මේ අතරේ මම දන්න කියන මගේ යාලුවො කිහිප දෙනෙකුත් මේ මනුස්සයට අඳුන්වල දුන්න.දැන් ඒ අයත් පන්තියට එන්න ගත්ත,ගොඩක් දවස් වලට පැය තුනක් විතර වාඩි වෙලා හිටියත් අපි කරගෙන ආපු දේවල් බලන්නේ පැය බාගයක් විතර,මොකද කියනවනම් ඒ තරමට ළමයි ඉන්නව.කොහොමත් එක පන්තියකට පස් හය දෙනෙක් අනිවාර්යයයි.බොහෝ විට සතියේ දවස් හතෙන් එක දවසක් ඇරෙන්න අනිත් දවස් හැම එකකම මේ මනුස්සය පන්ති කරනව,උදේට වගේම ගොඩක් දවස් වලට රෑටත්.
මාසයක්,එකහමාරක් යනකොට තුශාර අපිත් එක්ක ගොඩක් සුහද උනා.එක දවසක මම වැඩ කරන අතරේ කෝල් එකක් එනව මේ මනුස්සයගෙන්.කුස්සියේ කැම එක්ක ඔට්ටු වෙනකොට මම මගේ මවු තුමිය හැරෙන්නට වෙන කාගෙන් කෝල් එකක් ආවත් ආන්සර් කරන්නෙ නෑ.වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ ආපහු කතා කලා...
"මල්ලි මට පොඩි උදවුවක් ඔනේ.."
"කියන්න තුශාර අයියේ...ඔයාට කරන්නේ නැති දෙයක් මා ගාව නෑ නෙ."
"අපේ අක්කගෙ උපන්දිනේ මේ සෙනසුරාද,බැරිවෙයිද සිගාල එක්ක අවිත් පොඩි සින්දුවක් දෙකක් කියන යන්න."
සිගා කියන්නෙ මගේ බොක්කෙ ෆිට් එක්ක.උන් දෙන්න නිවුන්නු,සංගීතෙත් එක්ක ඉපදිච්ච් වුන් දෙන්නෙක්.මම මෙහේ ආපු දවසෙ ඉදල මට ගොඩක් උදවු කරපු එකෙක් තම පොඩි සිගා.හරියට කිවුවොත් මගෙ සහෝදරය වගේ.අපි එකට බෑන්ඩ් ගහපු කට්ටිය.මම බොහේ විට මගෙ සංගීත ගුරු තනතුරේ තියන්නෙ උන් දෙන්නව.
"මට නම් එදාට වැඩ..ඒත් මම අරුන් දෙන්නව සෙට් කරන්නම්,වැඩ ඉවර වෙලා තමා මට එන්න වෙන්න.."
ඔහොම මෙහෙම මෙයගේ ගොඩක් වැඩ වලට අපිව නැතුවම බැරි චරිතයක් වුනා.
ඔන්න දැන් මාස තුනත් පැන්න,අපිට එක්සෑම් එක බුක් කරන්න කියන්නේත් මේයාම තමයි.එයාට සැටිස් වෙන්න ඔනේ අපිව,හරියටම වැඩ පුලුවන්ද කියල හිතුනම් තමයි කියන්නෙ හා දැන් ගිහින් එක්සෑම් බුක් කරන්න කියල.
දවසක් හදිස්සියේම කර කර හිටපු පංතිය අතර මගදි නතර කලා.ඒ එයාට ආපු sms එකක් නිසා.අනිත් අයට යන්න කියන ගමන් මට කියනව
"මල්ලිට පරක්කු නෑනෙ ,ටිකක් වෙලා කයියක් දාගෙන ඉදල ප්ලේන්ටියක් එහෙම ගහල යමු,මම ගිහින් බස්සනම්."
ගෙදර වැඩකුත් නැති නිසා මමත් හා කිවුව..
කට්ටිය ගියා විතරයි,මෙන්න මේ යකා ම්ට කියන්ව,
"මල්ලි අද එක්කෙනෙක් එක්සැම් ලියනව, මනුස්සය හිර වෙලා,මට මුලු පේපර් එකම පින්තූර අරගෙන txt කලා,අපි සෙට් වෙලා මේක කරල යවමු.
