Feb 25, 2012

යුවරාජ්ගෙ පිලිකාව ගැන ඔහුගේ පියා කියන කතාව.

"මගේ පුතාව හොඳ නොවුනොත් මම ඕකව මරනව!"
යොග්‍ රාජ් සිං යනු, මෑතකදි තමන්ට පිලිකාවක් වැලදී ඇති බව සොයාගත් ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට්‍ ක්‍රීඩක යුවරාජ් සිං ගේ පියාය.දැනට තම බිරිඳගෙන්,  යුවරාජ් ගෙන් හා අනෙක් දරුවන්ගෙන් වෙන් වී සිටින ඔහු යුවරාජ් ගේ පිලිකාව වැඩිවීමට හේතුව පංජාබ් ප්‍රාන්තයේ රූපවාහිනී ආයතනයක් මගින් පවත්වනු ලැබු සම්මුඛ සාකච්ජාවකදී හෙලි කරන ලදී.

යෝගරාජ් සිං පංජාබ් ප්‍රාන්තයේ ජනප්‍රිය සිනමා නළුවෙකි.තවද ඔහු අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකි.පංජාබ් ප්‍රාන්තයේ අග නගරය වන "චන්ඩිගර්" හි සැලකිය යුතු ඉඩම් ප්‍රමානයක්ද ඔහුට අයිතිව පවතී.


ඔහුගේ ප්‍රකාශයට අනුව යුවරාජ් සහ ඔහුගේ මව, "බාබා ජී" නැමති ව්‍යජ සවාමී වරයෙකුගේ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා  මූලික අවදියේදීම පිලිකාව හඳුනා ගෙන ප්‍රදිකාර කිරීමට තුබූ අවස්ථාව ගිලිහී ගිය බවය.තවත "ජතන් චෝදරී" යන බාබාට සම්බන්ද  වෛද්‍යවරයෙකුගේ ව්‍යාජ ප්‍රකාශද මෙයට හේතුවක් වුනු බවය.


ජීවිතයේ හැම රාජකාරියකටම බාබා ජී හමුවට යන යුවරාජ්  මෑතකදී අවසන් වුන එන්ගලන්ත සංචාරයට පෙරද ඔහු හමුවට ගොස් ඇත්තේ ඔහුගේ පපුවේ ඇතිවන වේදනාව පිළිඹව දැනාගෙනීම සඳහාය.නමුත් බාබා ජී ගේ කීම වුයේ යුවරාජ්ට කිසිම අසනීපයක් නොමැති බවත් එන්ගලංතයට ගොස් ක්‍රීඩාකර ආ හැකි බවත් ය.යොග්‍ රාජ් සිං ගේ ප්‍රකාශයට අනුව යුවරාජ් ඔහුගේ ජීවිතයේ හැම තීරණයක්ම බාබා ජී ගේ කැමැත්තට සිදුකරන අතර අවසාන වු ලෝක කුසලානයද ඉන්දියාටව දිනා දුන්නේ බාබා ජී ගේ බලය නිසා බව යුවරාජ් විශ්වාස කරන බවය.

නමුත් අවසානයේදී  ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට සිදුවු පසු  යුවරාජ් ඉතා කල කිරුනු ලෙස පියා සමග දුරකතනයෙන් කතා කර ඇතිබවත් මේ පිළිඹඳ යුවරාජ් ගේ පියා බාබා ජී ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ යුවරාජ් ට  කවුරුන් හෝ"බැල් මැජික්" කර ඇතිබවය.තවද යෝග්‍ රාජ් පවසන්නේ ඔහු හට යුවරාජ් ව බැලීමට පවා ඔහුගේ මව ඉඩ නොදෙන අතර යුවරාජ් ගේ පිලිකාව මේ තත්වයට පත්වීමට ඔහුගේ මවගේ අනුවන කාරී ක්‍රියාද හේතුවු බවය.යුවරාජ්ට මෙන්ම ඔහුගේ සීයාටද පිලිකාවක් වැළඳී තිබූ බව යෝග් රාජ් සිං පවසයි.



