Apr 20, 2016

රේස් පොලේ කේක් කඩේ

මගේ කුස්සි රස්සාව දමල ගහල ආවට පස්සෙ කුස්සියක් පැත්ත පලාතක පස් පාගන්න බැරි උනා. කාලයක් ගියාට පස්සෙ එපාවෙලා තිබ්බ ආසාව ආපහු මතුවෙන්න ගත්ත. අද කියන්න යන කතාව කුස්සියකට සමපාත නොවුනට පොඩ්ඩක් විතර කෑමට සම්බන්ධයි.
“මේ..! Cake expo එකක් තියනව.අනේ මට කොහොම හරි යන්න ඕනෙ
අපේ හාමිනේ ගෙන් හෙන කරදරේ. මමත් ඉතින් බෑ කියන්න බැරි කමටයි(චාරටේ කන්න වෙන බව දන්න නිසා) බේකින් වලට තිබ්බ පොඩි ආසව නිසායි වැඩේට හා කිවුව.
සති ගානකට කලින් ටිකට් එහෙම අරගෙන, ගජරාමෙට අපේ එක්කෙනා ලැස්ති වෙනව කේක් වැඩ කිඩ බලන්න යන්න.මමත් ඉතින් ඇටි කෙහෙල් කාපු රිලව වගේ, වෙන දේ බලාගෙන ඉන්නව.ඔහොම ගිහිල්ල, ගිහිල්ල ඉතින් යන දවස ආව.කේක් පොලේ තිබ්බෙ මෙල්බන්වල ගොඩක් ප්රසිද්ධ, Melbourne Cup අස්ස රේස් එක දුවන Flemington Racecourse එක ගාව තියන showgrounds වල.
 “මේ අපි උදෙන්ම යමු අනේ.සෙනග පිරිල ඇති.”
 “කීයටද?”
 “පැයක් විතර යනවනෙ යන්න .අපි ගෙදරින් අටට වත් යමු..”
 නිවාඩු දවසට පස්සට ඉර පායන කම් බුදියගන්න මගෙ නින්දටත් ඉතින් කෙල වුනේ එහමයි.
මමත් ඉතින් උදේ පාන්දරින්ම ඇහැරිලා මහා කේක් ප්රදර්ශනේ බලන්න යන්න ලැස්ති උනා.
 “මට මේක ගිය පාරත් මිස් උනා අනේ.ඔයා යන්න හා කියපු එක හරි ශොක්.”
“හ්ම්ම්ම්ම්.....”
දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන, කඩේ කින් කෝපි එකක් එහෙම ගහගෙන අපිදෙන්න යන්න පිටත් උනා. පැයක් විතර වාහනේ එහෙට මෙහේට පැදල, අපි අපේ ගමනාන්තයට ලඟා වුනා.
වාහනේ පාක් එකට දාන කොටම ගේට්ටුව ගාව හිටගෙන හිටපු ඔසිය කියනව
“10 ඩොලස් ෆොර් පාකින් මේට්! ”
ඒකත් ගෙවාගෙන,වාහනෙත් පාක් කරල, ගියා ඇතුලට.දොර ලඟ හිටගෙන හිටපු, අයිසිං කේක් එකක් වගේ ලස්සන ගැල්ලමෙක් මගේ අත අල්ල, ගැහුව සීල් එකක්.
"Paid"
………………………………………………………………………………………………………………………………………………….
“මේ මොකක්ද මේ..”
“ඇයි?”
“මෙච්චරද?”
 යාන්තම් කාර් තුන හතරක් පාක් කරන්න පුලුවන් තරමෙ පොඩි හෝල් එකක,පොඩි පොඩි කඩ කැලි දහයක් පහලවක් තියනව. ඒවයෙනුත් වැඩි හරියක් කරන්නෙ කේක් හදන්න උවමනා වෙන ගැජමැටික් විකුනන එක.
වෙසක් එකට කැරකෙන කූඩුවක් බලනව වගේ වට හතරක් පහක් ගිහින් අපේ එක්කෙනා කියනව.
 “අපරදෙ සල්ලි. අපි යං අනේ යන්න! “
 එයාගෙ කේක් සිහිනය බොඳ වුනේ ඔන්න ඔහොමයි!

14 comments:

  1. හික්.. මෙහෙත් ගොඩක් කේක් ප්‍රදර්ශන ඔහොම තමා....

    ReplyDelete
    Replies
    1. කොහෙත් එකයි.. ආවට ස්තුතී

      Delete
  2. දැන් අවුරුදු ගානක් ඉන්නෙ ඔසී නේද? තවමත් ඔයවගේ දේවල් වලට යන්නෙ හොයන්නෙ බලන්නෙ නැතිවද​? මම දන්න විදියට නම් පළවෙනි අවුරිද්දෙ විතරයි කට්ටිය හොයන්නෙ බලන්නෙ නැතිව ඔය වගේ දේවල් වලට යන්නේ.. අපි හැමෝම ලංකාවෙන් ආපු දවස් වල නම් ඔහොම කටු කාලා තියනවා අඩුවක් නැතිව. ඒත් ඉක්මනට ඒ දේවල් ඉගෙනගන්නවා...

    ReplyDelete
    Replies
    1. මේක කට්ටක් නෙමේ..එයා යං කිව්ව මම ගියා.හොයල බලල යන්නෙ නැති ගමන් වලත් පොඩි ආතක් එකක් තියනව නෙ!

      Delete
  3. අපි ඉන්දියාවෙ ගිය වෙලේ..සිරිනගර් වල ඩල් ලේක් එක අයිනෙන් ඇවිදන් යද්දි කෑම ප්‍රදර්ශනයක් තියේ කියල ගියා බලන්න.. ඒකත් පොඩි ගෙයක් වටේට කඩ කිහිපයක් දාපු තැනක්..හැබැයි එතනදි එවෙල හදල දුන්න පීසා වගයක් තිබුනා පට්ට රසයි..ඒක කන්න තිබුනෙත් අමුතු හොදි වගේ එකක්..
    මොකක්ද මන්දා නම..
    ගිය හින්දා කාල බීල ආවා..
    පොඩි පොඩි ස්ටෝල් දාගෙන කස්ටිය බඩු විකුනනවා..

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ලියලා............. ජයවේවා..... දිගට ම ලියමු....... පරණ බ්ලොග් සහෘදයෙක් නොවැ.......

    සින්ඩියටත් දා ගත්තා....
    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  5. කොහෙත් එකය් වගේ..
    පොරදර්සනේ කියල ගහගෙන එක එක්කෙනාගෙ පොර ආතල් පෙන්නන ගමං මොනා හරි සූටබල් අයිටං ටිකක් විකුණ ගන්නව හෙහ්..

    ReplyDelete
  6. ඩොලර් 10 ට මෙහෙ නම් කේක් ගෙඩියක් ගන්නත් තිබුනා

    ReplyDelete
  7. කේක් ගෙඩි අප්පු හිටියේ නැද්ද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...