Nov 6, 2011

මෙල්බන් වලට වැටුන "අමා වැස්ස" මග හැරුන හැටි.


 මීට මාසයකටත් කලියෙන් සිට පෙරුම් පුරාගෙන බලා සිටි එකම දෙය අසළටම ගොස ආපසු හැරී ඒමට වීම මගේ පාප කර්මයක් මිස අන් කිසිවක් නොවන වගනම් මට දැන් සක් සුදක් සේ පැහැදිලිය.

මචං ලබන හතර වෙනිදට බණක් තියනව ඤාණානන්ද හාමුදුරුවන්ගෙ.මම යනව කොහොම හරි නිවාඩුවක් දාල.උඹටත් නිවාඩු නිසා වරෙන් මා එක්ක.

කුස්සියේ වැඩකරන ගමන් නිකමට වගේ මගේ ඔලුවේ තුබූ අදහස සිගාට  කීවේ තනියම පිං කරගන්නවාට වඩා තව ලඟින්ම හිත්වත් එකෙකු හරි ඇදගෙන යාම ඊටත් වඩා පිනක් නිසාවෙනි.

උඹව කොල්ලො බොන්න ඇදගෙන යන කොට මම බණ අහන්න කතා කරනව.ජීවිතේට කල්‍යණ මිත්‍රයො හම්බවෙන්නෙ කලාතුරකින්.ඒක නිසා වරෙන් මා එක්ක.

කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ යනු නිසැකයෙන්ම මගේ ජීවිතය කනපිට හැරවු බුද්ධ පුත්‍රයෙකි.ඒ මක් නිසාද යත් ජීවිතයේ අන්තිම අඩියටම වැටුනු වේලාවල් වලටත් උන්වහන්සේගේ එක බණ පදයක් මට මහ මෙරක් වූ නිසාවෙනි. ගියවර ලංකාවට  ආ දවස්වලත් උන්වහන්සේව බැහැ දැකීමට යාමට ආසවක් තිබුනත් එය මම අමාරුවෙන් හෝ නවතා දැමූවේ අපේ අම්මගේ බලවත් නොකැමැත්ත දුටු බැවිනි.

 එහෙත් උන්වහන්සේ මෙල්බන් වඩින බව දැනගත් දවසේ සිට උන්වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීමට යාම අනේක් හැම වැඩක්ම අමතකව මගේ ඔලුවේ වැඩකල එකම ඉලක්කය විය.

සතියකට උඩදී,ලොක්කාටත් බොරු කියා සිකුරාදා දවසට නිවාඩුවක් දාගත්තේ සිගා සමග බණ ඇසීමට යාම සඳහාය.ඒත් පුරුදු ලෙසම පෙර තිබූ සිගාගේ සිකුරාදා නිවාඩුව බලදාරියා විසින් කුරුටු ගා දැමීම නිසා ඒ ගමන මට තනියම යාමට සිදුවේයැයි සිතමින් සිටියෙමි.

"මචං බණ අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ බං."
 සිගාට මගෙන් ලැබුනු ප්‍රතිචාරය එය විය.

කෙසේ වෙතත් අන්තිම මොහොත වෙනවිට මා සමග යෑමට මගෙම තලොසක් වූ යහලුවන් ගෙන් කිහිප දෙනෙක් සම්බන්ද කර ගැනීමට හැකිවිය. 

හවස හතට ආරම්භ වන ධර්ම දෙශනාවට යාමට ගෙදරින් පිටත් වනවිට බොහෝ සෙයින්  ප්‍රමාද වූ නිසා මමත් මගේ යහලුවාත් ටැක්සියකට නැගුනේ ඉක්මනින් ඒ ස්ථානයට ලඟාවීමටය.

කරුමයක මහත.ධර්ම ශාලාව පිරී ඉතිරී ගොසිනි.ඇතුලට රිංගනු තියා ඉඳිකටුවක් ගැසීමට පවා ඉඩ නැත.කොතරම් සීතල වුවත් බොහේ අය ශාලාව මිදුලේ වාඩිවී බලා සිටිති.

යාන්තමට පංසිල් සමාදම් කරවන අපේ හාමුදුරුවන්ගේ හඬ හැරෙන්නට වෙන කිසිම හඬක් නොඇසෙන තරම්ය.

"යකෝ මෙල්බන්වල මෙච්චට බෞද්ධයො ඉනන්වද බං."

ඒ මම මේ ගතකල අවුරුදු පහටම ලාංකිකයින් වැඩිම පිරිසක් දුටු පළමු අවස්තාවයි.
ටික වේලාවක් බලාසිටියත් ශාලාවෙන් පිටතට උන්වහන්සේගේ හඬ ඇසෙන නොඇසෙන තරම්විය.

සීතලද ඉතා තදවූ බැවින්,බණ ඇසීමට පැමින ආපසු හැරීයන සුදු පිරුවට පෝලිමට අපිද එකතු වුයේ ඉතා කනගාටුවෙනි.

"මචං බණ අහන්නත් පින තියෙන්න ඕනෙ.ලඟටම ඇවිත් හැරිල යන්න උනේ අපි මෙච්චර
ම පවු කරලද බං?"
ඒ මගේ යාලුවාගෙන් මට ලැබුනු ප්‍රතිචාරය විය.

