අද ලියන්න යන කතාව, මේ මහා භද්‍ර කල්පයේදි පහළ වෙන අවසාන සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙන, මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන ලියවුන එකක්.කර්මය සහ විපාකය කියන එක සමාන්‍ය අපි වගේම, සියලු කෙළෙස් නැති කරල, මේ ලෝකෙ ලබන්න පුලුවන් උතුම්ම තත්ත්වය වෙන බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයෙකුටත් පොදු ධර්මතාවයක් කියන එකට තියන වැදගත් උදාහරණයක් එකතු කරන කතාවක්.
මට මතක විදියට, ආගිය කතා ලියන අපේ හසිත සහෝදරය, තවමත් කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂා වෙලා තියන මහා කාශ්‍යප මහරහතන් වහන්සෙගේ දේහය ගැන ලිපියක් ලියල තිබුන මීට මාස දෙක තුනකට උඩදි.ඒක කියවපු අයට සහ ඒක කියවල එන අයට මම මේ ලියන්න යන කතාවට හොඳ ආරම්භයක් ගන්න පුලුවන් වෙයි.
කතාවෙ හැටියට කාශ්‍යප මහ රහතන් වන්හන්සෙ කරපු අධිෂ්ඨානය නිසා උන්වහන්සෙගේ දේහයට කිසිම අනතුරක් නොවී,මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලය වෙනකම්ම කුක්කුට සම්පාත පර්වතය ඇතුලෙ ආරක්ෂාවෙලා තියනව.මෛත්‍රී බුදුහාමුදුරුවො උන්වහන්සෙගෙ ශ්‍රාවකයොත් එක්ක මේ ගල් තලාවට ඇවිත් උන්වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය අරගෙන ශ්‍රාවකයන්ට පෙන්නල උන් වහන්සෙගෙ ශ්‍රී හස්තයෙන්ම ආදාහනය කරනව.ඒත් මේ වෙලාවෙ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී හස්තය පිච්චිලා අල්ල පුරා ලොකු ගෙඩියක් හට ගන්නව.මේකට හේතුව එතුමා අතින් සිද්ධ වෙච්ච අතීත පාපකර්මක ප්‍රතිඵලයක් කියල තමයි කියවෙන්නෙ.
මේ සිද්ධියට මූලික වෙච්ච අතීත කතාව තමයි මේ..
ඉස්සර කාලෙක අපේ ගෞතම බුදුහාමුදුරුවො රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉන්නකොට, ඒ රජ තුමාගෙ ඇත් ගාලෙ ඇත්තු මෙල්ල කරන ඇත්ගොවුව වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ අපේ මෛත්‍රී බෝදිසත්වයන්වහන්සෙ.දවසක් රජතුමාට ගමනක් යන්න වෙලා ඇත් ගොවුවගෙන් ඇතෙක් ඉල්ලගෙන යනව.ඇත්ගොවුවත් ගාලෙ ඉන්න කීකරුම ඇතාව සරසල රජතුමාට බාර දෙනව.රජතුමා ටික දුරක් ඇතා පිට යද්දි ඇතින්නියකගෙ ඉව වැටිච්ච ඇතාට මද කිපිල, පිස්සු නටල, ඇතින්න හොයාගෙන කැලේට දුවනව.රජතුමා යන්තමට ගහක අත්තක එල්ලිලා තමයි ජීවිතේ බේරගෙන තියෙන්නෙ.පස්සෙන් පහු, රජ මාලිගාවට ආපු රජතුමා,අකීකරු ඇතෙක් තමන්ට දීපු එකට ඇත්ගොවුවට හොඳටම දොස් කියල තියනව.ඇත්ගොවුව කොච්චර කරුණු කිවුවත් රජතුමාගෙ හිත වෙනස් කරගන්න බැරිවෙලා.
