Jan 21, 2024

නැළවිලි



 විදුලිපංකා බමන මත මැඩ 

රැහැයි පිරිවර හඬනවා 

කාමරේ ඝන අඳුර බිඳගෙන 

සඳකැලුම් ගෙට වැටෙනවා 

අඩක් පියවුන විඩාබර නෙත 

හීනයක සුව සොයනවා 

එදා අම්මා ඇයව නැළැවූ

මිහිරි නැළවිලි තාල ගලපා  

හඳ එලිය යට අපේ නංගි 

පොඩිදුව ව නිදි කරනවා