යුවරාජ් සිං ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වන්නේ ඔහුගේ පියා ඔහුට ඒ සඳහා අවශ්‍ය සියලු පහසු කම් සැපයු නිසා වෙනි.නමුත් බෝහෝ දෙනා මේ සකච්ජාවෙන් පසු යුවරාජ්ට ඇති මුදල් නිසා ඔහුගේ පියා මේ ආකාරයෙන් ප්‍රකාශ සිදුකරනු ඇතැයි  නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙන යොග් රාජ් පවසන්නේ යුවරාජ් සිං වැන්නවු සිය දෙනෙකුටත් වඩා ඔහු මුදල් උපායා ඇතිබවය.


ප.ලි
අපේ කුස්සියේ මා එක්කම වැඩකරන මගෙ හිතවතෙක් වෙන පංජාබ් පොරක් තමා විස්තරේ කිවුවෙ.හැබැයි මට මේක ඇත්තද නැත්තද කියල බලන්න ඕනෙ නිසා ඌ කියපු ඉන්ටවිව් එක බැලුව.උන් එක්ක ම ඉදල හින්දි බාසාවයි පංජාබ් බසාවෙන් ටිකක් විතරක් දැන් මටත් පුළුවන් වෙලා.

පංජාබ් බාසාව තේරෙනව නම් මෙන්න බඩු




19 comments:

  1. පන්ජාබ් භාශාවෙන් කිව්වෙ මෙහෙම.....((/&ඨ්%ර්‍$£E"$ඨ්ඝ්H‍ය්Fඪ්E‍යෛOMණ්ඹ්£&/)($££$%)(/&%%$%%&&%%$$££""&))&$"!/()/&$!!$&......:):):):)

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්න හරියටම

      Delete
  2. මගුලක් කියනව.. මේකා මොනව කියනවද කියල දෙයියො තමා දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය බාසාව ටිකක් අවුල් තමයි.

      Delete
  3. හින්දි නම් මටත් තේරෙනවා... පංජාබ් කොහොමද දන්නේ නෑ... තාම පෝස්ට් එක විතරයි බැලුවේ...

    ReplyDelete
    Replies
    1. ඒ බාසාවත් ටිකක් විතර හින්දි වලට සමානයි

      Delete
  4. මෙතන මෙයා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.එක්කෝ ඕනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියල දාපං මචන්

      Delete
  5. අනේ මන්දා ඉතින් මොනවා කියන්නද කියලා.. අන්ධ විශ්වාස වලට නොගිහින් හරියට ප්‍රතිකාල මුලින් පටන් ගත්තනම් මේ තරම් දුර දිග යන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචන්.පිස්සු යක්කු

      Delete
  6. යංතං තේරුනා මු කියනදේ....ඇත්ත තමයි කියන්නේ බලං ගියාම....එහෙත් පාං ගනං ගිහිල්ලලු,,,,

    ReplyDelete
    Replies
    1. පාං.?කොයි වෙලාවෙද බං කිවුවෙ?

      Delete
  7. පන්ජාබ් කාරයො එක්ක වසන්නෙ කොහොමද මචං?

    ReplyDelete
    Replies
    1. හපෝ ඒ ගෑනනම් මොකට කියනවද

      Delete
  8. මටත් ලොකුම ප්‍රශ්නෙ කස්සො ඔය පන්ජාබියො එක්ක වැඩ කොරන්නෙ කොහොමද කියල ?

    සායි බබාලා පස්සෙ ලෙඩ සනීප කොරගන්න යන කට්ටියට හොඳ පාඩම්...

    ReplyDelete
  9. මොනව උනත් යුවාට හොද වෙන්න කියල පතමු !

    ReplyDelete
  10. තාත්තා රාජ් කියන මෙලව දෙයක් තේරුනේ නම් නෑ . ඒ වුණත් ඉතින් යුවරාජ්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා මම පතනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...