පොල්ගෙඩි වගේ වැටෙන දාරාණිපාත වැස්සට පාරට අලියෙක් පැන්නත් පේන්නෙ නෑ.දිගට ඇදෙන වාහන පෝලිමේ සුඇඟිල්ල ගහන්න පුලුවන් හිස්තැනෙත් ත්‍රීවීල් බුවෙක් ඇවිත් හොම්බ ඔබා ගන්නව.මාලබේ පාර පිරෙන්න වාහන.
"පුදුම ට්‍රැෆික් එකක් නෙ මේක.මෙච්චර වාහන ගොඩක් මගෙ ජීවිතේට දැකල නෑ." මම කතාවට මුලපිරුව.
"අද පෝයනෙ මිනිස්සු පංසල් ඇවිත්." අපේ එකා සුක්කානමට බරවෙලා මට උත්තර දුන්න.පහුගිය ජනවාරියෙ ලංකාව ආපු වෙලාවෙ මගේ යාලුවෙකුගෙ ගෙදර යන්න මමයි මල්ලී වහනේට නගිනකොට හවස හතරට විතර ඇති.
මොරසූරන වැස්ස සත පහකට මායිම් නොකර මිනිස්සු පංසල් යනව. හිතට දැනුනෙ බොහොම ප්‍රියමනාප හැඟීමක්.කල්පනාවෙන් කල්පනාවෙන් අපේ රෝද හතර SLIIT එකත් පහුකරගෙන වාහන පෝලිම අස්සෙන් ඉස්සරහට ඇදෙනව.වැහි වතුරට බොඳ වෙච්ච ඉදිරිපස කන්නාඩියෙන් රත්තරන් පාටට බොහොම උසට පේන චායාව වැස්ස අස්සෙ හරියට අඳුර ගන්න බෑ.විශාල ස්තූපයක්. වටේම තියන උස පොල් ගස් ලිලිපුට්ටො තරමට පේන ගලිවර ගොඩනැගිල්ලක්.
"දෙයියනේ මේ මහමෙවුනාව නේද? " මට එකපාරටම කියවුනා.
අවුරුදු දෙක තුනකට කලියෙන් ලංකාවට ආපු වෙලාවෙ පුංචි තාප්පෙකින් වටවෙච්ච,පොඩි ගොඩනැගිල්ලක තුබුන අසපුව අද පතාක යෝධයෙක් වගේ අහස උසට ගොඩනැගිල. ඉස්සරහින් නයිපෙන හතක් යට වැඩ ඉන්න ලොකු රන්මුවා බුද්ධ ප්‍රතිමාවක්. බොහොම ජැන්ඩියට සුදු වතින් සැරසිච්ච උපාසක උපාසිකාවො අසපුවට ඇවිත්. ඒ උත්තමයන්ගෙ සුපිරි රථ පෝලිමට අසපුවේ ගෙට්ටුව ගාව.කඩි ගුල ඇවිස්සුව වගේ මිනිස්සු පාර පනිනව.මල් විකුණන,තෙල් හඳුන්කූරු විකුණන, කීයක් හරි හොයාගෙන බඩවියත රැකගන්න මහන්සිවෙන මිනිස්සු මහ වැස්සෙ අරියාදුව මායිම් නොකර පුංචි කුඩ අස්සට වෙලා ගිරිය පුප්පගෙන කෑමොර දෙනව.හරියට වෙසක් පෝයට කැලණි පංසල් ගියා වගේ.සැදහැති නෝනල යාන්තමට පහත් කරපු වාහන වල දොර කවුලුවලින් පිං ඇති දෑත් දිගුකරගෙන මල් මිලදී ගන්නව.
"එන්න... වාසනාව... ගන්න... රුපියල් ලක්ෂ හැටයි...ශනිදා වාසනාව...අද රාත්‍රී දිනුම් අදිනවා...."
සුයිප් විකුණන මල්ලිගෙ තනි කටේ ලවුස්පීකරේ, අසපුවේ පිරිත් සද්දෙ යටකරගෙන ඇහෙනව. වැස්සෙන් බේරෙන්න ශොපින් බෑග් වලින් ඔලුව වහගත්තු දෙතුන් දෙනෙක් ටිකට් කූඩුවේ පුංචි වැහි ආවරනෙ යටට වෙලා වාසනාව හූරණව.හිස් ටින්,බෝතල්, කුණු අස්සෙන් බුබුලු දාදා වේගෙට ඇදෙන වතුර පිරුණ මඩ කානුවට උඩින් නවත්තල තියන කෑම කරත්ත දෙක තුනකින් කිරි සුදට දුම් පිටවෙනව.වැහි බේරුමට ඒව වටේට විසිරිලා.හරියට වලාකුළු පාත්වෙලා වගේ
"වඩේ... වඩේ.. උණු උණු ඒව... ඉස්සො වඩේ."
පිංවත් සිවාමීන්වහන්සෙගෙ සුමධුර ධර්මදෙශනාව අහවර කරපු, අසපුවෙන් නික්මෙච්ච මිනිස්සු වඩේ කරත්තෙ වටකරගෙන උණු උණු ඉස්සො වඩේ ගන්න පොරකනව.බොහොම අමාරුවෙන් මේ කලබගෑනිය මගඇරල අපේ වාහනේ ඉස්සරහට ඇදුන. මීටර් සීයක් විතර ඉස්සරහින් පාරට දකුණු පැත්තෙන් පිට්ටුගල පන්සල,නුවර පාරට මූන දාල තියෙන පංසලේ ගරා වැටුන ප්‍රධාන පඩිපෙල හරස් කරල හිටවපු සරුවට වැවිච්ච ඇල්බීසිය ඳඩු දෙක තුනක් වැහෙන්න ඉටි කොලයක් ඇදල.පඬු පාට රෙදිවලින් වටකරපු කොන්ක්‍රීට් මුරගල් වැස්සට තෙන බරිත වෙලා.වැස්සත් පීරගෙන ඉදිරියට ඇදෙන වාහනේ රේඩියෝවෙන් ඇහෙන සිංදුවට කන්දීගෙන මම කල්පනාවකට වැටුන.
