Dec 2, 2011

ගස් කපන්නා සහ නොදුටු සුරංගනාවිය.(තුන්වන කොටස)


කාලය ගෙවී ගියේය.නමුත් ක්‍රමයෙන් ගුනපාලගේ ආදරයට කනකොකා හැඬීමට පටන්ගෙන තිබුනි.එය බොහේවිට ඇය ඇයගෙ ආදරයේ උපරිම අගය පසුකරීම නිසා සිදු වූවක් වුවත් එය ගුනපාලගේ මනසට නිතර වද දුන් කරුනක් විය.එයට හේතුව වූයේ ඇය ගුනපාලව සැකකිරීම හා ඒ නිසා නිතර ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කෑ කෝ ගැසීම් ය.

මේ කැලේ මට මොකා ඉන්නද?මේ හේනයි, ඔයයි විතරයි.

බොහේ රන්ඩු සරුවල් වලින් පසු එය ගුනපාලගේ පිලිතුර විය.

"මට හදිසිසියේම යන්න වෙලා .ගොඩක් ඈත පලාතකට .අවුරුදු දෙක තුනකට ඔයාව බලන්න එන්න බැරිවෙයි."

සිය හේනත් කුඩා පැල් කොටයත් හැරෙන්නට ගුනපාලට ඉතිරි වූයේ කැලයේ ගැවසෙන සතා සිවුපාවා පමනි. සුරංගනාවියගේ මේ හදිසි නික්ම යාමත් සමග ඔහු නැවතත් සිය පුරුදු තනිකැමට වැටුනි. එය ඔහුට නුහුරු දෙයක් නොවුනත් ඇයගේ ආශ්‍රයෙන් මිදී නැවතත් කැලයේ තනිවීම ඔහුට දරාගත නොහැකිවිය.

සෙමෙන් කාලය ගෙවී ගියේය.හේනේ ඵලදාව සරුවීමත් ,ඒවායෙන් ලැබුනු ආදායමත් නිසා ගුනපාල දැන් අත මිට සරු පුත්ගලයෙකි.නමුත් කැලැ ජීවිතරටත්,හේනේ පිහිටි පැල්කොටයටත් ඔහු බොහෝ සේ ඇලුම් කලේය.අස්වැන්න විකුනා එකදු දවසක් වත් නගරයේ නොරැදී රූන් පොදට ඔහු කැලයට වදී.ඊට තවත් විශේෂ කාරනාවක්ද විය.ඉදහිට අමතන සුරංගනාවියගේ කට හඬට ඔහු  සියලුම දේට වඩා ආදරය කල බැවිනි.

මට මෙහෙ ඉඳල දැන් ඇතිවෙලා.ඔයාව අවුරුද්දකින් විතර මම දැකල නෑ.

සුරංගනාවියට දුර සිට කතා කිරීමට හැකියාව තිබුනත් ඇය දුර බැහැරට ගිය කටයුත්ත තවමත් නිමාවී නොතිබුනි.

ඔයා වැඩද?”

පුරුදු පරිදි සුරංගනාවියගේ හඬ ගුනපාලට ඇසෙන්නට විය.

ඔවු ටිකක් වැඩ.අද පොළට යන දවස.මේ කන්නේ හේන ගොඩක් සරුයි.හොඳ ගානක් හොයා ගන්න පුලුවන් වෙයි.

දැන් මට වඩා හේන ලොකු වුනා නේද?මම කතා කරන දවසට කියල තියනව වෙන වැඩ කරන්න එපා කියල."

තමුසෙ  #@$#@%  මහ බොරු කාරයෙක්.”

සිය තනිකම නැසූ, හිත පිරෙන්නට ආදරය දුන් ඇය දැන් කෙමෙන් සුරංගනා ආත්මයෙන් මිදී යක්ෂනියක් වේගෙන ඒදොයි ගුනපාලට සිතුනි.

11 comments:

  1. ඔය සුරංගනාවි...යක්ෂණියක් වෙන්ඩ කලින් ඔය ඇයි හොඳයිය නවත්තන්ඩ කියහං...කෙලො ගන්නැතුව

    ReplyDelete
  2. දැන් පේනවා නේද වෙනස!සුරංගනාවිගෙයි යක්ෂණියගෙයි..

    ReplyDelete
  3. ගස් කපන්න තුලින් මට කස්සව පේනවා ....

    ReplyDelete
  4. ආදරේ වෙනස් වීගෙන යන පාටයි..

    ReplyDelete
  5. කෙල්ලන්ගේ ස්වභාවික ගතියක් මචං...

    ReplyDelete
  6. පාට මාරු කරගෙන වගේ. ඔහොම තමයි සමහරු.

    ReplyDelete
  7. මොකද්ද බං #@#$#@% කියල තියෙන්නෙ??

    ReplyDelete
  8. සුරංඟනාවියකුයි..යක්ෂනියකුයි දෙන්නෙක් ඉන්නව එක ගැහැනියක් තුල අයියෙ...ඒ දෙන්නව වෙන් කරල හඳුන ගන්නත්,එක්කෙනෙක් තෝර ගන්නත් පිරිමියෙකුට හොඳ දැනුමක් ශක්තියක් තියෙන්න ඕනෙ...!!

    ReplyDelete
  9. @වින්චැට් කිරිල්ලී: කොච්චර කෙරුවත් ඒක කරගන්න එකනේ බැරි..... :D

    ReplyDelete
  10. @Raj
    තව එක කොටසක්තියනව ඒකත් අවම බලපංකො

    @සුජානි
    ඒකනේ

    @bingo
    සමහර විට

    @dinesh
    ඔවු කිසිදෙයක් සදාකාලික නෑනෙ මචන්

    @මාලු
    කතාව හරි උඹේ

    @චාන්දි අක්ක
    ටික කාලයක් ගිහාමනේ එහෙම වෙන්න

    @පැනිදොඩම්
    ඒක නරක වචනයක් මචන්

    @වින්චැට් කිරිල්ලි
    ඔයා කියන එක හරි. ඒත් ඒක එකපාරටම කරන්නෙ කොහොමද?

    @තාරක
    ඒකනේ බං

    ReplyDelete
  11. මලකෙලි දෙකයි . . ඔය සුරංගනාවියෙක් වෙන්න බෑ බන් . .මනුස්ස දුවෙක්ම වෙන්න ඇති . . හික්ස්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...