Sep 28, 2011

අඟුරු නොකා වතුර නොබී මෙල්බන් යන යකඩ යකා

කවුරු හරි හිතන්න පුලුවන් කවදාවත් නැතුව මොකද  එකපාරටම කෝච්චියක් ගැන කියන්න ගත්තෙ කියල.ඒත් මේ පොඩි සටහන වික්ටොරියා ප්‍රාන්තයෙ දුම්රිය සේවය ගැන.
මෙහෙම සටහනක් ලියන්න ප්‍රධානම හේතුව , තාමත් සියයට අනූවකටත් වඩා සුද්ද හදල දීල ගිය පරන රේල් පාරවල් වල දුවන අපේ දුම්රිය සේවය ගැන හිතුනම ඇතිවෙන දුකත් එක්ක ,කවද හරි අපේ රටේ අයටත් මෙහෙ වගේ සැප පහසු දුම්රියකින් ගමන් යන්න පුලුවන් වේවා කියන ප්‍රාර්තනාවත් එක්ක මෙහෙම ලියන්න හිතුන.


පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ල බැලුවොත්, විටෝරියා ප්‍රාන්තයෙ මුල් කාලෙ දුම්රිය දාවනය පෞද්ගලික ආයතන මගින් කරගෙන ගිහින් තිබුනත් ඒවගෙ තිබුන අඩු පාඩු හින්ද "වික්ටෝරියන් රෙල්වේ"කියල ආයතනයක්  යටතේ  1859  කාලෙදි දුම්රිය ගමනාගමනය ආරම්භ වෙලා තියනව.

ඕක්ලී ප්‍රදේශය පසුකරන දුම්රික්-1963
1980 මුල් භාගය වෙනකොට  මෙල්බන් නගරය යටින් ඉදිකල දුම්රිය උමං මාර්ග පද්දතියක් දක්වා වික්ටෝරියානු දුම්රිය සේවය දියුණු වෙලා තියනව.

දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක



දුම්රිය උමං පද්ධතියේ දර්ශණයක

මේ කාල වකවානුවේ දිම, ලී වලින් හදපු දුම්රිය මැදිරි ඉවත් කරල අලුතින් වායුසමනය කරන ලද දුම්රිය මැදිරි හදුන්වා දීල තියනව.1990 වෙනකොට දුම්රිය ගාඩ්වරු ඉවත් වෙලා එක් දුම්රිය දාවකයෙක් පමනක්  සහිතව දුම්රිය දාවනයවීම ආරම්භ වෙලා තියනව.
දුම්රිය සේවාව පෞද්ගලිකරණය වීම 1990 වෙදි ආරම්හ වීමත් සමග, සේවාව පුළුල් කරමින් 1997 වෙනකොට "වී ලයින්"(Vline) කිය දිගු දුර දුම්රිය සේවාවකුත් ආරම්භ වෙලා තියනව.

සදන් ක්‍රොස් දුම්රිය ස්ථානයේ ඇති Vline දුම්රිය
ඊට පස්සෙ, 1999 වෙනකොට "රේල් අමෙරිකා" නමැති ආයතනය යටතට පත්වුන දුම්රිය සේවය  2000 වර්ශය වෙනකොට "නැශනල් එක්ස්ප්‍රස්" ආයතනය යටතට පත්වෙලා තියනව.මේ කාල වකවානුවෙදි ම තමා "කොනෙක්ස්" සේවයත් ආරම්භවෙලා තියෙන්න(මම මෙහෙට ආපුම කාලෙ ගියේ කොනෙක්ස් කොච්චිවල )


කොනෙක්ස් දුම්රියක්


2009 වර්ශයෙ මැද කාලෙ වෙනකොට "කෝනෙක්ස්" නම වෙනස් වෙලා ඒක "මෙට්‍රො" නමට මාරුවුනා.දැන් තියෙන්නෙ මෙට්‍රො කෝච්චි.මේ හැම දුම්රියක්ම විදුලි බලයෙන් දාවනය වෙන බව අමතක කරන්න එපා.

