May 30, 2012

මෙල්බන් සක්විති තුන්වෙනි කොටස


මහන්සිවෙලා වැඩ කරපු නිසත්, අම්බානක වියදම් කරල ඉගෙන ගත්තු නිසත් එක්සැම්  එකට වාඩිවෙන්න කිසිම බයක් තිබුනෙ නෑ.හැබැයි පේපර් එක අතට ආවට පස්සෙ මට හිනා ගියා.ඒ මොකද කියනව නම් හා හා පුරා කියල මේ මනුස්සයත් එක්ක පරිවර්ථනය කරපු, අර හොරෙන් ගත්තු පිතුර වල තිබුන පේපර් එකම මගෙ අතේ.ඉතින් මේ ගැන මොකට කතා කරනවද.

ගේමක් නැතුව  පැය තුනේ එක්සැම් එක වෙලාවටත් කලින් ඉවර කරල එලියට ආව.ඒ එනකොට මා එක්කම පන්ති ගිය තව කොල්ලෙක් හවස එක්සැම් එක ලියන්න ඇවිත්.


"මචන් ක්ලාස් එකේ  වගේම පේපර් එකක් ආවෙ.බයවෙන්න දෙයක් නෑ"


මම කියන්න ගියේ නෑ ඒ පේපර් එකම ආව කියල.මොක්ද තුශාර කියල තිබුන කාටවත් කියන්න ඒපා කියල..
එලියට බැස්ස ගමන් මම තුශාරට කෝල් කලා..


"අයියේ, කරපු පේපර් එකමයි ඇවිත් තිබුනේ.ඇස් පියාගෙන ලියල ආව..
"ඒකනෙ මල්ලි ..මම තමා ඔය පේපර් එක දාන්න කිවුවෙ.මොකද ඔයා එක්සෑම් එක කරන නිසා"

සතියක් ගියා, දෙකක් ගියා.අපි ඉතින් මේයාගෙ පාටිවලටයි, දුකටයි සතුටටයි නැතුවම බැරි චරිත වුනා.
ඔනන් ඉතින් මේයා මට දවසක් කතාකරල කියනව..


"සුභ ආරන්චියක් කියන්න කතා කෙළේ,මල්ලි උඹ එක්සෑම් එක පාස්,හොඳටම කරල තිබුන,
ලකුණු 86 තියනව. මමයි පේපර් එක බැලුවෙ."
මටත් සතුටුයි.
ඉතින් මෙයා මේ කතාව ක්ලාස් එකෙත් හැමෝටම කියල තිබුන.
එක්සෑම් එක ඉවර වෙලා මාසයක් විතර යනකොට මුලින්ම එක්සෑම්  කරපු අයගෙ ප්‍රතිඵල එන්න ගත්ත.හැබැයි ප්‍රතිඵල ආවම තමයි කට්ටියට තරු විසි වෙන්න ගත්තේ.එක්සෑම් එකට වාඩිවුන ගොඩ දෙනෙකුට පාස් වෙන්න වුවමනා කරල තිබුන ලකුණු 70 සීමාවට එන්න පුලුවන් වෙලා තිබුනෙ නෑ.ඉදල හිටල හරි පාස් වුන කෙනෙක් හිටියනම් එයාටත් ලැබිල තිබුන ලකුණු වලයි මෙයා කියපු ලකුණු වලයි බොහොම වෙනස් කම් තිබුන.

හරියටම ගිය දෙසැම්බර් මාසෙ.මම ගොල්ඩ්කෝස්ට් ගිහින් ආවට පස්සෙ දවසෙ.උදේ වැඩට යන්න එලියට බැස්ස ගමන් කෝල් එකක් ආව.


"මචන් මම ෆේල් වෙලා.ලකුණු 48,කවදාවත් වෙන්න බැරි වැඩක්.උඹට කොහොමද?"


