නිසල ඉවුරට නිතර දොඩවනනොනැවතී එක දිගට දැවටෙනගලා යන නිල් නදිය දවසක් ඉවුර පැත්තට මුහුණ හරවාකණස්සල්ලෙන් මෙහෙම කිවුවා
හුදකලා හිම ගිරක මුදුනේ
ඔබට මා මුණගැසුන දවසේ
ගැඹුරු දිය පිරි රළ වෙරළ ඇති
දිගන්තය ඉම නිදන හිරු නිති
ඔබ කියු ඒ විසල් සමුදුර
ඉතින් සමුගෙන සොයමි තනිවම
කියා ගඟ බෑවුමක කොනකින්
බිමට පැන නොපෙනී ගියා
නදිය හැරගිය ඉවුර තනිවිය
වියලි ගහකොළ මල් ද පරවිය
ග්‍රීෂ්මය දිග ගෙවී නිමවිය
කන්ද මුදුනට අහස බරවිය