Nov 27, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.



ඔහු නමින් ගුනපාල විය.සියළු අග හිඟ කම් මැදින් වුවද තම ජීවිතය එකම එක අඟලක් හෝ උඩට ඔස වාතැබීමට  සියළු උත්සහයන් ගත්තද ඒවා සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් වූ බැවින්  ඔහුගෙ සුපුරුදු රැකියාව වු ගස්කැපීමටද සමුදී  සිය අවසාන උත්සහය උරගා බැලීම සඳහා  කැලෑ වැදුනේ හේනක් කොටා හෝ සිය ජීවිතය සරුකර ගැනීමේ අදහසිනි.
ගම අවට පිහිටි, සිය  රැකියාව කරගෙන ගියා, කුඩා වන ලැහැබ ඔහුට සිය පැල් කොටය මෙන් හුරු පුරුදු ස්ථානයක් වුවද, මේ ගමන සිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවේය.ඉර එලිය පොදක් වත් නොලැබෙන ඝණ වන අරන හා නිරන්තරයෙන්ම ගොදුරු සොයමින් කැලය පුරා සැරිසරන නොයෙක් ආකාරයේ වන මුර්ඝයන්ගෙන්ද අඩුවක් නොවූ මේ විශාල වනාන්තයයේ සිය රාජකාරියට සුදුසු ප්‍රදේශයකට  ඔහු පැමිනෙන විට ඉර බැසගොස් හෝරා කිහිපයක්ම ඉක්මවා ගොස් තිබිනි. ගෙදරින් නික්මෙන විට සිය සරමේ දවටාගෙන ආ කුරහන් තලප දෙක තුනම එක හුස්මට ගිල දැමූ ඔහු එදා රාත්‍රියම ගත කලේ හොඳින් වැඩී තිබූ පලු ගසක් මතය.ඇස් ගෙඩි ගිලිහෙන තරමට නිදිමත දැනුනද වරින් වර ඇසෙන නුපුරුදු ගෙරවුම් ,පහුරු ගෑම්  හා විලාපයන් ඔහුගේ සුවබර නින්ද පැහැරගෙන ගොස් තිබිනි.

අළුයම් කාලය වනවිට යාන්තමට ඇහැ පියවීගෙන ආවද සිය වම් උර හිස හරහා කිසියම් සීතල යමක් ඇදීයන බව ඔහුට  දැනුන බැවින් ගුනපාල අඩවන්ව තිබූ සිය දෙඇස් විවර කර එය කුමක්දැයි පිරික්සන්නට විය.ඝණ වන වියනින් යාන්තමට බේරී එන සූර්යයාලෝකයට ඔහුගේ නිදිබර දෙඇස් හැඩගැසීමට තත්පර කිහිපයක් ගතවිය.

ස්.......ස්.......
.
.
.
ඩෝං......

විදුලියක් පොළවට වැටෙන වේගයටත් වඩා වැඩි වේගයකින් පලු ගස මුදුනේ සිට රූටාගෙන විත් ඔහු බිමට වැටුනි.ඇතුවුන තැති ගැනීමත්,උඩ සිට බිමට වැටීමෙත් ඇතුවූ වේදනාවත් පසෙක ලා  ඔහු හැකි ඉක්මනින් පලු ගස අසලින් ඉවත් විය.ගුනපාල නිදාසිටි අත්තේ  වෙලී සිටින පිඹුරා තවමත් සිය ගොදුරට ඉවකරමින් පලුගසේ එතී සිටී.

වනයට පැමින එක් දිනක් වත් ගතවීමට ප්‍රථමයෙන්  ඔහු  සිය මරණයේ කෙලවරටම ගොස් පැමිනීම නැවතත් ගුනපාලට සිය පැල්කොටයේ ඇති ආරක්ශාවත් හා සුව පහසුවත්  මතක්කර දුන් නමුත් ආපසු හැරී  නොයෑමට  ඔහු ඉටා ගත්තේ මේ කැලයේ සිටියද, පැලේ සිටියද  අවසානයේ සටන් කරන්නේ සිය ජීවිතය උදෙසාම බව ඔහු තේරුම් ගත් පසුවය.

නැවතත් ඉර මුදුන් වීගෙන ඒමට ආසන්නය.පිපාසයත් ,බඩගින්නත් දැඩි වූ ගුනපාල සිය සාගින්න නිවාගැනීම කුමක් හෝ යමක් සෙවීම සඳහා අවට ඇති කුඩා පඳුරු හා වදුලු පරීක්ශා කරන්නට විය.හෝරාවකට අඩකට ආසන්න වනවිට  කෑමට සිදුසු යැයි හැඟෙන රතු පැහැති ගෙඩිවලින් බරවූ කුඩා ගස් කිහිපයක් ඔහුට සොයාගැනීමට හැකිවිය.ඇස් කඩාගෙන යන තරමේ රතු පැහැයක් හා යාන්තමට දැනෙන සුවඳකින්ද යුක්ත වූ මේ ගෙඩි වර්ගය ගමේ සිය පැල ඉදිරිපිට ඇති රතුපේර ගසේ ගෙඩි ඔහුට සිහිකලේය.

එයින් දෙක තුනක් කඩා ගත් ඔහු ඒවායින් එකක් කෑමට සැරසුනා පමනි,

"ඕව කන්න එපා.පිඹුරෙකුගෙනුත් බේරිලා  අන්තිමට වහ ගෙඩි කාල මැරෙන්නද කල්පනාව?"

යාන්තමට ඇසුනු ඒ කාන්තා හඬ  ගුනපාල සිටි ස්ථානයේම ගල් පිලිමයක් කිරීමට තරම්  බියක් ඇතිකලේය.

ඉතිරිය පසුවට.....

6 comments:

  1. නියම කතාවක් වගේ යාළුවා.. අනිත් කොටසත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
  2. ගුණපාල ඔච්චර බය නැති කෙනෙක්නම්..පිළිමයක් වෙන්න තරම් කාන්තා හඬකට බය වුනේ ඇයි?මතු සම්බන්ධයි කොටස ඉක්මනින් දාන්න

    ReplyDelete
  3. මාරම සජීවි අත්දැකිමක් මචන්...නියමයි

    ReplyDelete
  4. ඉතුරු ටික එනකන් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  5. මේක කියෙව්වා ඕන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...