May 30, 2012
මෙල්බන් සක්විති තුන්වෙනි කොටස
මහන්සිවෙලා වැඩ කරපු නිසත්, අම්බානක වියදම් කරල ඉගෙන ගත්තු නිසත් එක්සැම් එකට වාඩිවෙන්න කිසිම බයක් තිබුනෙ නෑ.හැබැයි පේපර් එක අතට ආවට පස්සෙ මට හිනා ගියා.ඒ මොකද කියනව නම් හා හා පුරා කියල මේ මනුස්සයත් එක්ක පරිවර්ථනය කරපු, අර හොරෙන් ගත්තු පිතුර වල තිබුන පේපර් එකම මගෙ අතේ.ඉතින් මේ ගැන මොකට කතා කරනවද.
ගේමක් නැතුව පැය තුනේ එක්සැම් එක වෙලාවටත් කලින් ඉවර කරල එලියට ආව.ඒ එනකොට මා එක්කම පන්ති ගිය තව කොල්ලෙක් හවස එක්සැම් එක ලියන්න ඇවිත්.
"මචන් ක්ලාස් එකේ වගේම පේපර් එකක් ආවෙ.බයවෙන්න දෙයක් නෑ"
මම කියන්න ගියේ නෑ ඒ පේපර් එකම ආව කියල.මොක්ද තුශාර කියල තිබුන කාටවත් කියන්න ඒපා කියල..
එලියට බැස්ස ගමන් මම තුශාරට කෝල් කලා..
"අයියේ, කරපු පේපර් එකමයි ඇවිත් තිබුනේ.ඇස් පියාගෙන ලියල ආව..
"ඒකනෙ මල්ලි ..මම තමා ඔය පේපර් එක දාන්න කිවුවෙ.මොකද ඔයා එක්සෑම් එක කරන නිසා"
සතියක් ගියා, දෙකක් ගියා.අපි ඉතින් මේයාගෙ පාටිවලටයි, දුකටයි සතුටටයි නැතුවම බැරි චරිත වුනා.
ඔනන් ඉතින් මේයා මට දවසක් කතාකරල කියනව..
"සුභ ආරන්චියක් කියන්න කතා කෙළේ,මල්ලි උඹ එක්සෑම් එක පාස්,හොඳටම කරල තිබුන,ලකුණු 86 තියනව. මමයි පේපර් එක බැලුවෙ."
මටත් සතුටුයි.
ඉතින් මෙයා මේ කතාව ක්ලාස් එකෙත් හැමෝටම කියල තිබුන.
එක්සෑම් එක ඉවර වෙලා මාසයක් විතර යනකොට මුලින්ම එක්සෑම් කරපු අයගෙ ප්‍රතිඵල එන්න ගත්ත.හැබැයි ප්‍රතිඵල ආවම තමයි කට්ටියට තරු විසි වෙන්න ගත්තේ.එක්සෑම් එකට වාඩිවුන ගොඩ දෙනෙකුට පාස් වෙන්න වුවමනා කරල තිබුන ලකුණු 70 සීමාවට එන්න පුලුවන් වෙලා තිබුනෙ නෑ.ඉදල හිටල හරි පාස් වුන කෙනෙක් හිටියනම් එයාටත් ලැබිල තිබුන ලකුණු වලයි මෙයා කියපු ලකුණු වලයි බොහොම වෙනස් කම් තිබුන.
හරියටම ගිය දෙසැම්බර් මාසෙ.මම ගොල්ඩ්කෝස්ට් ගිහින් ආවට පස්සෙ දවසෙ.උදේ වැඩට යන්න එලියට බැස්ස ගමන් කෝල් එකක් ආව.
"මචන් මම ෆේල් වෙලා.ලකුණු 48,කවදාවත් වෙන්න බැරි වැඩක්.උඹට කොහොමද?"
මේ කතා කළේ අර මාත් එක්කම හවස එක්සැම් එක කරපු කෙනා.
