ඉස්සර බක් මහට එන අලුත් අවුරුදු ගැම්ම දැන් දියාරු වී ගොසිනි.කැවුම් සුවඳ නැත.කොහා පැත්ත පලාතකවත් නැත. එල්ලේ පාරක් ගැසීමට කුඹුරු වැඩ අහවර වූ, අඩක් කැපූ, වියලී ගිය ගොයම් ගස් පිරි වෙල් යායක් හොයා ගැනීම ඉතා අසීරුය.දැන් හැදෙන වුන් අලුත් අවුරුද්ද සත පහකට ගනන් ගන්නේ නැත .
අපේ කාලයේ ඇඟටම පදම් වූ අලුත් අවුරුද්ද, කාලයත් සමග යකාට ගොස් ඇතැයි විටෙක සිතේ.වෙසක්, පොසොන්,සරුංගල්, ජිල් බෝල,දියකඩිති,කිරල බට තුවක්කු එකී මේකි නොකී සියළු දෑ, තාක්ෂණයට ස්තූති වන්නට නැතිවී ගොසිනි.ඇත්තේ පම්පෝරි ගැසීමට ඉතුරු වූ සුන්දර අතීතයක් පමණි.
අපේ කාලයේ ඇඟටම පදම් වූ අලුත් අවුරුද්ද, කාලයත් සමග යකාට ගොස් ඇතැයි විටෙක සිතේ.වෙසක්, පොසොන්,සරුංගල්, ජිල් බෝල,දියකඩිති,කිරල බට තුවක්කු එකී මේකි නොකී සියළු දෑ, තාක්ෂණයට ස්තූති වන්නට නැතිවී ගොසිනි.ඇත්තේ පම්පෝරි ගැසීමට ඉතුරු වූ සුන්දර අතීතයක් පමණි.
යන්නේ කොහේද? මල්ලේ පොල් වැනි මාතෘකාවක් හා ආරම්භයක් ඇතත්, කතාව අවසානයේදී මේ දෙක සමපාත වනු ඇතැයි සිතමි.
කතාව මෙසේය...
මාගේ සහෘදයෙකුට ඉතාම ආසන්න දවසක මහ උලු ගෙදර යාමට නියම වී ඇත. මොකක් නමුත් හේතුවකට සෙට් වෙන්නට බලා සිටින අපේ කණ්ඩායමට මෙය අමෘතය බඳු විය.
“අඩෝව්.. මේව මෙහෙම යන්න දෙන්න බෑ. මොනව හරි ලොකුවට කරන්න වෙනව. කසාදයක් කියන්නෙ සෙල්ලං දෙයක් නෙමේ“
සංවිධායක වරු වැඩේට බැස්සෝය.ඉන්නට නවාතැනක්, කළබලකාරී නගරයට බොහේ ඈතින් පාලු ප්‍රදේශයකින් සොයාගනු ලැබින. කෑමට බීමට සහ වෙනත් දෑ වලට ගනන් හිලවු සාදා අවසාන විය.
“හැමෝම සරං අරගෙන වරෙව්! එදාට අවුරුදු සෙල්ලම් තියනව“
ඉපදී මාස කිහිපයකින් සිය රට දාමා ආ, සුද්දන්ගේ රටේ උන්ගේ පාසැලට ගොස්,කඩ්ඩෙන් ඉගෙන ගත් එකක් එසේ කීවේය.ගමනට එකතුවූ මුළු ගණන තිහකට ආසන්න විය.
“කොල්ලොම තිහක් විතර! මරුවට තියෙයි”. එකෙකු කීවේය.
බොහෝ නිස්කලංක පරිසරයක, බලු බල්ලෙක් නැති පාලු ගොවිපොලක පිහිටා තිබූ නවාතැන, රැ එලිවෙන තුරු ගිරිය පුප්පාගෙන කෑ මොරදෙන අපේ වුන්ට දිවි විමනක් බඳු විය.බොහෝ විට බෝතලයක් කඩා ආරම්භවන සාදය, කිලෝ පහක බාස්මතී හාලේ කිරිබත්,ලුණුමිරිස්,කැවුම් හා කොකිස්, කෙසෙල් වැනි අවුරුදු කෑම වලින් පිරී තිබුනි.