දවස් දෙක තුනකට පස්සෙ තමන්ගෙ රාජකාරිය අහවර කරපු ඇතා කැලේ ඉඳල ආපහු ඇත් ගාලට එනව.ඇතාගෙ කීකරු කම මනින්න හිතාගෙන ඇත්ගොවුව එක එක දෙවල් කරන්න ඇතාට අණ කරනව.ඇතත් ඒ කියන හැම දේම ගොඩක් කීකරු හිතින් ඉශිඨ කරනව.ඇතා සම්පූර්ණයෙම්ම ඇත්ගොවුවට කීකරුද බලන්න අන්තිමටම ගිනියම් වෙච්ච යකඩයක් අල්ලන්න කියල ඇත්ගොවුව ඇතාට අණ කරනව.කඳුළු පිරිච්ච ඇස්වලින් ඇත් ගොවුවගෙ මූණ දුහා බලගෙන කීකරු හිතින් ඇතා උගෙ හොඬින් අර ගිනියම් වෙලා රත් ගැහිච්ච යකඩෙ අල්ලනව.ඒ වෙලාවෙ ඇතාගෙ හොඬවැල චිරි චිරි ගාල පිච්චෙනව.ඇත්ගෝවුවගෙ අණින් ආපහු ඒ යකඩෙ ඇතා අතාරිනව.මේ සිද්ධියෙන් පස්සෙ හැමෝම දැනගන්නව ඇතා අකීකරු වුනේ ඌට ඇතිවෙච්ච රාග හැඟීම් නිසා කියල.ඒ කීකරු ඇතා වෙලා ඉපදිලා ඉඳල තියෙන්නෙ මහා කාශ්‍යප හාමුදුරුවො.එදා ඇත්ගොවුව වෙලා ඉපදිලා හිටපු මෛත්‍රී බෝදිසත්වයො ඇතාගෙ හොඬවැල පුච්චපු පව අනාගතේ බුද්ධත්වය ලැබුවට පස්සෙ විපාක දෙනව.
"මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා
මනසාචෙ පදුට්ඨෙන-භාසතිවා කරොතිවා
තතොනං දුක්ඛ මන්වෙති-චක්ඛංච වහතො පදං"
වේදනා,සංඥා,සංස්ඛාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධම්ර්
සංඛ්‍යත චෛතසිකයෝ සිත පෙරටු කොටැ ඇත්තෝය.සිත උතුම් කොටැ ඇත්තෝය.සිතින් ම උපදිනා හ.ඉදින් ලෝභාදී අකුශල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින්,මෘෂවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් අතුරෙන් යමක් කියයිද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතයන් අතුරින් යමක් කරයිද,අභිධ්‍යාදී ත්‍රිවිධ මනො දුශ්චරිතයන් අතුරින් යමක් සිතයි ද,ඒ හේතුකොට ගෙන ගැල අදින්නා වූ ගොණාගේ පය අනුව ගමන් කරන රථ රෝදය මෙන් ඒ අකුශල කම්ර් යෙහි විපාක වූ දුක් ඔහු පසු පස ගමන් කරන්නේය.
(ජේත්වන :චක්ඛුපාල තෙරුන් ඇරබ )
චෛතසිකයෝ:-සිත හා එක් ව උපදින, එක් ව නිරුද්ධ වන සිතිවිලි
චතුර්විධ වාග් දුශ්චරිත:-බොරු කීම ,කේලාම් කීම පරුෂ වචන කීම හා නිශ්ඵල වචන කීම
ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම
ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි
ත්‍රිවිධ කායදුශ්චරිත:-සතුන් මැරීම,සොරකම් කිරීම හා කාමයෙහි වරදවා හැසිරීම
ත්‍රිවිධ මනො දුශ්චරිතය:-අභිධ්‍යා,ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටි
මේ ගෞතම බුදු සසුනේම උතුම් පන්චශීලය රකිනා සැදැහැතියන් බිහිවී වහ වහා ඔවුන් නිර්වාන ගාමී වේවා!
මූලාශ්‍ර:පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි ගේ කර්ම විපාක ග්‍රන්ථය.
ගෞතම බුදු හාමුදුරුවන්ටත් බුදුවුණු භවයේදීත් ඵල දුන්නු අකුසල කර්ම ගැන ලිපියක් ලියන්න ඉන්නේ. බුද්ධි අයියා තමා ඉල්ලීම කළේ....
ReplyDeleteමේ ලිපිය ඒකට හොඳ පිවිසුමක් විදිහට ගන්න පුලුවන්. අයියාට පිං :)
අපේ ඉල්ලීම් අපට දියව්!
