හවස පහමාර විතර කියන්නෙ හාමුදුරුවරු තේ බොන වෙලාව.කියව කියව ඉන්න පොතත් පැත්තකින් තියල, මමත් සාමනේර උන්නාසෙත් යනව දාන ශාලාව පැත්තට.උන්නාන්සෙලට වතුර රත් කරන්නයි අනිත් කලමන ලැස්ති කරන්නයි.තේ බොන වෙලාවට හැමෝම එකතුවෙලා කතා බහ කරනව.බොහෝ වෙලාවට ලොකු හාමුදුරුවො දුරකතනෙට උත්තර දෙන්න ඒ වෙලාවට.මමත්, මට තිබුන ප්‍රශ්න එහෙම ගොඩක් ඒ වෙලාවට අහනව.උන්නාන්සෙ හරිම උපේක්ෂාවෙන් ඒවට උත්තර දෙනව.
හවසට තේ බීල ඉවර වුනාම කෙලින්ම යන්නෙ කන්ද මුදුනෙ තියන ධර්ම ශාලාවට.ඒ භාවනා කරන වෙලාව.ලොකු හාමුදුවුවොයි අනිත් හාමුදුරුවරු ඔක්කොමයි පැයක් විතර භාවනා කරනව.සමාධිය ගොඩක් දියුණු වෙච්ච අය අතර භාවනා කරන කොට හිත ඉක්මනට එකඟ වෙනව කියල මම කතාවක් අහල තිබුන.ඒක මට ඒ සතිය ඇතුලත ඔප්පු උනා.
භාවනාවෙන් පස්සෙ හැමෝම පංසිල් ගනන්ව.ඊට පස්සෙ පිරිත් කියනව.හාමුදුරුවරු ඇරෙන්න මුළු ධර්ම ශාලාවටම මම විතරයි.හරිම අමුතු හැඟීමක්.මෙ හැම දේම ඉවර වෙනකොට රෑ අටත් පහු වෙලා.ලස්සනට හඳ පායල.වටෙටම තියන කඳුවලට හඳ එළිය වැටිල.හාමුදුරු වරු ඔක්කොම එක පේලියට හඳ එළිය යටින් පහල ට වඩිනව.වප් මාසෙ පෝය දවසෙ විතරක් හාමුදුරුවරු හැමෝම ධර්ම ශාලාවෙ නතර වුනා.ඊට පස්සෙ දවසෙ තමයි මම ලොකු හාමුදුරුවන්ගෙන් දැනගත්තෙ උන්නාන්සෙල පෝය දවසට එළිය වැටෙන කම් භාවනානුයෝගීව ඉන්නව කියල.
දවස් හතක් ගෙවිල ගියා.බොහොම සාමකාමී විදියට.මේ වගේ සිල්වත් උත්තමයො එක්ක ටික දවසක් ඉන්න ලැබුනු එක ලොකුම ලොකු වාසනාවක්.ඒ මෙච්චර කාලෙකට මගෙ ජීවිතේ ගතකරපු හොඳම දවස් හත.
දැන ගතයුතු බොහෝ දෑ දැනගත්ත.විඳ ගතයුතු බොහෝ දෑ විඳ ගත්ත. ජීවිතය,මරණය,දුක,සතුට,කඳුළු,බැදීම,වෛරය,ආදරය,විරහව,මේ හැම දෙයක් දිහාම බොහොම උපේක්ෂවෙන් බලන්න ඉගෙන ගත්ත.ඒත් මට අත්දකින්න ලැබුන සමහර දේවල් ලිපියට එකතු කළේ නෑ.ඒ මොකද ඒව බෞද්ධ නීති වලට පටහැනි නිසා.
අන්තිම දවසෙ ලොකු හාමුදුරුවන්ට වැදල පිටත් වෙනකොට මම ජීවිතේට බොහෝ දේවල් එකතු කරගෙන හමාරයි.ලොකු හාමුදුරුවො කරපු එක ඉල්ලීමකට ඇරෙන්න අනිත් හැම ඉල්ලීමක්ම මම බොහොම කැමැත්තෙන් ඉටු කළා.
මේ ලිපිය නොලිය ඉන්න අදහස් කරගෙන හිටියත්, මේකෙන් කාටම හරි හොඳක් වෙයි කියන හැඟීම එක්ක අන්තිමට තීරණය කළා ලිපිය ලියන්න.මට ගොඩක් උදවු කරපු ශේන් මහත්තයව මේ වෙලාවෙ මතක් කරන්න ඔනෙ.එයා මේ වෙනකොට ගිහි ජීවිතේට සමු දීල ඉවරයි.අනිත් කෙනා මට ඇනෝනිමස් ක්මෙන්ට් වලින් උදවු කරපු කෙනා.ඔයාටත් බොහොම පින්.
ගෙදර ඇවිත සතියකට පස්සෙ අම්මට කෝල් එකක් දුන්නම එයා කියනව..
"උඹ මට ආදරයක් තියනව නම් ආපහු ඔය වගේ ගමන් එහෙම යනව නෙමේ".
ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම ඉල්ලිම ඉෂ්ඨ කරන්නෙ කොහොමද?
ඒ හුදකලාව,හීතල,හඳ එලිය,මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය,පොත් ගුල,සිල් සුවද,පුංචු කුටිය, මට තාමයි මතක් වෙනකොට දැනෙන්නෙ බොහොම අමුතු හැඟීමක්.ඒ හැඟීමට මම තාමත් තදින් ම බැඳිල.
ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම ඉල්ලිම ඉෂ්ඨ කරන්නෙ කොහොමද?
ඒ හුදකලාව,හීතල,හඳ එලිය,මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය,පොත් ගුල,සිල් සුවද,පුංචු කුටිය, මට තාමයි මතක් වෙනකොට දැනෙන්නෙ බොහොම අමුතු හැඟීමක්.ඒ හැඟීමට මම තාමත් තදින් ම බැඳිල.
මේක කියෙව්වාම හිතුනා ජීවිතේ මම නොලබපු අත්දැකීම් කොච්චර තියෙනවද කියල.
ReplyDeleteඅම්ම යන්න එපා කිව්වට බලපං මේක මාර වාසනාවක්..
ජය වේවා !
වාසනාවක් තමයි බන්.උඹත් ට්‍රයි එකක් දාපන්.කඩුවෙල ඉඳල කඳුබොඩට එච්චර දුර නෑනෙ.
Deleteගොඩක් පින් රැස්කරගන්න ඇති. කොච්චර හොඳද
ReplyDeleteඅපොයි ඔව්.ඒ ගැන නම් මොකට කියනවද
Deleteදෙමවුපියන් කවුරුවත් දරුවන්ට ආදරය කරනෙන් නැහැ කස්ස. ඔවුන් ආදරය කරන්නේ තමන්ටමයි. දරුවන් නිසා තමන්ගේ සිත් වල ඇතිවෙන හැඟීම් වලටයි ඔවුන් ආදරය කරන්නේ. දරුවන් දරුමල්ලෝ හදාගෙන ඔවුන් අතරේම වැටිලා ඇලී ගැලී ඉන්නවට තමයි ඔවුන් කැමති. එවිට ඔවුන් ට තම හැඟීම් වලින් වෙන්වී යාමට සිදුවෙන්නේ නැහැ.
ReplyDeleteගිහිගෙයින් නික්මිලා ඔවුන් ගෙන් වෙන් වෙලා යනවා කියන්නේ ඉන්පසුව ඔවුන්ට දරුවන් අතර ගැවසී ගැවසී සිටීමට තිබෙන අවස්තාව නැති වී යන එකයි. දරුවන්ගෙන් ලැබුන සතුට අහිමි වී යාමයි. එයට ඇති බිය තමා ඔය වචන වලට පෙරලලා තිබෙන්නේ.....
උඹේ කතාව හරියටම හරි බන්.ඒත් දෙමව්පියො එක්ක තියන බැඳීම ගොඩක් ලොකු එක්ක
Deleteමේ හැගීම ඇත්තටම විදගන්න තීනවනම්.. උඹ දන්නේ නෑ කස්සා කාලෙකට කලින් මම මේ දේට කොච්චර ආසාවෙන් හිටියද කියලා..
ReplyDeleteමම උඹටත් යන්න කියන්නෙ කොහොමද බන් උඹට ඒ වැඩේට කවමදාවත් අවසර නොලැබෙන බව දැන දැනම.
Deleteමටත් නම් හිතෙනවා කවදා හරි දවසක ඔය වගේ තැනක නතරවෙලා මේ ගිහි ජීවිතේ අත් ඇරලා දාන්ට. විහිලුවක් නෙමෙයි. ඇත්තටම ඒ වගේ හිතුනු අවස්තා අනන්තයි.
ReplyDeleteමගේ ඉන්නවා හොඳ යෙහෙලියක් ගිහි ජීවිතේ අත් ඇරපු. කාලයක් එයා එක්ක එකතු වෙලා භාවනා කලා. ඔයා කීවා වගේ අපේ අම්මලත් ඒ කාලේ බයෙන් හිටියේ.:)
පොඩ්ඩිත් මේ වැඩෙට කැමතී වගේ.ඒකත් පින
Deleteමටත් යන්න හිතෙනවා ඔය වගේ තැනක නැවතිලා කාලය ගතකරන්න.
ReplyDeleteබලාගෙන ඉන්න එපා.ගිහින් බලන්න
Deleteමේ කථාව, එහි අන්තර්ගතය නිස්කලංකයි සාමකාමියි සුන්දරයි..... වගකීම් නැති, අයිතිවාසිකම් නොකියන ජීවිතය කොච්චර නිදහස්ද.... සොහොදරයා සතුටුයි ඔයා ගැන! ඔයා පතන දේ ලබාගන්න තියෙන බාධක දුරුවේවා කියල පතනවා!!!
ReplyDeleteබොහොම ස්තුතී
Deleteකෘතිම හැමදේකින්ම අයින් වෙලා මේ වගේ තැනක සතියක්වත් ඉන්න ලැබෙනව කියන්නෙ මාර වාසනාවක්.
ReplyDeleteඔව් එක ලොකු වාසනාවක්
Deleteබැඳීම් වලින් නිදහස් ගමනක ටික කලකට හරි ඒ අත්දැකීම් විඳින්න ලැබීමත් භාග්‍යයක්..!
ReplyDeleteස්තූතියි මේ වටින අත්දැකීම් බෙදාගත්තට..
බොහෝ කල්පනා කරළ තමයි මේක ලියන්න හිතුවෙ
Deleteමටත් ඔය ප්‍රශ්නේ අවා මම මුල්ම දවස් 10 භාවනාවට ගිය වෙලාවේ අපේ අම්ම ඇහුවේ "නටන්න ඕනා හැම පිස්සුවක් ම නටල අන්තිමේ භාවනා කරන්න ගියද ? කියල :)"
ReplyDeleteමම කලේ කොහොම හරි උත්සාහ කරලා අම්මා ව දවස් 10ක භාවනාවකට යවපු එක
දැන් අම්මා තමයි මාව උනන්දු කරන්නේ කාලෙකින් භාවනාවට ගියේ නැහැ නේද පෝය දවසේ භාවනාවට වත් ගිහින් අවොත් නරකද කියලා
මම ඔයාගේ වන අරමක සත්දවසක් 2 ලිපියේ දාපු කමෙන්ට් එකේ තිබ තැන 3න් එකක දවස් 10ක භාවනාවකට ගිය කෙනෙකුට
හැම පසළොස්වක පෝය දවසකම අවිස්සාවේල්ලේ කොස්ගම තියෙන භාවනා මධ්‍යස්ථානයේ පවත්වන භාවනා වැඩසටහනකට සහභාගී වන්න පුළුවන්
ඔය ඉන්නේ ඔසියන්ගේ රටේ කියලා ප්‍රොෆයිල් එකේ තියෙන්නේ එක නිසා මම හිතනවා මේ ලින්කුව වැදගත් වෙයි කියලා
Deletehttp://www.dhamma.org/en/bycountry/anz/
බොහොම ස්තුතී මේ විස්තර ටිකට.කලුඅග්ගල කියන්නෙ මගෙ අල්ලපු ගම.බැරිවෙන එකක් නෑ
Deleteකස්සා, බොහොම ආසාවෙන් මේ ටික කියෙව්ව. ඔයාට මෙහෙම යන්න ලැබුන එක පූරුවේ කරපු ලොකු පිනක් පලදීමක් වගේ. මොහොතකට හිත නිවාගෙන මේ සේරම අත්හැරල ඉන්න එක තරම් වාසනාවක් තවත් නෑ. අපි මේ එකතු කරන කිසිම දේක කිසිම වැඩක් නෑ. ඒක මම අත් දැකීමෙන් දන්නවා. මේ බැඳීම් මොහොතකින් අත් හරින්න පුළුවන් විදිහට හිත හදාගත්තහම හරිම ලේසියි. අපි කාලයක් තිස්සේ මුදල් හොයන්න ව්‍යාපාර දියුණුකරන්න ඒ පස්සේම දිව්වා. නමුත් දැන් ඒ හැම දේම අත්හැරදාලා බොහොම සැනසිල්ලෙන් භාවනා කරමින් ධරමයේ ම හැසිරෙමින් සරලව ඉන්නව. ජීවිතේ ලස්සනයි කියල හිතන්නෙ දැන්. අපි දරුවො එක්ක සතුටින් ඉන්නෙ බොහොම ලබැඳිව. ඔයාගේ අම්මා කවදාහරි තේරුම් ගනීවි මේ සරල ජීව්තේට දරුවෙක් හුරුවෙන එක තරම් වටිනා දෙයක් ලෝකෙ නෑ, කියල. ගිහි ජීවිතේ ගෙව්වත් මෙහෙම ඉන්න පුළුවන්. හිත සංවරකර ගත්තාම තරහ එන්නෙ නෑ, නරක වචන කියවෙන්නෙ නෑ, ගැටෙන්නෙ නෑ, ඉතින් ගෙදර සාමය හැම වෙලාවෙම තියෙනවා. දරුවන්ට මේක ටිකක් අමාරුයි කරන්න, ඒ උනාට අපි ඉවසා ඉන්න කොට එයාලත් ඉබේම හුරු වෙනවා එහෙම ඉන්න. අපේ තුන් දෙනාම පෝයට සිල් සමාදන් වෙනවා. එදාට රෑට කන්නෙ නෑ. ඉවසාගෙන ඉන්නවා කාලයක් තිස්සෙ.
ReplyDeleteචාන්දි අක්කෙ,මම ඔයා ගැන හොඳට දන්නව.ඔයාල වගේ පවුලක් ගොඩක් අයට ලොකු ආදර්ශයක්
Deleteමම හිතුවේ මේ කතාව තවත් ඇතිය කියලා. හදවතට දැනුණ නිරාමිස ප්‍රීතිය හරිම ලොකුයි මේ කතා මාලාව කියවලා. ඒ කුසලය අයියාගේ නිවන් අවබෝධ කරගන්නාවූ ගමනට උපකාරයක්ම වේවා
ReplyDeleteස්තුතී හසිත මල්ලියෙ.තව ලියන්න තිබුන.කතාව ටිකක් කෙටි කළා.මේ දවස්වල වැඩ වැඩී ගොඩක්
Deleteමේ ලිපිය නොලියා හිටියානම් උඹව කොටියම කන්න ඕන අයියේ.......
ReplyDeleteකමක් නෑ අන්තිමට ලිවුවනෙ
Deleteඅම්ම එහෙම නොකිව්වොත් තමයි පුදුමෙ... හැබැයි අයිය පිංවන්තයි...
ReplyDeleteස්තුතී නගෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ලිපි තුන අද කියෙව්වෙ දෙවෙනි වතාවට.. කාලෙකට කලින් එක පාරක් කියෙව්වා.. ආයෙත් කියවන්න ඕන කියල හිතුන.. බොහොම නිවුන හැඟීමක් දෙන සටහනක්.. අත්දැකීම බෙදා ගත්තට ස්තුතියි. තවත් මේ වගෙ විස්තර තියෙනව නම් දාන්න.
ReplyDeleteඔබගේ වටිනා අත්දැකීම අපත් සමඟ බෙදා ගැනීම ගැන හරිම සතුටුයි... ඔබට යහපතක්ම වේවා පින්වත් මිතුර.....!
ReplyDelete