මාව උඩ ගියා,ඒත් පේපර් එක ආපු එකට පුංචි සතුටකුත් හිතට ආවෙ නැත්තෙමත් නෑ,
මේ මනුස්සයගෙ ටෙක්නොලොජිය බ්ංදුවයි.ඉතින් ඒක ලප් එකට අරගෙන ප්‍රින්ට් කරල අපි දෙන්න බාගෙ බාගෙ බෙදාගෙන කලා,කරල ආපහු පිතූර අරගෙන අර කොල්ලට යැවුව,
මේ හොර වැඩේ උනාට පස්සෙ මනුස්සය මට කියනව,
"මල්ලි මේ සීන් එක කාටවත් කියන්න එපා...."
මමත් කටෙ කෙළ හලන්න ගියේ නෑ ඊට පස්සෙ ඒ සිද්දිය ගැන.
පස්සෙ දවසෙ ඉදල පන්තියට එන හැම කෙනාටම මේ පේපර් එක කරන්න ලැබුන.මේක මොඩල් එකක් කරගෙන එන්න කියල..
හැබැයි මම ඌට නිතරම කියපු එක දෙයක් තිබුන..
"අයියේ මේක මේ එන එන හැම එකාටම දෙන එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ,වැඩෙ ලීක් වුනොත් ඔයගෙ රස්සාව තමා යන්නෙ."
හැබැයි මිනිහ ඒ කතාව කනකට ගත්තෙ නෑ.
ඔන්න දැන් මගෙ එක්සෑම් දවසත් ආව,අනිත් අයට වගේම යන්න කලින් මටත් එක උපදෙසක් ලැබුන,
"ෆෝන් එක හංගගෙන පලයන්, ගිහින් පේපර් එකේ ස්නැප් ටිකක් අරගෙන වරෙන්."
සුබපැතුමක් වෙනුවට මට ලැබුන උපදෙස ඔච්චර තමයි.
ප.ලි
අර කොල්ල එක්සෑම් එක ඉහලින් පාස් වෙලා තියනව කියල පස්සෙ මට පින් දිදී කතා කලා...
ටික දවසකින් හොඳම හරිය වෙන අන්තිම කොටස...
තුන
උඹ ඇදගෙන නෑවේ නෑ නේ....
ReplyDeleteමට හිතෙනව බඩු හරිම තමා කියලා. නැත්තං කීයටවත් උඹ මේකට "සක්විති" කෑල්ලක් ගාවන්නේ නෑ....
ReplyDeleteමටත් හිතෙන්නෙ සක්විති නම තියන නිසා..... මොකක්හෝ අවුලක් ඇති.
ReplyDeleteසක්විතිලා බොහෝමයි.
ReplyDeleteඅනික් කොටස කියවන්න බලං ඉන්නවා.
බලමුකෝ ඊළග කොටසත්...
ReplyDeleteඅලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කිව්වා වගේ අලුත් අලුත් කපටිකම් කරන ඩයල් අඩු නැතුව බිහිවෙනවා :D
ReplyDeleteතව තියෙනවා නේ.මොකෙන් මොඅක වුනාද දන්නේ නැහැ.ඉක්මනින් දාපන්.
ReplyDeleteමුල කෑල්ලත් කියෙව්ව. බලමු මොකද වෙන්නෙ කියල.
ReplyDeleteනමේ අවුලක් වගේ..
ReplyDeleteමොකක්ද යකොඩෝ මේ යකා නටන නාඩගම???? ඔයා නෙමේ අයියා... තුෂාර... :))
ReplyDelete"අය්යෝ සල්ලි" කියල තමයි අන්තිම එකට කමෙන්ට් දාන්න වෙන්නේ
ReplyDeleteඔහොම එකෙක්මෙහෙත් ඉන්නවබං,වේලාවක් තිබුනොත් දාන්නම්..ලෝකේ කොහෙගියත් කාලකන්නිත් ඉන්නව,මනුශ්යොත් ඉන්නව
ReplyDeleteඅනිත් කොටසත් බලලාම ඉමු...
ReplyDeleteමොකක්ද මේ විභාගේ? පරිවර්තන විභාගයක්ද?
ReplyDeleteඇයි ටියුෂන් දෙන කෙනාට කස්ස ගේ උදව් ඕනෑ විභාගේ හොරට ලියන්න? එහෙම ලියන්න පුළුවනි නම් ටියුෂන් යන්නේ ඇයි?