මෙට්‍රො දුම්රියක්



කවද හරි දවසක මගේ පුංචි රටේ අයටත් මේ වගෙ කොච්චියකින් ගමන්  යන්න එන්න ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනව.


ප.ලි
හැබැයි හුලං වැදි වැදි,පැද්දි පැද්දි යන ලංකාවෙ කෝච්චියක් තරම් මෙහේ ඒවගෙ කිසිම ආතල් එකක් නැ.


මේවගේ පිස්සු බූතයො ඉන්නව මේ රටවලත්, මොකද උන්ට අපිට වගෙ කෝච්චියේ යනකොට හුලං වදින්නේ නැ

මූලාශ්‍ර
විකි පීඩියා සහ වික්ටොරියා රේල්වේ වෙබ් අඩවි

9 comments:

  1. ලංකාවටනම් ඔය කියන ජාතිය මෙට්‍රො කෝච්චි කොයි කාලේ එයිද කියන්න බෑ.ඔය අලුතෙන් ඉන්දියාවෙන් ගෙන්නපු බලවේග කට්ටල වලත් යම් යම් දෝෂ ලු.මේ ළඟදිත් තුන් දෙනෙක් මරණයට පත් කරමින් අලව්වේදීත් කොච්චි දෙකක් හැප්පුනානේ.අපේ රටේ දුම්රිය සේවය ගැන කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
  2. මෙහෙ කෝච්චි තමා කෝච්චි.

    ReplyDelete
  3. එළ එළ කවදා ඉතින් ඕයවගේ එකක යන්න ලැබෙයිද දන්නේ නැනේ. ඔය රටේ එවානම් පෞද්ගලිකරණය වුනා කියලා කිසිම ප්‍රශ්ණයක් නැනේ. එකට මේ රටේ හැම දේයම වෙන්නේ අනික් පැත්තටනේ.

    ReplyDelete
  4. වර්ඹ 2062 දි අපිට මෙහෙම කෝච්චියක යන්න පුලුවන් වෙයි ලංකාවෙදි :D

    ReplyDelete
  5. වැඩිකල් නොගොහින් ලංකාවට ඊට වැඩියෙ ඒව ලැබෙවී කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
  6. මම නම් කෝච්චියේ ගිහීන් තියෙන්නේ දෙපාරයි

    මම අහලා තියනවා සුද්දා හදාපු රේල් පාර සහ දුම් රිය සේවාව අපේ අය අතින් වැඩිය දියුනු වෙලා නැ කියලා ..

    කොයිතරම් පරන කෝච්චිද තාම ලංකාවේ තියෙන්නේ

    ReplyDelete
  7. ෆුට් බෝඩ් එකේ යන්න බෑ වගේ කොනෙක්ස් එකේ?

    ReplyDelete
  8. @සිහින
    ඒක තමා මචන්.අපේ මිනිස්සු සල්ලි වලට පෙරේතයි.ලැබෙන සල්ලි ටික සාක්කුවට දාගෙන බාගෙට වැඩකරනව.

    @නදී
    ඒකනේ

    @asanka
    මෙහෙ සැප පහසුව හොඳයි මචන්.අවුලක් උනත් මිනිස්සු ගේම අදිනව

    @chandika
    ඊට කලින්ම එහෙම වෙන්න කියල තමා මම ප්‍රාර්තනා කරන්නෙ

    @dayalbathee
    එක තමා මචන්

    @හිස් අහස
    හප්ප...කාලෙකින් ඇවිත් මේ පැත්තෙ..
    උඹේ කතාව හරි.අපේ මිනිස්සු තාම එකතැන බන්

    @කතන්දර
    බොහොම සතුටුයි මචන්.මගෙ පුංචි බ්ලොග් එක පැත්තෙ ඇවිත් ගියාට

    ReplyDelete
  9. තාමා ආශ්චර්යය පටන් ගත්තෙ නැහැ, එදාට ලංකාවෙත් තියෙයි ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...