May 23, 2020

සිරි සුමන වැනුම







සිරි සුමන වැනුම

දුනු අත හැඩට සකසාලා නෙතින් නෙත

සියපත කට වඩා සියුමලි සුසුදු වත

නිරමිත ලෙසට පොරවා පඬු සළුව ගත

මිහිමත කෙනෙක් වෙද හැඩ මා සම කරත

 

කුංකුම දියෙන් දොහොවා අහි දරන් යට

පංසිළු වෙණින් පුබුදා මන දනන් වට

කංකළු නදින් නහවා පද වැල් සුමට

පිංකඳ වෙසින් වැඩ සිටිනා රුවන් පිට 


ඉඳ ඉඳ එක වෙහෙර ලැබුනෙද පරකාසී

පෙරළෙන ගලක බැඳුනෙද සඳ පෙඳ පාසී

සිඳ බිඳ කුමට දුක් සසරට වෙන වාසී

නිරයට පෙරත් සැප වින්ද නෙ ඉසිදාසී

 

දින දින වැඩෙයි බිඟු කැල මෙන් අතවැසියෝ

පිය පිය ඇදෙයි දෙවු පුර වෙත සිරිමතියෝ

කන කන ඇසෙයි ගුන වැයුමෙන් පිරි රුසියෝ

එනු එනු තෙපිත් වෙත මේ පුරවර රිසියෝ

----

තුන්ලොව තිලක ගොයුමානන් දහම් හැර

කම්සුව කෙල සිල් රැකුමෙන් ඉවත් කර

වෙන්වුව මෙලෙස පින් ගඟුලෙන් නිරන්තර

භික්ෂුව! කෙළෙස එළිවේවිද නිවන් දොර