සාර්ථක
ශල්‍යකර්මයෙන් පසු,
අතකින් බෙහෙත්ද
අතකින් ලියකියවිලිද ගෙන
වෛද්‍යවරයා දෙස හැරී
ඇසූ අවසාන ප්‍රශ්නය
ඩොක්ට මට බොන්න පුලුවන්ද ?
සාර්ථක
ශල්‍යකර්මයෙන් පසු,
අතකින් බෙහෙත්ද
අතකින් ලියකියවිලිද ගෙන
වෛද්‍යවරයා දෙස හැරී
ඇසූ අවසාන ප්‍රශ්නය
ඩොක්ට මට බොන්න පුලුවන්ද ?
When everything ends—
when the evening sun
bleeds into the horizon,
and the final bird
vanishes into the forest’s hush—
Remember me.
Not for what I did,
but for who I was.
A man,
everything and nothing,
a flicker in the dark,
a whisper in the wind.
Remember me.
For a week.
Just a week.
Then—
just then—
let me go.
හුදකලා හිම ගිරක මුදුනේ
ඔබට මා මුණගැසුන දවසේ
ගැඹුරු දිය පිරි රළ වෙරළ ඇති
දිගන්තය ඉම නිදන හිරු නිති
ඔබ කියු ඒ විසල් සමුදුර
ඉතින් සමුගෙන සොයමි තනිවම
කියා ඇය බෑවුමක කොනකින්
බිමට පැන නොපෙනී ගියා
නදිය හැරගිය ඉවුර තනිවිය
වියලි ගහකොළ මල් ද පරවිය
ග්‍රීෂ්මය දිග ගෙවී නිමවිය
කන්ද මුදුනට අහස බරවිය
![]() |
බොහෝ කාලයකින් කතාවක් පලකරන්නට හිතුනේ, කාර්යබහුලතාවයේ අඩුවක් හෝ, තලත්තෑනි වීම නිසා හටගත් අලස බවේ අඩුවක් වීම නිසා නොව, ජීවිතයට ලැබෙන සමහර අත්දැකීම් නොලියා තැබුවොත්, ඒවායේ රසය කාලයා ව්සින්ම වෙනස්කර හරී යැයි ඇතුවූ සාධාරණ බිය නිසාවෙනි. මේ කියන්නට යන කතාවත් එම කුලකයේ ම එකකි.
තම සීයා කලුරිය කර වසරක් ඇවෑමෙන් පවත්වන මිතුරෙකුගේ දහවල් දානයට සහබාගීවීමට, මමත් මගේ තවත් හිතවතුන් කිහිපදෙනෙකුත් පිටත්වූයේ අවශ්‍ය කළමනාද රැගෙනය.ප්‍රධාන නගරයට ඔබ්බෙන් ගිනිකොණ දෙසින් තිබෙන කනිෂ්ඨ නගරයක, කවුරුත් ආදරය කරන, තැන්පත් ගති පැවතුම් ඇති ස්වාමීන්වහන්සේ නමක් වැඩ සිටින, තරමක් ප්‍රසිද්ධ පංසලක මෙම දහවල් දානය සංවිධානය කර තිබිණ.
හතර නමකට නොවැඩි වෙන්නට පිළියෙල කර තිබූ දහවල් දානයට තවත් පවුල් කිහිපයක්ද සහබාගීවී සිටියෝය.පෙර, එක් පවුකලට පමනක් වෙන්ව තිබූ දන් සීට්ටුවේ දිනය, දැන් පවුල් කිහිපයක්ම සහබාගී වන පොදු කර්තව්‍යයක් ව ඇත්තේ, පංසලකින් දානයට ඉස්තීර දිනයක් වෙන්කරවා ගැනීම බොහොමත් ම අමාරු ක්‍රියාවක් වී ඇති බැවිනි.
දානයේ වැඩකටයුතු අඩු වැඩියක් නොවෙන්නට ඉටුවුනි.ලොකු හාමුදුරුවන්ගේ දානානිශංසය දේශනාවෙන් පසු අපි පිරිත් නූල්ද ගැට ගැසුවේ,පිරිකර ලෙස එක් නමකට ඩොලර් පනහ බැහින් දැමූ ලියුම්කවරයක් ද පූජාකිරීමෙන් පසුවය.
දහවල් දොලහේ අවසානය ලඟාවෙමින් තිබූ නිසාත්, අපේ හිතවතුන් සියලුදෙනාගේම මුහුණුවලින් බඩසාය කැඩපතක් සේ පැහැදිලිව පෙනුන නිසායත්, හැලි වලන්ද වාහනවලට අඩුක්කොට අපි දහවල් කෑමට මිතුරාගේ නිවසවට පිටවීමට සූදානම් වෙමින් සිටියෙමු .
"මචන් අර හාමුදුරුවොන්ට කෝච්චිය අල්ල ගන්න ඔනෙලු, ස්ටේශන් එකට ඩ්රොප් කරන්න පුලුවන් ද අහනව."
