හරියටම අද වගේ දවසක, 2006 බිනර මාසේ 18 වෙනිද, ඉරිද දවසක,මවු උණුහුමෙන් මිදිල,පිය සෙනෙහසින් මිදිල,සහෝදරය,සහොදරිය,යාලුවො හැමෝම දාල,ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත්,ඉපදිච්චිච,හැදිච්ච වැඩිච්ච රට දාල මහ මුහුදින් එහාට යන්න වෙලා හරියටම අදට වසර පහයි.
ජීවිතේ කියන්නේ මොකක්ද කියල අඳුරගන්න,දුක සතුට අඳුරගන්න,මිනිස්සුන් ව,මිනිසත් කම වගෙම නොමිනිසුන් ව අඳුරගන්න,ඒ වගේම ආදරය,විරහව මෙ ඔක්කොම තනියම විදගන්න සිද්දවුනේ මෙ රටෙදි තනියම.
රැ එලිවෙනකම් සුපර්මාකට් පිරිසිදු කරපු,වැසිකිළි හෝදපු,කුනු බ්ක්කි සුද්දකරපු, අඩු පඩියට බර ඇදපු අතීතයට වගේම අමාරුවෙන් ඉගෙන ගත්තු ගවි ගනන් පයින් ගාටපු,අතේ සත පහක් නැතුව බඩගින්නට වේලක් විතරක් රොටි කාපු අතීතයටත්,
මහ මෙරක් වගේ ආදරය විඳපු,ආදරය කරපු,කැපවීම් කරපු මගෙ ආදරයටත්, තනියම අඬපු,තනියම බැනුම් අහපු,තනියම විදගත්තු මගේ විරහවටත්,
අද ලඟ නැතත් හිත ලඟ ඇති මගෙ ප්‍රේමයටත්,
බර එසවීමෙන් උරුම වුනු කොන්දෙ අමාරුවටත්,කටිලේජ ගෙවීවෙන් උරුම වුනු අතේ අමරුවටත්, කුස්සියෙන් උරුම වුනු පිලිස්සුම් තුවාල වලට සහ කැපීම වලටත්,
කඳුලට,සුසුමට,සතුටට හැමදාම මා ලඟ ඉන්න මගේ ගිටාරයටත්,
මිනිසත් කම පෙන්නපූ මගෙම යාලුවන්ටත්,එවගෙම නොමිනිස්කම් පෙන්නපු මගෙ යාලුවන්ටත්,
"ප්‍රිය විප්පයොගෝ දුක්කෝ" කියපු, වැටෙන වැටෙන හැම වතාවෙම මට නැගිටිනින්න අතදෙන නිර්මල බුදුදහමටත්,
දිවා රෑ මා වෙනුවෙන් වැලපෙන අම්මාටත් තාත්තාටත්,අයියේ කියන මල්ලීටත් නංගීටත්,සුදු මහත්තයෝ කියපු ආදර වන්තියටත්,ගෙවීගිය අතීතයටත්,දුක් විදින වර්ථමානයට හා නොදන්න අනාගතයටත්,
මේ සටහන තුටු පඬුරක්ම වෙවා!
මම ලංකාවේම ඉඳලත් ,පිටරට ගිය කෙනෙකුට ආවෙණ්ක අත්දැකීම් එකක්වත් විඳල නැතුවත් මගෙත් බොක්කටම වැදුනා ......
ReplyDeleteඇත්ත. ජීවිතේ කියන්නෙ මල් යහනාවක් කියලා හිතුවට මල් යහනාව ගොඩනඟන්න කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. අපිට වඩා කැපකිරීම් කරපු ඔබ දවසක අපිට වඩා සතුටු වේවි
ReplyDeleteදුර රටක ගෙවන ජීවිතයේ යතාර්ථය... මොනවට පෙන්නුම් කරන්නක්.....
ReplyDeleteගොඩක් සමීපයි.... !!! හදවතින්ම වින්දා.... සුභ අනාගතයක් ... !!!
යාලුවේ මගෙත් 5 ගෙවෙන්න යනවෙලාවේ ...උබේ දුක අමුතුවෙන් දැනෙන්න දෙයක් නැ මචෝ...
ReplyDeleteමම දන්න කියන යාලුවෙකුත් ඔසී වල තවමත් ඔය දුකම විඳිනවා. සහෝ. මට ඌව මතක් වුණා... සුභ අනාගතයක් වේවා සහෝ!!!
