Nov 9, 2011

මගුලුත් දැක්ක ලෙස්බියන් මගුලක් දැක්කමයි.


දැන් ඉතින් හොඳටම පායන කාලෙ.ඉහින් කනින් දාඩිය දාන්න තරමට ඉර මුදුන් වෙන දවස් මෙල්බන් වලට.වෙනද වගේම පුරුදු කුස්සි රස්සාව,ග්‍රීස්මෙට කුස්සිය රත්වෙනව ගිනි ගහන්න. ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක 45 නැත්නම් ඊටත් වැඩී.
ඉරිද දවස නිසා වැඩිපුර වැඩ නෑ කියල හිතාගෙන ගියාට කරුමෙකට වගේ එදා වෙඩින් එකක්.ඉතින් උයපන්කො එක සීරුවට.
හෝටලෙට කන්න එන අයට,අපේ කුස්සිය පේන විදියට දාල තියන තඩි වීදුරුවෙන්, වෙඩින් එකේ කටිටිය හරි හරියට සැරසෙන බව නම් පේනව.වැඩිය කට්ටිය නෑ.හතලිහක් විතර,පිරිමි ගෑනු ඔක්කොම තරුණ වයසෙ අය.
මනමාලි කොන්ඩෙ තද රෝස පාටට පාටකරල.එයා එහාට දුවනව මෙහාට දුවනව,හෙන කලබලෙන් හරියට එයාගෙ මොනවහරි නැතිවෙලා වගෙ.හැබැයි කොච්චර විපරමෙන් බැලුවත් මනමාල මහත්තයෙක් නම් පේන්න හිටියෙ නෑ.ටික වෙලාවකින් කට්ටිය වාඩි උනා.මම හිතන්නේ වෙඩින් එක පටන් ගන්න යන්නේ.
වාඩිවෙලා ඉන්න අයට අමතරව තුන්දෙනෙක් හිටගෙන.එක්කෙනෙක් අර රෝස පාට කොන්ඩෙ තියන බවලතා.තවත් ලේඩි කෙනෙක් ඉන්නව හෙන පොශ් විදියට ඇඳ ගෙන.මට හිතෙන විදියට දෙන්නව බන්දන්න ආපු කෙනා වෙන්න ඕනෙ.
මනමාලිට වැහිල එහා පැත්තෙ කවුද ඉන්නව හරියටම පේන්නෙ නෑ.
නිකමට වගේ මට හිතුන නිසා යාලුවගෙ කනට කරල කිවුව.
අඩෝ මොකක් හරි ජරා සීන් එකක්වත් ද?”
කියල කට ගන්න හම්බවුනේ නෑ.තඩි මහත මූන රවුම් තවත් කෙල්ලෙක් අර මනමාලිට එහා පැත්තෙන් හිටගෙන ඉන්නව.
මලා.......ලෙස්බියන් වෙඩිමක්!”
බට කැලේට ගිනිගත්ත වගේ තමා.සීන් එක මුලු කුස්සියේම පත්තුවුනා.
ඔක්කොම වැඩ පැත්තකින් තියල මගෙ යාලුව හොල්මනකට බය වුනා වගේ බලාගෙන ඉන්නව.
මොකද බං?”
යකෝ..කිස් එක මිස් වෙයි.මේව නොදකින ඇස් මක්කටද බං
කිසි විලි සන්ගයක් නැතුව අර ගෑනු දෙන්න කෙල පෙරාගෙන කිස් කරගන්නව.අපි කට්ටිය පැනි පෙරාගෙන බලාගෙන ඉන්නව.කාටවත් කිසි ගානක් නෑ.හිනා වෙනව,විශ් කරගන්නව,ෆිටෝ ගන්නව.
අබුද්දස්ස කාලේ....ඔන්න මට හිතුන දේ.
ටික වෙලාවකින් අපේ කෑමත් කාල කට්ටිය සතුටින් පිටත් වුනා.හැබැයි මනමාලී,මනමාලයයි නෑ මනමාලියො දෙන්න රෑ හත අට වෙනකම්ම කුඩු වෙන්න බීල තමා ගියේ.
ශික් හනිමුං එකත් බලාගන්න තිබුනනම් තමා වැඩේ සම්පූර්ණ.
අන්තිමට මගෙ යාලුව මට කියපි.

17 comments:

  1. කස්සා තව විස්තර ටිකක් කියපංකෝ බං... බාගෙට කියන්නේ...

    ReplyDelete
  2. හෙහ් "උඹේ දෑස අනේ පිං වන්තයි!" :D

    ReplyDelete
  3. ඇහ් මාර එව්වනෙ රට වෙන්නෙ අප්පේ.මෙහෙ ඔව්ව නෑ මම් හිතන්නෙ.

    ReplyDelete
  4. ශික් තව ටිකක් කලප් එකට පොවන්න තිබුනේ.. එහෙනම් හනිමූන් එකත් බලාගන්න තිබුනා..