මේ කතා කළේ අර මාත් එක්කම හවස එක්සැම් එක කරපු කෙනා.
ඒ වෙනකොටත් මගෙ අතේ  ප්‍රතිඵල එවල තිබුන ලියුම් කවරෙ.වැඩට යන ගමන්ම ලියුම කඩල බැලුව.
ඔය වෙලා තියෙන්න...
මාස හතරක විතර මහන්සියයි ඩොලර් හාරදහකට කිට්ටුවෙන්න සල්ලියි ඔක්කොම වතුරෙ
මටත් ලකුණු 48..
ඒ වෙනකොටත් තුශාර හිටියෙ ලංකවට ගිහින්.මේ කතාව මාත් එක්කම ක්ලාස් ගිය උන්ට කිවුවම උන්ටත් හිතා ගන්න බැරිවුනා.


"ආ තුශාරද? ඌ හොරෙක් නෙ බං"


කතා කරපු බොහෝ අයගෙන් ලැබුන ප්‍රතිචාරය වුනේ ඒක..ඒ වෙනකොට අපි දැනගෙන හිටිය අපි හොරෙකුට අහු වෙලා බව.ඒත් ඒක ඉස්තීරෙටම ඔප්පු කරන්න සාදක අපි ලඟ තිබුනෙ නෑ..


අන්තිම කොටස ඊලගට... 

අවසාන කොටස

43 comments:

  1. අය්යෝ සල්ලි.... සක්විතිය හොඳයිනේ.. මූ කරටත් අත දාගෙන ඉන්න ගමන්නේ ගේම දීල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මූ හිනාවෙලා ගේම දුන්නේ

      Delete
  2. ඌ පට්ට හොරෙක්නේ බලං ගියාම
    ඊලග කොටස බලමු ඉක්මනටම

    ReplyDelete
    Replies
    1. අනිත් එකත් ඉක්මනට දන්නම්..ඇත්තටම මේ යකා කම්බ හොරෙක්

      Delete
  3. මේකේ මුල් කොටස් බලලා ඉන්ට ඕනි කමෙන්ට් එකක් දාන්ට.:)

    ReplyDelete
  4. තුශාර බොරුකාරයෙක් කියමු, ඒත් දන්න කියන පේපර් එකට හොදට ලියපු ඔයාට ලකුණු 48 ක් වුණේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මටත් තිබුන ප්‍රශ්නෙ ඒක තමා,ඒකට උත්තරේ ඊලඟ කොටසින්..

      Delete
    2. මටත් ඕකම තමයි තියන පුරස්නේ ... ඉක්මනට දාපන්කෝ...

      Delete
  5. අයියෝ ඉතිං කොහොම කෙනතියක්ද එන්න ඇත්තේ අච්චර ලොකු ගානක් වියදම් කරලා.

    ReplyDelete
    Replies
    1. සල්ලි..මට වියදම් වෙලා තියන සල්ලි කොච්චරද කියල ඇහුවොත් උඹ අඬනව.හැබැයි මූ මේ වැඩෙන් හම්බකරපු ගාන ඇහුවොත් උඹ ඉකි ගගහ අඬනව.

      Delete
  6. හොර වැඩ කරන්න ගිහින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    උඳු වපුරා මුං?

    අනික දෙවෙනිපාරට ලියපු පේපර් එකට කොහොමද ලකුණු 48 ක් ආවේ? රී-කරෙක්ෂන් දැම්මේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොර වැඩක් කරන්න හිතාගෙන ගිය ගමනක් නෙමේ මොකද නොසෑහෙන්න මහන්සි වුනා.ඒත් හොරෙකුට අහුවුනා..

      Delete
  7. බලන් යද්දි ලංකාවෙ මිනිස්සු කොහෝ ගියත් සක්විති වැඩ කරනවනේ.
    ඇයි ඉතිං 86 කියපු ලකුණු එකපාරටම 48 වුනේ. කොල් එකක් දීලා බැලුවෙ නැද්ද සක්විතිට...