මා සමග පැමිණි හිතවතාගෙන් එක් ස්වාමීන්වහන්සේ නමක් කරතිබූ ඉල්ලීමට කිසි පැකිලීමකින් තොරව මම කැමති වුනෙමි.
"මම සංඝාවාසයට ටිකක් ගිහින් එන්නම්, විනාඩි පහලවක් විතර යයි.මහත්තයලට කරදයක් නෑනේද ? "
ස්වාමීන්වහන්සේගේ ඉල්ලිමට එකඟතාවය පළකල අපි උන්වහන්සේ එනතුරු බලා සිටියෙමු.
"මම හිතන්නේ වෙන පංසලකට වඩිනව ඇති, අහමු කොහෙද වඩින්නෙ කියල ? ලඟකට නම් අපිට ගිහින් ඇරලන්න පුලුවන්"
උන්වහන්සේ නැවත වඩින තුරු මිතුරාත් මමත් සතුටුසාමිචියේ යෙදුනි.විනාඩි විස්සකට විතර පසු නැවත පැමිණි උන්වහන්සේ වාහනයට ගොඩවුනේ අපේ ප්‍රශ්නයට පිළිතුරු දෙම්නි.
"ඔව් මම මේ චැඩ්ස්ටන් (Chadstone)* කියල තැනකට වඩින්නෙ. කෝච්චියේ ගිහින් තව බස් එකකුත් ගන්න ඔනෙ මගෙ හිතේ "
උන්වහන්සේගේ ගමනාන්තය අප සිටින පංසලට වැඩි ඈතක නොවුන නිසා, අපි දුම්රියපලට යෑම පසෙක තබා, චැඩ්ස්ටන් බලා යෑමට ප්‍රධාන පාරට පිවිසුනෙමු.
"අපේ හාමුදුරුවෝ චැඩ්ස්ටන් වල කොහෙටද වඩින්නේ ? ඒ පැත්තෙ අපි දන්න තරමට නම් පංසලක් නෑ."
මගේ මිතුරා කතාවට මුලපිරීය.
"නෑ මම මේ ශොපින් මෝල් එකට යන්නෙ, හෙට මම ආපහු ලංකාවට වඩිනව. ඉතින් පොඩි බඩු ටිකක් ගන්න කියල.ඒව දාගෙන යන්න තව බෑග් එකකුත් ගන්න ඕනෙ.බස්සෙකේ ඕව ඔක්කොම ගේන්න පුලුවන්ද මන්ද. මට එක බෑග් එකක් නම් තියනව.කිලෝ හැටක් දාන්න ඒකෙ ඉඩ මදි."
උන්වහන්සේගේ කතාවේ සැඟව තිබූ නොකියා කියූ ඉල්ලීමත්, කිලෝ හැටක බඩු පැටවීමට ඉඩ දෙන අහස්යාත්‍රාව පිළිබඳව දැනගැනීමට තිබූ උවමනාවත් නිසා අපි අපේ කතාව තරමක් වෙනස් අතකට හැරවූවෙමු.
"කිලෝ හැටක්?එච්චර ගෙනියන්න දෙනවද?"
"ඔව්! අපිට වෙනම කාඩ් එකක් තියනවනෙ, ඒකට අමතර කිලෝ තිහක් ලැබෙනව.මට ඕව ටික පෙට්ටියක දාගෙන යන්න පුලුවන්. ඒත් ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉදල යන කොට එහෙම යන්න බෑනෙ.සැම්සනයිට්(samsonite)* බෑග් එකක් වත් ගන්න ඔනේ.ඒකයි වැඩුපුරම චැඩ්ස්ටන් යන්නෙ."
අපේ කතා බහ ගලාගියේ, උන්වහන්සේ වැඩ සිටින මාබිම තායි පංසලත්, කරගෙන යන පිංකම් සහ ඒවායේ චායාරූප පෙන්වීමටත්, උන්වහන්සේට අයිති, තායිලන්තයේ ඇති අනෙක් පංසල පිළිබදවත් සහ එම පංසල් දෙක අතර හුවමාරුවෙන තාවකලික පැවිදි කිරීමේ කටයුතු පිළිබඳවත්ය.
"මම වැඩි කාලයක් වැඩහිටියෙ තායිලන්තෙ,මගෙ ගොඩක් ගෝලයෝ පැවිදිවෙලා එහෙ ගිහින් ඉන්නව. කොහෙද ගියාම එක්කෙනෙක් වත් ආපහු ලංකාවට වඩින්නෙ නෑ. පහසුකම් අඩු නිසා."
