ඇගේ මළගම.. දිනය අවසන..
නිසළ ඇගෙ.. මළ සිරුර සැතපෙනෙ..
කඳුලු පෙට්ටිය.. කර තියාගෙන..
නො එන ගමනක්.. රැගෙන යන්නට..
බැරිව ගිය තැන.. අඳුරු හවසක..
ඇය ඉතිරි කර.. මට දාමා ගිය..
පෙර අතීතෙක.. මතක සැමරුම..
තනිව රැකගමි.. සුසුම් මැදි කොට..
තනිව රැකගමි.. සුසුම් මැදි කොට..
නිධන් කර.. හදවතේ ගැඹුරක..
මේ ඇත්තම කතාවක්ද කස්සෝ......? හැබැයි ශෝකාන්විටැහැ පද බැඳුමක්. ගොඩකාලෙකින් දැක්කේ. ජීවිතේ හැටි ඔහොම තමයි බන් අපි කාටත් කවද හරි දවසක යන්න වෙනවා
ReplyDeleteකතාව ඇත්ත.මේ දවස් වල ටිකක් වැඩ වැඩී.ඇවිත් ඔහේ ඔළුවක් දාල යනව.මුකුත් ම ලියන්න වෙලාවක් නෑ.මේ පැත්තෙ ආවට ස්තුතී.
Deleteඒම දුකකි, යාම දුකකි, ඒම යාම අතර දුකකි!
ReplyDeleteදුකයි ඒ අවාසනාවන්ත අවසානය.
ReplyDeleteහැම සත්ත්වයම උපදිනකොට අනිවාර්යයෙන්ම උරුම කරගෙන එන එකම දේ...
ReplyDeleteයන එන අය මිස රැඳෙන කෙනෙක් නැත
ReplyDeleteතුන් කල් බැඳීම් හීනයක්
හ්ම්ම්... ලස්සන සංෙව්දි නිර්මාණයක්.
ReplyDelete:( ජීවිතය...අනෙක් අත හැරයාමය
ReplyDeleteඉතිරිකොට දී මැද මතකය..
හැමෝටම අන්තිමට වෙන දේ......
ReplyDeleteඅයියා... මේ අර "මගේ රෝස මල පරවුණා" කිව්ව පෝස්ට් එකේ කියපු කෙනාවත්ද? :O
ReplyDeleteඅයිය දැන් ඒ පැත්තෙ එන්නෙත් නෑ.. ඒ මදිවට මගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එකත් අයින් කරගෙන නේ? :(
Deleteඒන්නෙ නැතුව නෙමේයි.මේ දවස්වල ගොඩක් වැඩ.නිවාඩුවක් ඇත්තෙම නෑ.කමෙන්ට් වල පොඩි අවුලක් ගිහින් ඩිලීට්වෙලා.සමාවෙන්න.
Deleteකස්සෝ තාම ඔය දුක මකා ගත්තෙ නැතෙයි! දහම මිස අන් සරනක් කොහිද? මල්ලියේ.
ReplyDeleteඒක මකාගෙන ඉවරයි චන්දි අක්කෙ.ඒත් ඉතින් කන්දක් වගේ තියන මතක ටික තමයි ප්‍රශ්නෙ.මේ තනිවෙච්ච වෙලාවක හිතට ආපු වචන ටිකක්
Deleteoya dannawada kassa, shane mahana wuna kiyala warburton wala..?
ReplyDeleteඔවු,මම දන්නව.ඒක මම ගොඩ කාලෙක ඉඳල දැනගෙන හිටියෙ.ඒත් මට යන්න බැරිවුනා.මෙහෙ වැඩ වැඩි නිසා.ශේන් මහන වෙන්න කලින් මම ශේන් එක්ක එහෙ සතියක් ඉඳල ආවෙ.වෙලාවක් ලැබුන ගමන් යනව ඒ පැත්තෙ.
Deleteඇනෝ...
Deleteඔයා කවුද කියන මම හොයාගත්තෝ!...ඒත් ඔයා කොහොමද ශේන්ව දන්නෙ?