සාර්ථක
ශල්යකර්මයෙන් පසු,
අතකින් බෙහෙත්ද
අතකින් ලියකියවිලිද ගෙන
වෛද්යවරයා දෙස හැරී
ඇසූ අවසාන ප්රශ්නය
ඩොක්ට මට බොන්න පුලුවන්ද ?
සාර්ථක
ශල්යකර්මයෙන් පසු,
අතකින් බෙහෙත්ද
අතකින් ලියකියවිලිද ගෙන
වෛද්යවරයා දෙස හැරී
ඇසූ අවසාන ප්රශ්නය
ඩොක්ට මට බොන්න පුලුවන්ද ?
When everything ends—
when the evening sun
bleeds into the horizon,
and the final bird
vanishes into the forest’s hush—
Remember me.
Not for what I did,
but for who I was.
A man,
everything and nothing,
a flicker in the dark,
a whisper in the wind.
Remember me.
For a week.
Just a week.
Then—
just then—
let me go.
හුදකලා හිම ගිරක මුදුනේ
ඔබට මා මුණගැසුන දවසේ
ගැඹුරු දිය පිරි රළ වෙරළ ඇති
දිගන්තය ඉම නිදන හිරු නිති
ඔබ කියු ඒ විසල් සමුදුර
ඉතින් සමුගෙන සොයමි තනිවම
කියා ඇය බෑවුමක කොනකින්
බිමට පැන නොපෙනී ගියා
නදිය හැරගිය ඉවුර තනිවිය
වියලි ගහකොළ මල් ද පරවිය
ග්රීෂ්මය දිග ගෙවී නිමවිය
කන්ද මුදුනට අහස බරවිය
රැහැයි පිරිවර හඬනවා
කාමරේ ඝන අඳුර බිඳගෙන
සඳකැලුම් ගෙට වැටෙනවා
අඩක් පියවුන විඩාබර නෙත
හීනයක සුව සොයනවා
එදා අම්මා ඇයව නැළැවූ
මිහිරි නැළවිලි තාල ගලපා
හඳ එලිය යට අපේ නංගි
පොඩිදුව ව නිදි කරනවා
සිදුරුව හදවත
සොයනු බැරිවිය ඊ හිස
රත්වුනා දැයි සැකයි පඬුපුල
දෙදෙව්ලොව නොතකා ඇත
දුනු දිය මිදුන අත
ගොසිනි කින්නරී හිත
වැටී තිබුනා පව්ව පාමුල
කුණු වූ සදකිඳුරු වත
කලු වලාකුලු අහස වටකර
ගොරව ගොරවා වහින දවසට
කඩිසරව සිටි නපුරු බිඟු කැළ
ශාප දෙනවා අඳුරු අහසට
නොහැකි බව දැන රොන් පුරන්නට
නියඟ සැර වැද රිදුන පොළොවට
පාට මැලවුන රෝස පඳුරට
එකම එක දිය බිඳක සිසිලස
වටින තරමක් නොදැනෙනා හැඩ
කලු අහස යට හඬන බිඟුනට
හැපි
හැපී
අතු ඉති
ගොහොරු
පරඬැල්
වැටී
උස්
ශිකර
මුදුනින්
බිඳී සියොලඟම,
නවතා
මග
මිරිකා
විභවය
සූරා
යටිබඩ
ඉතුරු වූ
සාරය
මුසුවී
පල් වතුර
මල මූත්ර
ඉඳුල්, කුණු
සායම්
වියපත්ව
අසරණව
මුවදොරට
ගලන
ගඟ!