ඉස්සර
වෙලාම අපි මේ ලෝකෙ එලිය දැක්ක දවසෙ ඉඳල අපිට එක එක චරිත මුනගැහෙනව. ඒ අයගෙන් මුලි න්ම හම්බවෙන දෙන්න තමයි අපේ අම්මයි තාත්තයි.සහෝදර සහොදරියො වගේම
නෑදැයො ඊට පස්සෙ මේ කට්ටියට එකතු වෙනව.ඊට පස්සෙ අපිට තවත් ගොඩක් වටින ,වැදගත් කට්ටියක් මුනගැහෙනව.ඒ තමා යාලුවො. සමහරවිට අපිට ජීවිත කාලෙම හැම දෙයක්
ම බෙදා
ගන්න පුලුවන් ගොඩක්
හොඳ යාලුවො මුන ගැහෙනව.හැබැයි
ඒකෙ අනිත් පැත්තත් ඒවගෙම තමා,මූනට හිනා
වෙලා පස්සට පිහියෙන්
අනින අයත් මේ ගතකරපු ජීවිත කාලෙදි අපිට මුන ගැහිල ඇති.
මගේ ජීවිතෙ
නම්,ඒ කියන්නේ ලංකාවෙ ඉන්න
කාලෙ, බඩ බැදගෙන යාලුවො ආශ්‍රය
කලා.ඒ පුරුද්ද මෙහෙ ආවමත්,ඒ කියන්නෙ
කැන්ගරුවො ඉන්න රටට ආවමත් වෙනස් වුනේ නෑ.හැබැයි වැඩි කල් යන්න ඉස්සරවෙලා,දුක සැප බෙදා ගන්නව කෙසේ වෙතත් වෙලාව ආවම අර මුලින් කිවුව
වගේ පස්සට පිහියෙන් අනින කට්ටිය ගොඩක් වැඩි බව නම් හොඳට අඳුර ගත්ත. ඒ වගේ අසත්පුරුශයො
අස්සෙ හොඳ බොකු තියන කිහිප දෙනෙකුත් මට අඳුර ගන්න ලැබුන.ඒ අය අතරින් එක්කෙනෙක් ගැන
තමා මේ කියන්න යන්නෙ.
එක කාලෙක,ඒ කියන්නේ මීට අවුරුදු හතරකට විතර උඩදි,රැයක් දවාලක් බලන්නෙ නැතුව එක
හුස්මට පිස්සෙක් වගේ
වැඩකරපු කාලෙ, විනෝදෙට සෙට් වෙන්න
ගොඩක් යාලුවො හිටියත් ,දෙදහස් හතේ අන්තිම
කාලෙ ලංකාවට ඇවිත් ගියාට පස්සෙ මම කර කර හිටපු හැම ජොබ් එකක්ම නැතිවෙලා දවසට එක වේලක් කකා හිටපු වෙලාවක ඉස්සර මාත්
එක්ක මගෙ කාමරේ බෙදාගෙන ජීවත් වෙච්ච එකෙක් හිටිය,ඌ තමා රංග.
"ඉඳා මචන් මේක තියා ගනින් මෙතන ඩොලර් පනහක් තියනව."
වේලකට රොටි කකා බඩගින්නේ හිටපු කාලෙක ඉඳල හිටල මාව බලන්න ආපු රංග, කීයක් හරි මගේ අතින් තියල යන්න අමතක කලේ නෑ.
කොහොම හරි මාස
දෙක තුනක් යනකොට සතියකට එක දවසක් හවස් වරුව විතරක් වැඩ කරන්න මට ජොබ් එක්ක හොයල දුන්නෙත් රංග.සුපර්
මාකට් පිරිසිඳු කරල තිබ්බට,ටොයිලට් හෝදල
තිබ්බට,කුස්සියක වලං හෝදන
රස්සාවක් මීට කලින් මම කරල තිබුන නැති නිසා,උගෙ රස්සාවෙන් දවසක් මට දීල,වලං හෝදන හැටිත් කියල දෙන්න තරමට ඌ නිහතමානී
උනා.