"හැමෝම ඇඳපියවු ගෙනාපු සරං. මේක සිංහල අවුරුද්ද! "යොජනාව කළ එකා ගුගුළේය.
වීදුරු ගැටෙන හඬට චියර්ස් හඬ මුසුවෙනවා වෙනුවට හැමෝම එක එකා බදා අලුත් අවුරුද්දර සුභ පැතුවෝය. හිර ගෙදරට යන එකාගේ අතින් දැල්වූ ඉටිපන්දම් ආලෝකයෙන් කෑම මේසය විවෘත්ත විය.වසර තුනකට පෙර සිය රට ගිය කාලයේ, අපේ ගෙදර අවුරුදු කෑම මේසයට පසු මෙහෙම සරුවට කෑම මේසයක් දැක්කේ එදාය.
ඉස්මුරුත්තාවට එන තරමට කිරිබත් ගිල දමා ටික වේලාවකට පසු අලුත් අවුරුදු තරඟ ආරම්භ විය.එකෙක් මේසයක් මත පින්තාරු කරගෙන ආ අලි රුව බීර පීප්ප දෙකක් මත තැබීය.හැඳි සහ බිත්තර තවෙකෙක් ගෙනාවේය.
“දෙහි නෑ බං! බිත්තර තියනව.බින්ද එකාට හෙට උදේට බිත්තරේ නෑ.”
දරු මල්ලෝ හදන වයසේ වුන්,පොඩි වුන් මෙන් අවුරුදු සැමරූහ. අලියාට ඇස තැබුවෝය.හැන්ද මත බිත්තර තාබාගෙන ගියෝය. ඇඳසිටි සරං උනා මීටර් සීයය දිවීය.තරගාවලිය අවසනයේ කුඩා තෑගි ප්‍රධානෝත්සවයක්ද තැබුවෝය.
මේ සියල්ල අවසාන වනවිට බොහේ රෑබෝවී තිබින.ඉන්පසු ගිටාර් කටු, ඩ්‍රම් කටු ගෙන, රෑ එලිවෙනතුරු ගී ඟඟුලක කිමිදුනෝය.කාමර හත අටකට වඩා තිබූ නවාතැනේ බොහේ ඇදන් හිස්ව තුබුනි. මා ඇරෙන්නට තව එකෙකු නිදා ගත්තාදැයි නොදනිමි.
හෙලුවැලි ගෑනු නටන බක්ස් පාටි, හැඩි දැඩි අයෝමය මිනිසුන් ශිෂ්ණ වනන හෙන්ස් පාටි සංස්කෘතිය සිංහල රටේ හරි හරියට සිදුවෙන විට, මගේ සහෘදයින් අලුත් අවුරුද්ද අමතක නොකර හැසිරුන ආකාරය ගැන මට බොහේ ආඩම්බර විය හැක.සංස්කෘතිය බල්ලාට ගෙස් සුද්දාගේ අහවල් එක වැළඳගන්නා රටක, සිය සංස්කෘතිය රැකගැනීමට පිට රටක ඉපදුනු උන්ට ඇති කැක්කුම ගැන ආඩම්බර විය හැක.
දන්නා කියන කිසිම එකෙකුට ඔය කලින් පාටි තිබුණේ නැත. හෝම් කමින් විතරයි!
ReplyDeleteදැන් හැදෙන වුන්ගේ හැටිනෙ..ඔබතුමාගෙ බ්ලොගය කියවාගෙන යන විට"ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia " මා හා මගේ බ්ලොගය මතක් කර ඇතිබව වැටහුනි.සමහර ප්‍රශ්න විසඳීමට කාලයට හැකි නිසා නොලියා සිටීමට තීරණය කලෙමි. බොහොම ස්තුතී.
Deleteහිහිි... ඒක නං මල් හතට තියෙන්න ඇති නේහ්..
ReplyDeleteකාලෙකට මතක තියෙයි නේ
කියලා වැඩක් නෑ.කොල්ලො සෙට් උනාම ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ
Deleteමදෑ තිහක් එකතුවුනා නං...
ReplyDeleteමරු අවුරුදු කෑමක්...
ReplyDelete