ReplyDeleteමල්ලියේ කුඹලා කියන්නේ පුංචිම පුංචි කෘමියෙක්. ඒකා උළු අහුවල සතාගේ හැටියට ලොකු කුඹහක් හදනවා කියන එක විතරයි පිටතට පේන්නේ. ඒකා මැටි හොයාගන්නේ කොහොමද, අනන්නේ කොහොමද, චූටි අඬුවලින් ඒවා බෝල කරලා අරන් එන්නේ කොහොමද, මොනතරම් දුරක් ඒ වෙනුවෙන් පියාඹනවාද, මොනතරම් වෙහෙසක් ගන්නවා ඇද්ද කියන එක දන්නේ කුඹලා විතරයි. එම්.එස්. ප්‍රනාන්දු ගයන <a href= "http://www.infolanka.com/miyuru_gee/old/o83.ram”>බෝල බෝල</a> කියන සින්දුව අහලා බලන්න...
ReplyDeleteඒ වගේම තමයි වේයා කියන පුංචි කෘමිය දහදුක් විඳලා ගොඩනඟන තුඹහ ඒ සතාට සාපෙක්ෂව මහා මෙරක්. නවීන ලෝකයේ පස් පිලිබඳව විශේෂඥයින්ගේ මතය වේ තුඹහක් ඇති තැනක් කියන්නේ හොඳම පසක් තියෙන ප්‍රදේශයක්...
කුඹලා හා වේයා ප්‍රමාණයෙන් පොඩියි, එවුන්ගේ ජීවිත කාලයේ ලබාගන්නා දේ මොනවා ද කියන්න තරම් දැණුමක් මනුසත් අපිට නැති වෙන්න පුළුවන්. ඒත් තුඩින් තුඩ හොඳම මැටි ගෙනැල්ලා හදන ව්‍යූහය සතාට සාපෙක්ෂව මොනතරම් ලොකු ද…
ඒත් කැලේ රජාකියන අලියාට ඒක කරන්න බැහැ අරතරම් පත ඇඟක් තියාගෙන.
මල්ලී, නුඹ ලොකු දහිරියක් තියෙන පුංචි මිනිහෙක්. නොවැටී ඉස්සරහටම යමන්, නුඹ ජයගන්නවා ඒකාන්තයි. එදාට නුඹට ආඩම්බරයෙන් හැරිලා බලන්න පුලුවන්. එදාට නුඹ වින්ඳ දුක් කන්දරාව හිතෙන් පිරිමැද බලද්දී දැනෙන්නේ මොනතරම් සතුටක් ද කියන්න විස්තර කරන්න මට වචන නැහැ.
මල්ලියේ නුඹට ජය පතනවා, තෙරුවන් සරණයි!
සැබෑම ආත්ම කතනයක්.
ReplyDeleteහිතට තදින්ම දැනුනා.
දිරිය සමග නිබදවම ජය පතමි.
බොක්කටම වැදුනා...
ReplyDeleteහිතට ශක්තිය ගනිං ජීවිතය ජයගනිං. මලේ වාසනාවන්ත අනාගතයක් උඹට.
ReplyDeleteඅපි දකින රට යෑමට වඩා ඇත්ත පෙන්නන රට යෑමක්...!
ReplyDeleteනියමයි බං... ඒවගේම දුකයි බං...
සුභ අනාගතයක් පතනවා සහෝ අනාතයට...!!!
ReplyDeleteහෙටට මම ඇවිල්ලා අවුරුද්දක්...!
@buwa
ReplyDeleteපිට රට යන අයට මෙක පොදු කතාවක් මචන්.ඇවිත් ගියාට ස්තුතී
@RoshanHerath
බොහෝම ස්තුති මචන් ප්‍රතිචාරයට
@නදුන් උයන
මේක දුක් ගොඩක් මචන්.
@රතු මුහුද
අපි එකම බෝට්ටුවෙ මචන්
@chandika
මෙහෙ එන ගොඩක් අය මේ ජීවිතේ තමා මචන් ගෙවන්නෙ
ගල්මල්-coral
බොහොම ස්තුතී ඩීන් අයිය හදවතින්ම ලියල තියන ප්‍රතිචාරයට.මොන දේ වුනත් මම ගේම අතාරිය ජාතියේ මනුස්සයෙක් නෙමේ.බැරිම උනොත් මේ ජීවිතෙට සමුදීල පැත්තකට වෙනව.
@නිල් අහස
මේ තමා ඇත්ත මචන්
@පිස්සා පලාමල්ල
ස්තුතී මචන්
@දයිය
ඒක නිසා තමයි මචන් මෙච්චර කල් ජීවිතේ ඇදගෙන යන්නේ
@මාලුව
ස්තුතී මචන් ප්‍රතිචාරයට
@තාරක
තව යන්න තියනව උඹට.සුබපැතුම්
මටද පැහැදිලි අත්දැකීම් ඇත ....
ReplyDeleteසැලෙන්න එපා .....
සුභ අනාගතයක්...1!!
ReplyDelete