ටික කාලයක්
යනකොට,ලොකු චෙෆාට නොවඳිනා
වැදුම් වැඳල සතියට දවස් දෙක තුනක් වැඩ කරන්න හදාගත්තත් ඒ කාලෙ වෙනකොට කරපු අනිත් රස්සාවල් වලට
වඩා මේක ටිකක් අමාරු රැකියාවක් බව නම් මට හොඳටම තෙරිලා තිබුනෙ.හවස පහ මාර වෙනකොට වැඩ පටන්
අරගෙන රෑ දහය එකොලහ වෙනකම්ම එක හුස්මට ඉඳුල් ගොඩේ බැහැල ඉඳල අනිතිමට එකතුවෙන
කුනුත් විසිකරල තමා ගෙදර එන්නෙ.ඒ වෙන කොටත් මුලු සරුවාන්ගෙම ඉඳුල් වතුරෙන් තෙත් වෙලා.ගෙදර
ඇවිල්ලත් කරන්නෙ වොශ් එකක් දාගෙන මායිය එක්ක කතා කරන එක.ගෙදර එන වෙලාව පොඩ්ඩක් හරි
එහෙ මෙහෙ උනොත් එයා බෙලිකටු මල්ල හොල්ලනව.
ඔය කාලෙ දවසක්
මම වැඩකරන තැන පින්තූරයක් ගත්ත,ඒක ගත්තෙම
පරක්කුවෙලා ආවම මා එක්ක ජල්ලි අල්ලන කෙනාට පෙන්නන්න.
"බලනව මම කරන
ජොබ් එක,පොඩ්ඩක් පරක්කු උනාම
මල අතට ගන්න එපා.
 |
මේ තියෙන්නෙ ඒ පින්තූරෙ |
"හපෝ මෙතන වලං
පොඩ්ඩනෙ තියෙන්නෙ"
ඒ තමා මට මායියගෙන් ලැබුන උත්තරේ
කාලයක් යනකොට
මාත් රංගත් වලං හෝදපු හෝටලේම චෙෆ්ල දෙන්නෙක් වුනා,ලූනු කැපිල්ලෙ ඉඳල ඉගෙන ගන්න තියන හැම
දෙයක්ම ඉගෙන ගත්ත.අද
වෙනකොට සමහර දවස් වලට මුලු කුස්සියම මට බාරදීල ලොක්ක ගෙදර යන වෙලාවල් තියනව.
හැබැයි
අවාසනාවකට මාත් එක්ක අවුරුදු දෙකකටත් වඩා මේ කුස්සියෙ ගිනි රස්නෙත් එක්ක ඔට්ටු
වෙච්ච් රංගයට ජොබ් එක ඇතැරල යන්න වුනා.ඒක උගෙ වැරැද්ද.
එකට සෙට් වෙලා
ඔසි කෑලි ටොක් කරපු,ලොක්කට හොරෙන් කට්ලට්,කොත්තු රොටි හදාගෙන කාපුව වගෙම ඔලුවෙ කොච්චර ප්‍රශ්න
තිබ්බත් අපි හයියෙන්
කුනුහරුප කිය කිය කුස්සියෙ පිස්සු නැටුව.උඹයි මමයි,සිගයි,ජනියයි අපි සිංහලයො
හතර දෙනෙක් වලං
හෝදන තැනින් පටන් අරගෙන කැන්ගරුවන්ගෙ
හෝටලයක් රන් කරන්න හිතාගෙන
හිටපු හීනෙ
නැතිවුනා.
උඹට කෑල්ලක්
සෙට් වෙන කාලෙම
මටත් එකක් සෙට් වුනා,උඹව කෑල්ල දාල
යන කොට මට මගෙ කෑල්ලව දාල යන්න වුනා.මිනිස්සු අපේ ජීවිත වලට එනව යනව.ඒත් උඹ මා එක්ක හිටිය.උඹ ජොබ් එක දාල ගියා.මට මගෙ දකුණු අත නැතිවුනා
මචං.