Dec 30, 2011

ඩිඩීට ලියමි

කාත් කවුරුත් නැති 
ඔයා බලන්න එන්න
ගිය මාර්තුවේ මම ගත්තු 
සුවඳ විලවුන් බෝතලේ
කාලයක් තිස්සෙ අතෑලර දාපු 
මගේ කාමරේ මේසෙ උඩ
හැමෝටම අමතක වෙලා
හරියටම කිවුවොත් 
මගේ හුස්මත් අඳුරපු 
ඔයාට අමතක වෙච්ච 
මගේ හිතවගේ

7 comments:

  1. අලුත් අවුරුද්දෙ නම් ඔය ඈඬිලි තියාගන්න එපා කස්සා....

    මෙන්න මෙහේ අපිට එවපං ඔය සැන් කුප්පිය...

    ReplyDelete
  2. හික්ස්ස්ස්ස්ස්ස්ස්.....මට හිනා ගියෙ උඩ තියන කොමෙන්ට් එකට...!!
    අලුත් අවුරුද්දෙ ඕව ගැන හිතන්න එපා අයියෙ....ඉන්නකො මේ මම වගේ...වැඩිපුර සබන් පෙන ටිකක් දාල ඔලුව හෝදගෙන හොඳ ජෙල් එකක් දාල පීරගෙන කිටක් ගහල යන්නකො රවුමක්..! නත්තල් ඉවර වෙන්නෙ නෑ අනේ...තව එනවා....!!!!!

    ReplyDelete
  3. ගියදේ ගියාවේ...අනිවා..ලියපං..ඒල කවියක්...සතුට පිරුනු...සුබ අලුත් අවුරුද්දක් මචං

    ReplyDelete
  4. අයියෙ ඇයි මගෙ කොමෙන්ට් එක මකල දාල තියෙන්නෙ..?

    ReplyDelete
  5. @මාලු
    එක කෙල්ලො ගාන එකක් මචන්.ඒත් ඒක දැන් ලංකාවෙ.

    @raj
    උබටත් එසේම වෙවා මචන්

    @වින්චැට් නගා
    මේ මගෙ ඔලුවට නිකන් ආපු අදහසක් නංගි.විරහව කියන නහරෙ මම කපල දාල ගොඩක් කල්.

    @වින්චැට් නගා
    මැකුවෙ නෑ නගෝ ඒක ස්පෑම් වෙලා.මම මේ දැන් ගෙදර ආවෙ.ඔන්න හැදුව

    ReplyDelete
  6. අපූරු කවිය මචං... මාළුගේ කමෙන්ට් එක තමයි නියම...

    ReplyDelete
  7. දෙසරයක්ම කියවන්න හිතුන..නිකම්ම නිකන් සිතුවිල්ලක් වෙන්න බැහැ.;ඔකක්ද ජෝරා සිඉන් එක හික් හික්..

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete