හරියටම අද වගේ දවසක, 2006 බිනර මාසේ 18 වෙනිද, ඉරිද දවසක,මවු උණුහුමෙන් මිදිල,පිය සෙනෙහසින් මිදිල,සහෝදරය,සහොදරිය,යාලුවො හැමෝම දාල,ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත්,ඉපදිච්චිච,හැදිච්ච වැඩිච්ච රට දාල මහ මුහුදින් එහාට යන්න වෙලා හරියටම අදට වසර පහයි.
ජීවිතේ කියන්නේ මොකක්ද කියල අඳුරගන්න,දුක සතුට අඳුරගන්න,මිනිස්සුන් ව,මිනිසත් කම වගෙම නොමිනිසුන් ව අඳුරගන්න,ඒ වගේම ආදරය,විරහව මෙ ඔක්කොම තනියම විදගන්න සිද්දවුනේ මෙ රටෙදි තනියම.
රැ එලිවෙනකම් සුපර්මාකට් පිරිසිදු කරපු,වැසිකිළි හෝදපු,කුනු බ්ක්කි සුද්දකරපු, අඩු පඩියට බර ඇදපු අතීතයට වගේම අමාරුවෙන් ඉගෙන ගත්තු ගවි ගනන් පයින් ගාටපු,අතේ සත පහක් නැතුව බඩගින්නට වේලක් විතරක් රොටි කාපු අතීතයටත්,
මහ මෙරක් වගේ ආදරය විඳපු,ආදරය කරපු,කැපවීම් කරපු මගෙ ආදරයටත්, තනියම අඬපු,තනියම බැනුම් අහපු,තනියම විදගත්තු මගේ විරහවටත්,
අද ලඟ නැතත් හිත ලඟ ඇති මගෙ ප්‍රේමයටත්,
බර එසවීමෙන් උරුම වුනු කොන්දෙ අමාරුවටත්,කටිලේජ ගෙවීවෙන් උරුම වුනු අතේ අමරුවටත්, කුස්සියෙන් උරුම වුනු පිලිස්සුම් තුවාල වලට සහ කැපීම වලටත්,
කඳුලට,සුසුමට,සතුටට හැමදාම මා ලඟ ඉන්න මගේ ගිටාරයටත්,
මිනිසත් කම පෙන්නපූ මගෙම යාලුවන්ටත්,එවගෙම නොමිනිස්කම් පෙන්නපු මගෙ යාලුවන්ටත්,
"ප්‍රිය විප්පයොගෝ දුක්කෝ" කියපු, වැටෙන වැටෙන හැම වතාවෙම මට නැගිටිනින්න අතදෙන නිර්මල බුදුදහමටත්,
දිවා රෑ මා වෙනුවෙන් වැලපෙන අම්මාටත් තාත්තාටත්,අයියේ කියන මල්ලීටත් නංගීටත්,සුදු මහත්තයෝ කියපු ආදර වන්තියටත්,ගෙවීගිය අතීතයටත්,දුක් විදින වර්ථමානයට හා නොදන්න අනාගතයටත්,
මේ සටහන තුටු පඬුරක්ම වෙවා!