Delete@ බුද්ධි
Deleteමේ වැඩ ටිකෙන් විවේකයක් ලැබුණු ගමන් ඉල්ලීම දෙන එක දෙනවාමයි අයියණ්ඩි :)
http://mahason-brotherhood.blogspot.com/2012_05_01_archive.html
Deleteසුනේත්‍රා රාජකරුණානායකගේ පුනර්ජන්ම අපූර්වය 76-77 පිටු
Deleteඅද් තමයි පළමු වතාවට මේ සිද්දිය කියෙව්වෙ....ස්තුතියි කස්සො
ReplyDeleteබ්ලොග් අවකාශය පුරා(වර්තමාන) ගද ගැසූ පිළුණු ලිපි අතර රස සුවද ඇති වටිනා ලිපියක්..
ReplyDeleteබොහොම ස්තුති අදයි ,එහෙම කථාවක් දැනගත්තේ..
ReplyDeleteමේ කතාව කටවචනෙන් අහලා තිබුනා. ඒත් මේ ඇතාවත් ඇත්ගොව්වවත් කාශ්‍යප රහතන් වහන්සේ සහ මෛත්‍රී බෝධිසතාණන් වහන්සේ කියලා කියවුනේ නෑ.
ReplyDeleteඔය ඇතා දින තුන හතරකින් නැවත ඇත් ගාලට එයි කියලා ඇත්ගොව්වා පුන පුනා කිව්වලු රජතුමාට. මොකද ඇත්ගොව්වා දන්නවලු හේතුව.
අන්තිමේ ඇතා ආවට පස්සෙ කිකරු පරීක්ෂණය එහෙම කලාට පස්සෙලු රජතුමාට තේරුනේ රාග ගින්නේ බරපතල කම - නේද?
එහෙම බලද්දි මේ හැමදේම සිද්දවෙලා තියෙන්නෙ හරිම සැලැස්මකට අනුවයි කියලා දැන් හිතෙනවා.
මෙකතා තියෙන්නෙ ත්‍රිපිටකයෙද .
ReplyDeleteඅවලෝතිකේෂ්වර සහ මෛත්‍රි බුදුන් පිලිබද මට තිබ්බ පැටලීම දුරු කලේ කැළනි විහාරෙ ලොකු හාමුදුරුවෝ. දවසක පෝස්ටුවක් දමමි !
ReplyDeleteකවදාවත්ම අහලා තිබුනේ නැති කතාවක්!!!
ReplyDeleteඅර ඇත් රජා ගැන හිතට ආවේ හරිම අනුකම්පාවක්. මෙතරම් කාලයක් තමන් කරපු අකුසල කර්මයක් ගෙවා දමන්නට ඒ වගේ උතුම් අයටත් සිදුවෙනවානම්. අපි වගේ අය ගැන කුමන කතාද නේද?
Api ahapu nathi katha thawa kochchara athida kiyala hithuna.
ReplyDeletePoddi anthima ta kiwwa deta matath ekanga wenna wena. Aththa thamai.
ඇත්තටම මමත් අහල තිබ්බෙ නැති කතාවක්... ස්තුතියි..
ReplyDeleteමම කලින් අහලා තිබුනේ නෑ මේ කතාව.. මේක ගැන ලිවුවට පිං කස්සෝ..
ReplyDeleteමමත් මෙ ගැන අහන පලවෙනි වතාව දැනුවත් කිරීමට ස්තූතියි.
ReplyDeleteකලින් දැනගෙන හිටියේ නැති කතාවක් ....
ReplyDeleteබේරිල්ලික් නෑ ඒ කියන්නේ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් මේ කතාව අද ඇහුවේ
ReplyDeleteධර්ම දානයට ගොඩක් පිං
බුදුවරුන්ටත් විපාක දෙන කර්ම එක්ක බලනකොට සාමාන්‍ය මිනිස්සුන්ට මොන රැකවරණයක්ද ධර්මයේ හැර ? වටිනා ලිපියක්!
ReplyDelete"Agiyakata" harha isara welama awya. digatama enwa..
ReplyDeleteJaywewa,
Sajith Mendis.
පොඩි දෙයක් පැටලිලි සහගතයි.. අනාගත බුදුන්ට එහෙම අතේ තුවාලයක් වෙනවා කියලද තියෙන්නේ නැත්නම් වුනා කියලද. වුනා කියල කියන්න බැහැ නේ.තවම ඉපදිලා නැති නිසා.
ReplyDeleteපව්කම් දුරු වේවා.....
ReplyDelete