Jun 30, 2011

මේ අපේ ජීවිතයයි...(හිත ගැස්සෙන අය නොබලන්න )



වීඩියෝවේ නියම අයිතිකරුට පින් අයිති වේවා!

6 comments:

  1. -අප්පේ භාවනා එකක් බලල මට ඔලුව විකාර උනා.මේක බලන්න බයයි.ඒත් මේක තමා ඇත්ත.

    ReplyDelete
  2. සමා වෙන්න ඕනේ ඔසිකතා බ්ලොග් එක ලියන සහෝදරයා හෝ සොහොදරිය, මගේ පොඩි විරුද්ධත්වයක් ඉදිරිපත් කරන්න ඉඩදෙන්ඩ,
    ඇත්තෙන්ම ජීවිතයේ අස්ථාවර බව අපි සියල්ලම දන්නවා ඒ වගේම ඒගැන සම්පූර්ණ විස්තර කිරීමක් බුද්ද දේශනාවේ සදහන් වෙනව (මම බුදු දහම ගැන සාමාන්‍ය[ordinary] දැනීමක් තිබෙන කෙනෙක්). නමුත් මේ වීඩියෝව සම්බන්දයෙන් පොඩි කරුණු ටිකක් කියන්න මට අවස්තාව දෙන්න.
    1. විඩීයෝ එකේ තිබූ පින්තුර මරණයෙන් පසු ගත්ත පින්තූර සහ සාමාන්‍ය නොවන අවස්තාවලදී ගත්ත පින්තූරයි, නමුත් ඉන් අදහස් වෙන් නෑ නේද සමස්ත ජීවිතයම ඒවගේ අප්‍රසන්න දෙයක් කියන එක?
    2. මිනිස් සිරුරේ ඇතුලත අවයව දුටු පමණින්ම පිළිකුල් කිරීම එතරම් සාදාරන ක්‍රියාවක් නොවෙයි නේද?
    3. එසේ අවයව හා වෙනත් ශ්‍රාවයන් සමග කාන්තාවන් සංසන්දනය කර පෙන්වීම එතරම් සදාචාර සම්පන්න ක්‍රියාවක් නොවෙයි නේද?
    4. ආගමිකින් සිදුවිය යුත්තේ ජීවිතයේ සත්‍ය ස්භාවය අවබෝද කොට දී නිවැරදිව එය පවත්වාගෙන යන ආකාරය ඉගැන්වීම වන අතර ජීවිතය ගැන පිළිකුලක් ඇතිකිරීම ආගමිකින් සිදු නොවිය යුතු බවයි මගේ හැගීම.(බුදු හාමුදුරුවෝ දේශනා වැඩි හරියක්ම දේශනා කර ඇත්තේ ජීවිතය නිවැරදිව එය පවත්වාගෙන යන ආකාරය ගැන බවයි මට සිතෙන්නේ)
    5. ජීවිතයේ සත්‍ය ස්භාවය අවබෝද කොට දීම හා ජීවිතය ගැන පිළිකුලක් ඇතිකිරීම එකිනෙකට වෙනස් ක්‍රියාවන් දෙකක්.
    මෙවැනි නිර්මාණ වල සදහන් වන්නේ සැබෑ බුදු දහමද නැත්නම් අන්තවාදයක් කරා බුදු දහම කැදවාගෙන යන පියවරද යන සාදාරන සැකය මම මතු කරනවා.
    සජිත් බණ්ඩාර - sajithbandara77@gmail.com

    ReplyDelete
  3. @නදී
    බය වෙන්න දෙයක් නැ.මෙවගේම තමා ඔයත් මමත්
    @sajith
    සහෝදරයගෙ ප්‍රතිචාරය අගය කරනව..හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නම්..

    ReplyDelete
  4. 1.මරනෙන් පස්සෙත්,සමන්‍ය නොවන තැන්වලදිත් තියෙන්නෙ මේ ශරීරයම නම් අප්‍රසන්නයි කියන එක සමස්ථ ජීවිතේටම අදාල දෙයක් නේද

    2.අපි සතෙක් පාරෙ හැප්පිලිලා ඉන්නව දැක්කොත් ඒ සතාගෙ ශරීර අවයව දැකල පිලිකුල් කරනව නේද? ඒවත් කුනුවෙලා පනුවො ගහල පොලවට පස් වෙලා යනව නේද

    3.කාන්තාවන් සහ පිරිමින් කියල වෙනසක් නෑ.නමුත් මෙතන කාන්තාවක් අරගෙන තියෙන්නේ නිතරම වැඩකට නැති දේවල් වලින් ලස්සන වෙන්න හදන ලස්සනයි කියල හිතන දේ ඇතුලෙ තියන අනිත්‍ය් පෙන්වන්න.අනික ජීවිතේ කලකිරිල සත්‍ය සොයා යන අය අතරින් ගැහැණු අය නැති තරම් නේද

    4.ආගමකින් සිදුවිය යුත්තේ එය තමා.නමුත් නිර්මල බුදුධහම ආගමක් නොවන නිසා එය මෙතනට අදාල වෙන්න නෑ.බුදුධහමන් ජීවිතය සර්තක කරගන්න උපදෙස් දීල තියනව තමා.නමුත් එය බුදුධහමේ අවසාන ප්‍රතිඵලය වන නිවන නොවේ.

    5.ඔබේ ප්‍රශ්නයම එයට පිලිතුරු දීල තියනව.ජීවිතයේ සත්‍ය ස්වබාවය යනු මෙයම තමා.නමුත් එය පිලිකුල් එය පිලිකුල් කිය කියා ගොස් වැඩක් නෑ.එය අවබෝධ කරගැනීමයි වැදගත් වන්නේ.

    ReplyDelete
  5. දැං ඒක කස්සට අවබෝධවෙලා ඉවරද? කවදද නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නෙ?

    ReplyDelete
  6. @manjula
    නිකන් ජෝක් එකට වගේ ක්මෙන්ට් කරල කියල හිතෙන නිසා මම පිළිතුරක් දෙන්න යන්නේ නෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...