ඒ වෙනකොටත් මගෙ අතේ ප්‍රතිඵල එවල තිබුන ලියුම් කවරෙ.වැඩට යන ගමන්ම ලියුම කඩල බැලුව.
ඔය වෙලා තියෙන්න...
මාස හතරක විතර මහන්සියයි ඩොලර් හාරදහකට කිට්ටුවෙන්න සල්ලියි ඔක්කොම වතුරෙ
මටත් ලකුණු 48..
ඒ වෙනකොටත් තුශාර හිටියෙ ලංකවට ගිහින්.මේ කතාව මාත් එක්කම ක්ලාස් ගිය උන්ට කිවුවම උන්ටත් හිතා ගන්න බැරිවුනා.
"ආ තුශාරද? ඌ හොරෙක් නෙ බං"
කතා කරපු බොහෝ අයගෙන් ලැබුන ප්‍රතිචාරය වුනේ ඒක..ඒ වෙනකොට අපි දැනගෙන හිටිය අපි හොරෙකුට අහු වෙලා බව.ඒත් ඒක ඉස්තීරෙටම ඔප්පු කරන්න සාදක අපි ලඟ තිබුනෙ නෑ..
අන්තිම කොටස ඊලගට...
අවසාන කොටස
පැළැස්තර:
මගේ ජීවිතය
Subscribe to:
Post Comments (Atom)
අය්යෝ සල්ලි.... සක්විතිය හොඳයිනේ.. මූ කරටත් අත දාගෙන ඉන්න ගමන්නේ ගේම දීල තියෙන්නෙ
ReplyDeleteමූ හිනාවෙලා ගේම දුන්නේ
Deleteඌ පට්ට හොරෙක්නේ බලං ගියාම
ReplyDeleteඊලග කොටස බලමු ඉක්මනටම
අනිත් එකත් ඉක්මනට දන්නම්..ඇත්තටම මේ යකා කම්බ හොරෙක්
Deleteමේකේ මුල් කොටස් බලලා ඉන්ට ඕනි කමෙන්ට් එකක් දාන්ට.:)
ReplyDeleteහ්ම්.. හොඳයි හොඳයි...
Deleteතුශාර බොරුකාරයෙක් කියමු, ඒත් දන්න කියන පේපර් එකට හොදට ලියපු ඔයාට ලකුණු 48 ක් වුණේ කොහොමද ?
ReplyDeleteමටත් තිබුන ප්‍රශ්නෙ ඒක තමා,ඒකට උත්තරේ ඊලඟ කොටසින්..
Deleteමටත් ඕකම තමයි තියන පුරස්නේ ... ඉක්මනට දාපන්කෝ...
Deleteඅයියෝ ඉතිං කොහොම කෙනතියක්ද එන්න ඇත්තේ අච්චර ලොකු ගානක් වියදම් කරලා.
ReplyDeleteසල්ලි..මට වියදම් වෙලා තියන සල්ලි කොච්චරද කියල ඇහුවොත් උඹ අඬනව.හැබැයි මූ මේ වැඩෙන් හම්බකරපු ගාන ඇහුවොත් උඹ ඉකි ගගහ අඬනව.
Deleteහොර වැඩ කරන්න ගිහින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
ReplyDeleteඋඳු වපුරා මුං?
අනික දෙවෙනිපාරට ලියපු පේපර් එකට කොහොමද ලකුණු 48 ක් ආවේ? රී-කරෙක්ෂන් දැම්මේ නැද්ද?
හොර වැඩක් කරන්න හිතාගෙන ගිය ගමනක් නෙමේ මොකද නොසෑහෙන්න මහන්සි වුනා.ඒත් හොරෙකුට අහුවුනා..
Deleteබලන් යද්දි ලංකාවෙ මිනිස්සු කොහෝ ගියත් සක්විති වැඩ කරනවනේ.
ReplyDeleteඇයි ඉතිං 86 කියපු ලකුණු එකපාරටම 48 වුනේ. කොල් එකක් දීලා බැලුවෙ නැද්ද සක්විතිට...