අපේ තනිකඩ ජීවිතවල ඇති නීරස බව සහ එහි ආදීනත්, බිරිඳක්, දරුවෙකුගේ ඇති වටිනාකමත් පැහැදිලිකරදීමට නොපැකිලී වු උන්වහන්සේ, ගිහි ජීවිතයේ ඇති ධනාත්මකභාවය පිළිබඳව තවත් බොහෝ දෑ අපිට කියාදුන්හ.
"පිරිමියෙක් වුනාම කසාදයක් බදින්න ඕනෙ, දරුවො හදන්න ඕනෙ."
ස්වාමීන්වහන්සේගේ දුම්රිය කාඩ්පතට මුදල් බැර කීරීමට ගමන අතර මග නැවැත්වූ මම,එම කාරිය කිරීමට මගේ හිතවතා පිටත්කර හැරියේය.
වාහනයේ ඉතිරි වූයේ මමත්, ස්වාමීන්වහන්සේත් පමණි.
"අපේ හාමුදුරුවෝ මේ පළවෙනිය පාරටද මෙල්බන් වැඩියෙ?"
වාහනය නවත්වා මම කතාව ඇරඹුවෙමි.
"නෑ මම කීප විටක් ඇවිත් තියනව.මේ යුකේ ඉදන් එන්නෙ,එහෙ ටික දවසක් ට්‍රැවල් කලා, හෙට ලංකාවට ගිහින් ආපහු යුකේ යනව."
ස්වාමීන්වහන්සේ ගමන් කල ඕස්ට්‍රේලියාවේ නොයෙක් ප්‍රාන්ත පිලිබඳවත්, ගමන් කල වෙනත් රටවල් වල දුටු සුන්දරත්වයත් ඉතා උවමනාවෙන් විස්තර කරන්නට විය.
"මහත්තයා මේ ලඟපාතද ඉන්නෙ? ගෙයක් එහෙම ගත්තද ?"
"ඔව් හාමුදුරුවනේ වැඩි දුරක් නෑ.,රෙන්ට් එකට ඉන්නෙ.ගෙයක් ගත්තෙ නෑ තාම."
"අපෝ! එහෙම හරියන්නෙ නෑ නෙ මහත්තය. ගෙයක් ගන්න එපෑ. මමත් මේ ආවෙ ඒකට ම තමා.කොහෙද ඉතින් ට්‍රැවල් වීසා වලට ලොකු ටැක්ස් එකක් ගහනවනෙ ගෙයක් ගන්න කොට."
"ඇයි හාමුදුරුවො තව පංසලක් හදන්නද?"
"චරථ භික්ඛවේ චාරිකං
බහුජන හිතාය බහුජන සුඛාය
අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං"
මට බුදුබන සිහිවිය!
පැයකට නොඅඩු වූ මෙම කතාබහ ඉතා කෙටිකොට ලියා ඇති අතර කිසිදු ආතිශයෝක්තියක් ඇතුල් කර නැත.
* චැඩ්ස්ටන් (Chadstone)-දක්ෂිණාර්ධගෝලයේ විශාලතම වෙළඳසංකීර්ණය.
සැම්සනයිට්(samsonite)-මිල අධික ගමන්මල්ලක්.
රැහැයි පිරිවර හඬනවා
කාමරේ ඝන අඳුර බිඳගෙන
සඳකැලුම් ගෙට වැටෙනවා
අඩක් පියවුන විඩාබර නෙත
හීනයක සුව සොයනවා
එදා අම්මා ඇයව නැළැවූ
මිහිරි නැළවිලි තාල ගලපා
හඳ එලිය යට අපේ නංගි
පොඩිදුව ව නිදි කරනවා
සිදුරුව හදවත
සොයනු බැරිවිය ඊ හිස
රත්වුනා දැයි සැකයි පඬුපුල
දෙදෙව්ලොව නොතකා ඇත
දුනු දිය මිදුන අත
ගොසිනි කින්නරී හිත
වැටී තිබුනා පව්ව පාමුල
කුණු වූ සදකිඳුරු වත
කලු වලාකුලු අහස වටකර
ගොරව ගොරවා වහින දවසට
කඩිසරව සිටි නපුරු බිඟු කැළ
ශාප දෙනවා අඳුරු අහසට
නොහැකි බව දැන රොන් පුරන්නට
නියඟ සැර වැද රිදුන පොළොවට
පාට මැලවුන රෝස පඳුරට
එකම එක දිය බිඳක සිසිලස
වටින තරමක් නොදැනෙනා හැඩ
කලු අහස යට හඬන බිඟුනට
හැපි
හැපී
අතු ඉති
ගොහොරු
පරඬැල්
වැටී
උස්
ශිකර
මුදුනින්
බිඳී සියොලඟම,
නවතා
මග
මිරිකා
විභවය
සූරා
යටිබඩ
ඉතුරු වූ
සාරය
මුසුවී
පල් වතුර
මල මූත්‍ර
ඉඳුල්, කුණු
සායම්
වියපත්ව
අසරණව
මුවදොරට
ගලන
ගඟ!