රාජ්! ඒ හැමකෙනෙක් ම ඔහුව ආමන්ත්‍රණය කරපු නම.රාජ් කුමරස්වාමි මට මුන ගැහිල අද වෙනකොට වසරක් ගතවෙලා.උප්පතියෙන් දකුණු ඉන්දීය ජාතිකයෙක් වුන රාජ්, වැඩි උස මහත නැති, ප්‍රියමනාප පෙනුමක් හෙබි, බොහොම කාරුණික ගති ඇති ආසියාතිකයෙක්.මට හිතෙන හැටියට ඔහුත්, ඔහුගෙ බිරිඳ ගීතාත්, ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා අද වෙනකොට බොහෝ කාලයක් ගතවෙලා ඇති.
රාජ් රැකියාව කරන පාසැලේ බොහෝවිට ඉගෙන ගත්තෙ තරමක් ඉහල පැලැන්තියේ ධනවත් පවුල් වල ළමයි.ඔවුන් බොහොමයක් ස්වබාවයෙන්ම හිතුවක්කාරයි. නමුත් අපේ කතා නායකය මේ මුරණ්ඩු ළමුන්ට සැලකුවෙ බොහොම කාරුණික විදියට.හරියටම කියනව නම්, තමන්ටත් මේවගේම ළමා කාලයක් තිබුන නේද කියන සිතිවිල්ල හිතේ තියාගෙන වගේ.දිවා ආහාර වේලාවට පවා රාජ්ගෙ ඔෆිස් කාමරේ ඉදිරියේ තියන කොරිඩෝව දිගේ එක සීරුවට දුවන මේ පොඩි උන්ගේ ගෝරනාඩුවට වත් සැරෙන් සැරේට ඔෆිස් කාමරේ දොරට තඩිබාල අහන අහිංසක ප්‍රශ්ණ වලටවත් කිසිම අමනාපයක් නැතිව ප්‍රතිචාර දක්වන්න තරම් ඔහු කාරුණික වුනා.
....................................................................
යාන්තමට දිස්වෙන ලා නිල්පාට දර්ශණ බොහොම වේගයෙන් වෙනස් වෙනව.හිසට උඩින් අයෝමය විදියට සුදුපාට ආලෝකයක් දහවල් හිරුගේ ගිහි පුපුරු වලට වඩා චණඩව රාජ්ගෙ මුහුනට පතිත වෙමින් තිබුන.යකඩ උපකරන ගැටෙන හඬ, නොනවත්වා ඇසෙන බීප් නාදය ඔහුගේ මනසට අරගෙන ආවෙ ලොකු ප්‍රශ්ණාර්ථයක්. නමුත් තමන්ගේ වටපිටාවෙ මේ සිද්ධවෙන වෙනස්වීම් අනුමාන කරගන්න තරම් කල්පනාවක් රාජ්ට තිබුනෙ නෑ.
....................................................................
තාලියා! ඒ රාජ්ගේත් ගීතාගේත් එකම වස්තුව. රාජ්ගෙ පුංචි දෝණි.එයා මේ ලෝකෙ එළිය බලන වෙලාවෙ, රාජ්ට අරගෙන ආපු සතුට අතරට ලොකු දුකකුත් එකතු වෙලා තිබුන. තාලියාට දරුණු රෝගයක් වැලඳිලා.අලුත ඉපදෙන අනිත් කිරි කැටියො වගේ ඇය ඇඬුවෙ නෑ. පුංචි අත පය සෙලෙව්වෙ නෑ.ඇය හිටපු වාට්ටුවේ දොස්තර වරු කිවුවෙ ඇයව වැඩිකාලයක් ජීවත් කරන්න බැරිවෙයි කියල.ඇයට දරුණු ස්නායු රෝගයක්.රාජ්ගෙ මුලු ජීවිතේම කඩා වැටෙන්න ගත්ත.
පුංචි තාලියාට වසර තුනක් පිරෙන උපන්දිනේට රෝහලේ සියලුම දනා එකතුවෙලා.රෝහල් කාමරය පාවෙන පාට පාට බැලුම් වලින් පිරිල. රාජ් එයාගෙ බිරිඳත්, මේ චුටි කෙල්ල දිහා බලාගෙන හිනාවෙනව.බොහොම විඩා පත් වෙච්ච පුංචි ඇස් දෙකෙන් තමන්ගෙ දෙමව්පියො දෙන්න දිහා බලාගෙන ඇයත් යන්තමට හිනා වෙනව. ඒ ඇගේ පාලනයෙ තිබුණ එකම අවයවය. ඉතින් ඇය හැම දේටම හිනා වුනා. රාජ් සිය දියණියව වසර තුනක් ජීවත් කරවල.ජීවත් කරවන්න බෑ කියපු තාලියා ඇගේ වසර තුනේ උපන් දිනය බොහොම ඉහලින් සැමරුව.
ඉතිරිය ලබන සතියට...
මිනිස්සුන්ට වෙන දේවල් මාරයි නේද???????????
ReplyDeleteතව ඉවර නෑ
Deleteඉතුරු ටිකත් බලන්න ඉවසිල්ලක් නෑ
ReplyDeleteඇයි මේ පොස්ට් එක එක පාරින් ඉවර කරන්න බැරි තරං දිගද වෙන්ට බෑ...
තාලියා පව්... ඈ තම ජීවත් වෙනව නේද
එක පාටර ඉවර කරන්න තිබුන ඒත් කතාව ටිකක් වෙනස් වෙන නිසා කෑලි දෙකකට ලියන්න හිතුව...ඇවිත් ගියාට ස්තුතී
Deleteඅදයි ඔසිකතා දැක්කේ.. වසන්තයට අවදි වෙලාද?? ජය වේවා. මාත් දන්න රාජ් කෙනෙක් හිටියා හැබැයි එයා උතුරු පළාත ලංකාව.. හරිම හොද කෙනෙක්..
ReplyDeleteඒකලේ හිටිය.. කට්ටිය දන්නව...ටික කාලයක් නොලිය ඉඳල ආපහු ආව..මේපැත්තෙ ආවට ස්තුතී
Deleteකස්සා මල්ලියේ දුක්බර කතාවක ඉඟියකින් මෙ කොටස නවතා ඇතැයි හිතේ.
ReplyDeleteමම මැදපෙරදිග ඉන්න කාලේ ස්පෙෂලිස්ට් හොස්පිටල් එකක වොලන්ටියර් සර්විස් එකකට අත දුන්නා. පමණක් ක්ලිනික් වලට ගිහින් ආවාම ඒ දකින ඒවා හිතේ වද දෙනවා දින සති ගනන්.
ඒ දවසක හිතවත් දොස්තරවරියක් කියුවේ නෙයෙකුත් අඩුපාඩුකම් තියෙන දරුවන් ද අනෙක් දරුවන් වගේම වාසනාව අඩු වැඩියෙන් තුරුළු කරන් මෙලෝකෙ ඉපදෙනවා. ඒ දරුවන් පිදෙන්නේ ඔවුන්ව රැකබලා ගන්න හැකි දෙමාපිය තුරුලටයි කියන අදහසක්.
ඇත්තෙන්ම එවැනි දෙමාපියන්ගේ ජීවිතය අභියෝග ගොඩාක්, ඔවුන්ට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක් හා ඉවසීමක්.
ඒ ගැන නම් කියල වැඩක් නෑ. මේ මනුස්සයට තියන ආත්ම ශක්තිය දැක්කම පුදුම හිතෙනව. කතාව ටිකක් දුක්බරයි.
Deleteසංවේදී කතාවක් . ඉතිරි කොටස බලමු.
ReplyDelete