ප.ලි
අපේ හාමුදුරුවනේ!  මම තාමත් ගේම ඇතැරල නෑ.
මට අවසරේ ලැබුනොත්.........

12 comments:

  1. මේක මහමෙව්නාවෙ වෙව් අඩවිය
    http://www.mahamevnawa.lk/

    බොහෝවිට ඒ ධර්ම දේශනාව මෙතන අප්ඩේට් වෙයි.

    ReplyDelete
  2. මෙල්බන් නුවර එතරම් ආර්ය ශ්‍රාවකයන් සිටින බව අසන්ටත් සතුටුයි. හැබැයි, ධර්මය අහන්ට කියලා ලොක්කට බොරු කියූ එක නම් හොඳ නෑහැ නේ ද?

    ReplyDelete
  3. අහනිටත් සතු‍ටුයි යාලුවා. උත්සාහ කරපන් ආය පාරක් හම්බවෙයි අවස්තාවක්

    ReplyDelete
  4. උත්සහය අත් ඇරගන්න එපා, අපි මෙහේ ඉද්දිත් අපිට වටිනාකමක් නෑ ඒ දේවල් වල. කොහොම උනත් පින අනුමෝදන් වෙන්න! නමෝ බුද්ධාය...

    ReplyDelete
  5. ඔව ඔහොමතමා බං...උත්සහය අත්නොහැරියට..ජය

    ReplyDelete
  6. පලමු වතාවටයි ආවෙ මෙ පැත්තේ.සීතල නිසා.අරක්කු,සිගරටි, නයිටික්ලබි,වලින් පිරිචිච රටක.ධර්මයට නැඹුරැ විමට.ඔබ ගන්නා ප්‍රවෙශයට.මාගේ ප්‍රනාමය.....ඡය.

    ReplyDelete
  7. මෙතන විදියට මෙල්බර්න් හරි සීතලිනේ?
    අර ලෙස්බියන් වෙඩිම දවසේ අංශක 45ට නැග්ගාද?

    ReplyDelete
  8. අම්මගේ අකමැත්ත ඇයි? අපැහැදිලියි!

    ReplyDelete
  9. @kanishka
    මම මේ සයිට් එක දන්නව මචන්.ස්තුතී

    @ජීවන්
    ආරිය ශ්‍රාවකයො ගැන මම දන්නේ නෑ.හැබැයි බණ අහන්න ගොඩක් අය ඇවිත් තිබ්බ.

    @thekshana
    අනිවාර්යයෙන්ම මචන්.ස්තුතී

    @ලහිරු
    ස්තුතී මචන්.

    @raj
    ස්තුතී මචන්.

    @සිත් සයුර
    ඒ වැඩේ හරි අමාරුයි මචන්.ස්තුතී

    @kathandara
    කතන්දරත් මේ රටෙම ඉන්න එකේ මෙල්බන් කාලගුණේ ගැන අහල ඇතිනේ,මෙල්බන් කාලගුණෙයි,ගෑනුයි දෙකම එක වගේ කියල.
    මෙතන කියල තියෙන්නෙ කුස්සිය ඇතුලෙ රස්නෙ මිසක් එලියෙ නෙමෙ.

    @kathandara
    එකනම් මට තෙරෙන්නෙත් නෑ

    ReplyDelete
  10. කාලෙන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං.......

    ReplyDelete
  11. කස්සෝ උඹත් මෙහේද ? :)
    ඇත්ත තමයි .. එදා කන පැලෙන්න සෙනග හිටියා.
    දැනගෙන කලින්ම ගිය නිසා හාමුදුරුවන්ට අඩි 10 ක් විතර දුර ඉඳන් බන අහන්න ලැබිච්ච එක වාසනාවක් කියල හිතෙනවා දැන් නම්.
    උඹල පිටි පස්සේ දොරෙන් අවා නම් ඉඩ තිබ්බ. කොහොම උනත් මන් එලියට එනකොට නාකි අච්චිල හිටන් හිටගෙන හිතෙලේ වෙවුල වෙවුලා එලියට වෙලා බණ අහල තිබුණා. බොලා තරුණයෝ වෙලත් කෝ ආ පාරෙන් ම ගිහිල්ල නේ. එදාට වැඩි සෙනගක් හිටියේ දෙවෙනි දවසේ. බාස්කට් බෝල් ස්ටඩියම් එකක් පුරෝලා සෙනග.... දහස් ගානක් ....
    මල්ග්රේවේ වල ඉරිදට තියෙන මාසික සිල වැඩසටහනට මම කොහොමත් හොට දල එනවා හැම මාසෙම. නිවාඩු තියෙනවනම් ඇවිල්ල යන්න වරෙන්.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මචන්.ඒත් මම ඒක ඔන්ලයින් ඇහුව.මම අමාරුවෙන් එක දවසක් නිවාඩු ගත්තේ.ඉරිදට එන්න ආසයි.ඒත් කරන රස්සවෙ නිවාඩු නෑ බං.හොඳ බාවනා වැඩසටහනක් යනව කියල ආරංචි.කොහෙද මේ රටවල හැටි ඉතින් උබට අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.උඹ මේල්බන් කොහෙද?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...