Jun 5, 2011

රස දන්නෝ වැටෙන අඹ කා ප්‍රිතිවෙති.නමුත් ගස්පාලුවෝ හැමදාමත් ගස්වලට පොලු ගසති.

ලෝකයේ මිනිසුන් විවිදාකාරය.සමහරුන් රවුම්ය,සමහරුන් හතරැස්ය තවත් සමහරුන් ත්‍රිකෝනය.එකෙක් තවෙකෙකුට හතරැස් යැයි නිගාකරයි නමුත් උගේ මූන රවුන්ය,ඒබව ඌ දන්නේද නැත.මූන රවුන් වුන්ගේ කිහිල්ල ගඳ බවද දන්නේ නැත(මෙය ග්‍රික සාහිත්ය පොත්වල ලියා ඇත ).මේආකාරයට විවිධ හැඩතල අතර කිසිදු හැඩයක් නොමැතිව ජීවත් වීම හරියට oකාවේ ප්‍රයිවට් බස් එකක යනවාට වඩා අමරුය.

එවැන්නන්ට නිගා කරන්නෝ බොහෝය,කකුලෙන් අදින්නෝ බොහෝය.මුලින් දිවට දිව තබා හිඳ පසුව කුනු බැනුම් බනින්නෝ බොහෝය.නමුත් එවැන්නට සිදුවන්නේ අර අඹ ගහට පොලු ගැසූවන්ට සිදුවු දෙයමය.

"අඹ ගසට පොලු ගසන්නෝ අඹ වලට අධිකව රුචි වෙති,ඉතා උත්සහයෙන් හැකිවෙර දමා අඹගසට පොලු ගසති.නමුත් සිදුවන්නේ බොහෝවිට වෙනත් දෙයකි.සමහරවිට ගැසු පොල්ල අඹ ගසේම සිරවෙයි.තවත් සමහරවිට අහල පහල ගෙවල්වල වහල වලට වගකියා නැති ප්‍රශ්න ඇතිකර ගනිති.ඒ දෙකම නොමැතිනම් ගැසූ පොල්ලම කැරකී විත් තමන්ගේම පැනි මුට්ට්ය හිල්කර ගනිති. මේ සියලුම උත්සහදරා මහත් ආයාසයෙන් අඹ කැඩුවත් රස බලන්න වන්නේ හොඳටම තැලුනු අමු අඹ ගෙඩියක් පමනි.

නමුත් මේ සියල්ල අඹ ගස නිහතමානීව බලා සිටී,ඊලඟ වාරයේද අඹ ඵල දරන්නාය.ඉවසිලිවන්තයෝ අඹ ඉදෙනතුරු හිඳ බිමට වැටුනු පසු අහුලා අඹවල රස බලති. ඔවුහු අඹවල රස ලෝකයේම පතුරවාලයි "

විටෙක දැඩි හිරු රැස්ද, විටෙක මෝසම් වැස්සටද,තවත් විටෙක සුලඟටද නොසැලී බොහෝ අතුපතර විහිදම් ඵල දරන අඹ ගස මම වෙමි.

නුඹ ඇඹුලයි කී වේ බොහෝ ආයාසයෙන් පොලුගසා කඩාගත් මගේ අමු අඹයකටය.නමුත් නුඹට නොතේරුන තැන් බොහෝය,පොලුගැසීමට නුඹේ අතර පොල්ලද සපයා, නුඹේ හිසට සෙවනද සැපයු මම බොහෝ පොලු පහර ඉවසා රිසිසේ අඹ ඵල දරමි.

රස දන්නෝ වැටෙන අඹ කා ප්‍රිතිවෙති.නමුත් ගස්පාලුවෝ හැමදාමත් ගස්වලට පොලු ගසති.

7 comments:

  1. කස්සා මල්ලියේ කතාව නම් වෙනස්, පොලු පාරක් වැදුනා වගේම දැනුනා. කොච්චර පොලු පාරවල් වැදුනත් "නිහතමානීව" ඉවසන්න වෙනවා - අඹ ගස වගේම.

    ReplyDelete
  2. @ deen aiya
    kathawa atta.watenne na monade unath comment ekata bohoma pin

    ReplyDelete
  3. බෝම අගෙයි, බෝම හරි!

    ReplyDelete
  4. කියන්න වදන් නෑ කස්සෝ.සුපිරියි. අර කිව්වත් වගේ පොලු පාරක් වැදුනා වගේ උනා තමා..

    ReplyDelete
  5. @තීර්ථ යාත්‍රිකයා
    බොහොම ස්තුති මචන් කමෙන්ට් එකට

    ReplyDelete
  6. සිරාවටම පොල්ලෙන්ම වැදුනා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...