Aug 15, 2020

වෙඩින් ෆොටෝකාරයා!

 

 

තව ටිකක් ලංවෙන්න - ඉඟටියෙන් අල්ලන්න

ප්‍රේමයෙන් මුසපත්ව - දෑත් පටලා ගන්න

කාචයේ සොඳුරු තැන - දෙදෙනාම හසුවෙන්න

පුංචි පියවර දෙකක් - ප්ලීස් පස්සට යන්න 

〜〜〜

වෙඩ්න් එක දවසයිද - එකයි විසිපන්දහයි

වීඩ්යොත් කරනවද - පැකේජය හැටදහයි

ප්‍රී ශූට් අවශ්‍යද - තවත් විසි පන්දහයි

ඇල්බමය හැට දහයි

රාමුකල පින්තූර - වලට තව තිස් දහයි 

දෙවෙනි ගමනක් එහෙම 

ප්ලෑන් කරලා නැද්ද

එහෙම වුනොතින් තවත් - හැත්තෑ පන් දහයි

〜〜〜

මේ දවස්වල නැකැත් - බොහොම වැඩි කාලයක්

දවස ගානෙම අපිට - වෙඩින් වැඩ කෝටියක්

කලර් එඩිටින් කරන - මල්ලිටත් මළ ගෙයක්

කලින් ජොබ් දෙක තුනක - ඉවර නෑ බාගයක්

ෆොටෝ ෆිනිෂින් එකට - දෙන්න තව කාලයක්

ඔය හිටිය වගේ තව - ඉවසන්න මාසයක්

1 comment:

  1. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...