    ReplyDelete
    Replies
    1. කතා කලා.ඒත් මනුස්සය අපිව මගෑරිය...විස්තරේ බලන්නකො ඊලඟ පෝස්ට් එකේ..ආවට පින්

      Delete
  8. කොහොමද බං ඒක වුනේ...

    ReplyDelete
  9. මම අවේ තුන්වෙනි කොටසින්. විජහට ගිහින් 1 - 2 දෙකම කියෙව්වා. ඒත් මට හිතාගන්න බෑ මු එහෙම කලේ කොහොමද කියල.. ඒත් මුට දෙන්න වෙනවා හොඳ රිටන් එකක් මදි නොවෙන්නම.

    ReplyDelete
    Replies
    1. මූ හැමදාම එලියට යන්නේ බුදු පානට වැඳල...ඌට හංබවෙයි රිටන් එක අනිවා.

      Delete
  10. මේ බුවා එකට ඉදන්නේ ඇරලා ගිහින් තියෙන්නේ. බලමු අන්තිම කෑල්ලත්

    ReplyDelete
  11. Kassa

    Are you talking about NATTI exam? Who is this person? Is he from Endeavour Hills?

    ReplyDelete
    Replies
    1. Yes its' NATTI.sorry mate, I can not reveal everything.you are on right track though.beware of this fraud.

      Delete
  12. අනිච්චාවත සංඛාරා...උබත් අහුවෙන ගැට

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද බන්.මම විතරක් නෙමේ ගොඩක් උන්.

      Delete
  13. මචන් මුගේ photo එකක් තියෙනවනම් දාපන් පොඩ්ඩක් මුණ බලාගන්න.

    ReplyDelete
    Replies
    1. දාන්න බැරිකමක් නෑ.ඒත් ඒක එච්චර හොඳ නෑ.

      Delete
  14. මූවගේ එකෙක්, මොනව කරන්නද දෙය්යොත් සල්ලි වලට විකිනෙන කාලෙනේ අය්යේ :/

    ReplyDelete
  15. සක්විති කියන පුද්ගලයා උපන්නේ උගන්වන්නමලු කියලා කොහේ හරි කියෙව්වා මතකයි. මේ පුද්ගලයාගෙන් පාඩමක් ඉගෙන්න ඇතිනේද? ඉතිරි ටිකත් කියවා බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩීන් අයිය.ජීවිත කාලෙටම පාඩමක් ඉගෙන ගත්ත

      Delete
  16. සක්විතිල තාමත් මෙහෙත් ඉන්නවා.. දේසපාලු රැකවරනය යටතේ..

    ReplyDelete
    Replies
    1. මෙයත් එහෙම තමා.උන්ට කවදහරි වැඩේ සෙට්වෙයි

      Delete
  17. විභාගෙට කලින් උත්තර ලියලා තිබ්බ පේපර් එකටම උත්තර ලියලත් ලකුණු 48ක් උනේ කොහොමද මචං..

    ReplyDelete
    Replies
    1. මම ඊලඟ පෝස්ට් එකේ ඒක ලියනව මචන්,බලපං!

      Delete
  18. අයියෝ සල්ලි...:D

    ඔයාත් අහුවෙලානේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලිම තමයි..බල්ලොත් නොකන සල්ලි

      Delete
  19. What is this exam? If there is anything I can help with, I would like to help you. I live near berwick.

    ReplyDelete
    Replies
    1. මේ තව සක්විති කෙනෙක්ද කොහෙද !

      Delete
  20. මට නං හොල්මං! ඊලග පෝස්ටුව ඉක්මනට දාපං.

    ReplyDelete
  21. පොඩ්ඩක් ඉන්ඩ බලන්ඩ. මේක එහෙම අරින්ඩ පුලුවන් කේස් එක්ක නෙමේ වගේ... මුල ඉදලා කියෝගෙන එඤ්ඤං!

    ReplyDelete
  22. කොයි මේකේ අන්තිම කොටස ඉතින්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...