පින් පුරවා සංසාරේ ඇයට නිවන ලැබේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් උත්සහ ගන්නව චන්දි අක්ක

      Delete
  7. හ්ම්ම්.. කවි පෙලනම් ලස්සනයි වගේම සංවේදියි..

    ReplyDelete
  8. මේ පද ටික නම් වැඩක් නැහැ කතා කරලා..........අපූරුම අපූරුම අපූරුයි!

    ReplyDelete
  9. රෝස මල කොහේ හරි ලස්සනට ඉන්නවා නොවැ

    ReplyDelete
  10. සුර ලොවේ මල් උයනේ
    සුපිපි රතු රෝස මල
    විහිදාවි මුළු ලොවට
    සුවඳ නම් ආදරය..
    සදාකල..

    සංවේදී සටහනක්..!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...