May 22, 2025

නදී


නිසල ඉවුරට නිතර දොඩවන
නොනැවතී එක දිගට දැවටෙන
ගලා යන නිල් නදිය දවසක් 
ඉවුර පැත්තට මුහුණ හරවා
කණස්සල්ලෙන් මෙහෙම කිවුවා


හුදකලා හිම ගිරක මුදුනේ 

ඔබට මා මුණගැසුන දවසේ 

ගැඹුරු දිය පිරි රළ වෙරළ ඇති

දිගන්තය ඉම නිදන හිරු නිති

ඔබ කියු ඒ විසල් සමුදුර

ඉතින් සමුගෙන සොයමි තනිවම 

කියා ගඟ බෑවුමක කොනකින්

බිමට පැන නොපෙනී ගියා


නදිය හැරගිය ඉවුර තනිවිය

වියලි ගහකොළ මල් ද පරවිය

ග්‍රීෂ්මය දිග ගෙවී නිමවිය

කන්ද මුදුනට අහස බරවිය


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...