කතා කලා.ඒත් මනුස්සය අපිව මගෑරිය...විස්තරේ බලන්නකො ඊලඟ පෝස්ට් එකේ..ආවට පින්
Deleteකොහොමද බං ඒක වුනේ...
ReplyDeleteබලපංකො ඊලඟ එක
Deleteමම අවේ තුන්වෙනි කොටසින්. විජහට ගිහින් 1 - 2 දෙකම කියෙව්වා. ඒත් මට හිතාගන්න බෑ මු එහෙම කලේ කොහොමද කියල.. ඒත් මුට දෙන්න වෙනවා හොඳ රිටන් එකක් මදි නොවෙන්නම.
ReplyDeleteමූ හැමදාම එලියට යන්නේ බුදු පානට වැඳල...ඌට හංබවෙයි රිටන් එක අනිවා.
Deleteමේ බුවා එකට ඉදන්නේ ඇරලා ගිහින් තියෙන්නේ. බලමු අන්තිම කෑල්ලත්
ReplyDeleteහරියටම හරි බන්
DeleteKassa
ReplyDeleteAre you talking about NATTI exam? Who is this person? Is he from Endeavour Hills?
Yes its' NATTI.sorry mate, I can not reveal everything.you are on right track though.beware of this fraud.
Deleteඅනිච්චාවත සංඛාරා...උබත් අහුවෙන ගැට
ReplyDeleteමොනව කියනවද බන්.මම විතරක් නෙමේ ගොඩක් උන්.
Deleteමචන් මුගේ photo එකක් තියෙනවනම් දාපන් පොඩ්ඩක් මුණ බලාගන්න.
ReplyDeleteදාන්න බැරිකමක් නෑ.ඒත් ඒක එච්චර හොඳ නෑ.
Deleteමූවගේ එකෙක්, මොනව කරන්නද දෙය්යොත් සල්ලි වලට විකිනෙන කාලෙනේ අය්යේ :/
ReplyDeleteඒ කතාව හරි මල්ලි
Deleteසක්විති කියන පුද්ගලයා උපන්නේ උගන්වන්නමලු කියලා කොහේ හරි කියෙව්වා මතකයි. මේ පුද්ගලයාගෙන් පාඩමක් ඉගෙන්න ඇතිනේද? ඉතිරි ටිකත් කියවා බලමු.
ReplyDeleteඔව් ඩීන් අයිය.ජීවිත කාලෙටම පාඩමක් ඉගෙන ගත්ත
Deleteසක්විතිල තාමත් මෙහෙත් ඉන්නවා.. දේසපාලු රැකවරනය යටතේ..
ReplyDeleteමෙයත් එහෙම තමා.උන්ට කවදහරි වැඩේ සෙට්වෙයි
Deleteවිභාගෙට කලින් උත්තර ලියලා තිබ්බ පේපර් එකටම උත්තර ලියලත් ලකුණු 48ක් උනේ කොහොමද මචං..
ReplyDeleteමම ඊලඟ පෝස්ට් එකේ ඒක ලියනව මචන්,බලපං!
Deleteඅයියෝ සල්ලි...:D
ReplyDeleteඔයාත් අහුවෙලානේ..
අයියෝ සල්ලිම තමයි..බල්ලොත් නොකන සල්ලි
DeleteWhat is this exam? If there is anything I can help with, I would like to help you. I live near berwick.
ReplyDeleteමේ තව සක්විති කෙනෙක්ද කොහෙද !
Deleteමට නං හොල්මං! ඊලග පෝස්ටුව ඉක්මනට දාපං.
ReplyDeleteහරි මචන්.
Deleteපොඩ්ඩක් ඉන්ඩ බලන්ඩ. මේක එහෙම අරින්ඩ පුලුවන් කේස් එක්ක නෙමේ වගේ... මුල ඉදලා කියෝගෙන එඤ්ඤං!
ReplyDeleteකොයි මේකේ අන්තිම කොටස ඉතින්
ReplyDelete