    ReplyDelete
  5. ලංකාවෙ නැත්තෙ මගුල් විතරයි lesbiyan ල ඉන්නව. ඒ ගැන නම් කතාකරල වැඩක් නැහැ. හැබැයි බනින්න ඔන ලෙස්බියන්ලට නෙවෙයි උන්ගෙ දෙමව්පියන්ට. සමහර කෙල්ලන්වයි කොල්ලන්වයි අමාරුවෙ දානවට lesbiyan කියන එක පිලිගන්නෙ නැතුව බන්ඳලා දෙන එකෙන්. උන් lesbiyan නම් ස්ංස්කෘතියට නොගැලපුනා උනත් එලිපිට අවලමෙ යන්නෙ නැත්නම් උන්ට ඕන විදිහට හිටියාවෙ

    ReplyDelete
  6. ම් අබුද්දස්ස කාලෙනම් තමා මචො....ඔය රට රාජ්ජවලට අබුද්දස්ස කාලේ ලබපු එකනෙවි පුදුමේ..මෙ අපෙ සිංගල රටටත් ඔක ලබලනේ බං....මොනා උනත් උඹ වෙන දෙශදීපංකරෙක ඉඳලත් සිංහල කම පපුවෙ තියෙන එකට සතුටුයි බං....

    ReplyDelete
  7. සමලිංගිකතාව යි තමන්ගේ ආගමයි, තමන්ගේ එත්නික් කණ්ඩායමයි අතර කිසිම සම්බන්ධකමක් නෑ.

    ReplyDelete
  8. ඔය ගොඩක් වෙලාවට අංශක 45 කියන්නේ අසත්‍යයක් නේද?

    ඉඳල හිටලා කලාතුරකින් දවසක හාවා හඳ දකින්නා වාගේ වෙන්න ඕනෑ 45ට යන්නේ.

    ReplyDelete
  9. ලංකාවෙත් පහුගිය කාලේ දැගලුවනේ සමලිංගිකත්වය ට නිදහසක් ඕනි කියල...

    ReplyDelete
  10. ඒක තාම නීතිගත කරල නෑ නේද??

    හෑ 45ක්???

    ReplyDelete
  11. ඒක ඒ දෙන්නගේ කැමැත්ත.ගෑණිට පිරිමියාව එපානමි අපිට මොකක්ද කරන්න පුළුවන්. මම මෙ කෙටියෙන් කියන දේ ගැන අපි නොදන්න ස්වහාවයක් තියෙනවා.ඒක මෙ කියන වෙඩින් එකම නෙමෙයි. උදාහරණයක්ලෙස.මම කිවිවට නිකමට වගේ අසෝක හදගමගේ "තනි තටුවෙන් පියාබන්න" චිත්‍රපටිය බලන්න.(හැබැයි තේරැමක්ඇතිව).

    ReplyDelete
  12. @මාළු
    හික් කොල්ල ආසයි වගේ

    @පූස
    ඔවි බං ටික වෙලාවකට හරි

    @නදී
    මීට වඩා හොඳ හොඳ දේවල් වෙනව,ලංකාවෙත් මෙවුව තියනව හැබැයි හොරෙන්

    @dinesh
    අනිවා මචන්

    @migara
    උඹේ කතාව හරියටම හරි මචන්.

    @jnuwan
    ඇයි අප්සට් වගේද?

    @raj
    මෙහෙ මිනිස්සු පිස්සො වගේ ජාතියක් මචන්.මම කැපුවත් සිංහල.ඉපදිච්ච රට අමතක වෙනෙන නෑ

    @කතන්දර
    තෙරුනේ නෑ මට
    මේ කියල තියෙන්නෙ එලියෙ රස්නෙ ගැන නෙමෙ,කුස්සිය ඇතුළ ගැන

    @පිස්ස පලාමල්ල
    එහෙම වුනානම් මේවගේ දෙවලුත් බලාගන්න පුලුවන් වෙයි

    @තාරක
    මමත් හරියටම දන්නේ නෑ මචන්

    @සිත් සයුර
    කතාව ඇත්ත,හැබැයි අම ඔය වැඩෙට කැමති නෑ

    ReplyDelete
  13. කස්සෝ උඹ කොල්ලන්ව අවුස්සලා නවත්තලා තියෙන්නේ හරියට අර මුහුද අයිනේ කෙල්ලෙක් නාපු ෆිල්ම් එකේ වගේ.. හෙදම හරියෙදි මැද්දෙන් කෝච්චියක් යනවා මෙලෝ සංගයක් පේන්නේ නැහැ.... හෙක් හෙක්...

    ReplyDelete
  14. අපරාදේ සිරාවට හොඳම ටික මිස් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  15. අම්මපා මේවානම් විකාර.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...