Nov 16, 2021

කලු වලාකුලු

 

 

 කලු වලාකුලු අහස වටකර
ගොරව ගොරවා වහින දවසට
කඩිසරව සිටි නපුරු බිඟු කැළ
ශාප දෙනවා අඳුරු අහසට
නොහැකි බව දැන රොන් පුරන්නට

නියඟ සැර වැද රිදුන පොළොවට
පාට මැලවුන රෝස පඳුරට
එකම එක දිය බිඳක සිසිලස
වටින තරමක් නොදැනෙනා හැඩ
කලු අහස යට හඬන බිඟුනට

6 comments:

  1. කළුවලාවේ දෙපැත්ත, ලස්සනයි කස්ස මල්ලි

    ReplyDelete
  2. මේක මරු.

    ඔබ විසින් ලියන ලද ගීත ලෙස ගායනා කළ හැකි පදවැල තිබේ නම් අප සිඩ්නි නගරයේ ලේඛක සංසදය විසින් ආරම්භ කර තිබෙන ගී ලියමු සංචිතයට ඇතුළත් කිරීම සඳහා එවිය හැකි යි.

    http://geeliyamu.blogspot.com

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට තුති කකා...ලියවුනොත් එවන්නම්!

      Delete
  3. මැලවුණු රෝස පඳුර!

    ReplyDelete
    Replies
    1. ආපහු ලියන්න අරගෙන වගේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...