"මහමෙවුනාවට සිල් වැහි වැහිනව හැම මාසයකම පොහෝ දිනේ
ගමේ විහාරෙට වැහි බිඳුවක් නෑ වෙනසක් ඇයි බුදු පියානනේ"
එහෙම තමයි මෙයා පොෂ් විදියට අසපුවට ගිහින් සෙල්ෆියක් අරන් FB එකේ දාන්න එපයි. පන්සලේ හරියට ලයිට් වත් නෑ. ලස්සනට ඩෙකරේට් කරලත් නෑ. ඉතිං අපි කොහොමද ෆොටෝ එකක්වත් හරියට ගන්නේ....
ReplyDelete-ඉමා-
අලුත් ෆැශන් එක නෙ මෙයා
Deleteරජමහාවිහාර් පණ්ඩිත හාමුදුරුවෝ .....ඊක්කා අනේ ....විට කකා පඩික්කමට කෙලගගහ අභිදර්මේ කියවනවා , කාටද අප්පා ඔව්වා තේරෙන්නේ....අනේ අර අසපුවේ පොඩි සාදු චොයි අනේ .....ලස්සන බලන්ඩකෝ අශේන් අයියටත් ඉරිසියයි ..මං එයා ලස්සනයි කියුවහම ....අනේ බනකියනකොට මං ඇහිපිය නොගහ බලා ඉන්නවා ...බලන්ඩකෝ පීංපාට ....මට හරි ආසයි අනේ ....ගියපාර භාවනා වැඩසටහනට ගියහම මං එයාට වදිනකොට කකුලේ ඇගිලි අතගෑව ඩීයර් ....හයියෝ ...අනේ කාටවත් කියන්න එපා ....ඩාලීන්
ReplyDeleteඅපේ පංසල් වලට වෙනෙ දේ දැක්කම දුක හිතෙනව බං.
Deleteපංසලේ ඇහෙන ජාතක කතාවයි අසපුවේ ඇහෙන සූත්‍ර දේශනාවයි මුලින්ම වෙනසක් කරා.පස්සෙ ඒක වෙනම සංස්කෘතියක්ම උනා..
ReplyDeleteජයවේවා..!!
ධර්මය වෙනස් කරන්නෙ බෞද්ධයොමයි කියල බුදුහාමුදුරුවො කියල තියනවනෙ බං
Deleteඔව්වා ඉතිං අපේ මිනිසුන්ගෙම වැරදි නේ කස්සො
ReplyDeleteඔවු බං උබේ කතාව හරි
Delete:D
ReplyDelete:ඩි
Deletegod blesse to load budda
ReplyDeletegod bless to you
Deleteඇවිත් පොස්ටුව කියවූ වග ලියා යමි.
ReplyDeleteකියනවනම් ගොඩක් දෑ කියන්නට තියන නිසා නොවැ
Deleteමම නම් ඔය දෙජාතියට ම යනවා. අසපුව පන්සල කියලා නම වෙනස් වුනාට අපි යන්නේ බුදු පියාණන්ට වැඳලා එන්න නම් ඔය කෝකට ගියත් අවුලක් නෑ.
ReplyDeleteහැබැයි පොල්ගහවෙල මහමෙව්නාව ගැන කිව්වොත් එතනට අපි අසපුව අලුතින් හදපු කාලේ ම ගියා. මේ ලඟදිත් ගියා. අවුරුදු ගාණක් ගිහිල්ලත් කිසිම වෙනසක් නෑ. පිරිසිදු කම එදිනෙදා සාමාන්‍ය ක්‍රියාපටිපාටිය ඒ විදිහමයි. ගමේ පන්සලේ තත්වය ඊට වෙනස්. සෙනග ගොඩක් නොඑන නිසා බෝ මලුව බෝ කොල පිරිලා, පුජා කරපු මල් පරවෙලා. ඒවා අස්කරලා, අතුගාලා ගද්දි ඇතිවෙන හැඟීම ඊට වෙනස්. ඒත් ලෝභ, ද්වේශ, මෝහ නැති කරගන්න උත්සහා කරන්න ඕන අපි ඒ මොන හැඟීම ආවත් ඒක නොවටිනා දෙයක් කරගන්න දැන ගන්න ඕනෙනේ...
ලඟකදී වනගත සේනාසනයකට ගියා. ඒවයේ වැඩ ඉන්න හාමුදුරුවරු අවුරුදු ගාණකින් පන්සල් අසපු වලට ගිහිල්ලත් නෑ, ඉන්න තැන පංසලකට ඕන කරන දේවලුත් නෑ, ඒත් පිලිවෙත් පුරනවා ඇති.
ඔන්න ඕකයි මගේ කමෙන්ට් එක.
වැඩේ තියෙන්නෙ මේවයි මිනුස්සුන්ට වෙන සෙතක් නෑ නෙ බන්. එකතැන පල් වෙනවනෙ. හරියට ධර්මය ඉගැන්නිල්ලක් නෑ. ඒකට ඉස්සට මතකනෙ දහම්පාසැල් එහෙම.කෝ දැන් ඒව...ඒකත් පොශ් වෙලානෙ
Deleteඔය හැම දේම උපේක්ෂා හිතින් දකින්න හිතක් විතරයි ඕන කස්සෝ
ReplyDelete