පුවතක්:-ශාසන පරිහානියට අදාළ සමාජ මාධ්‍ය පුවත් ගැන අමරපුර මහා සංඝ සභාවෙන් නිවේදනයක්! 2020/05/22
සිරි සුමන වැනුම
දුනු අත හැඩට සකසාලා නෙතින් නෙත
සියපත කට වඩා සියුමලි සුසුදු වත
නිරමිත ලෙසට පොරවා පඬු සළුව ගත
මිහිමත කෙනෙක් වෙද හැඩ මා සම කරත
කුංකුම දියෙන් දොහොවා අහි දරන් යට
පංසිළු වෙණින් පුබුදා මන දනන් වට
කංකළු නදින් නහවා පද වැල් සුමට
පිංකඳ වෙසින් වැඩ සිටිනා රුවන් පිට
ඉඳ ඉඳ එක වෙහෙර ලැබුනෙද පරකාසී
පෙරළෙන ගලක බැඳුනෙද සඳ පෙඳ පාසී
සිඳ බිඳ කුමට දුක් සසරට වෙන වාසී
නිරයට පෙරත් සැප වින්ද නෙ ඉසිදාසී
දින දින වැඩෙයි බිඟු කැල මෙන් අතවැසියෝ
පිය පිය ඇදෙයි දෙවු පුර වෙත සිරිමතියෝ
කන කන ඇසෙයි ගුන වැයුමෙන් පිරි රුසියෝ
එනු එනු තෙපිත් වෙත මේ පුරවර රිසියෝ
----තුන්ලොව තිලක ගොයුමානන් දහම් හැර
කම්සුව කෙලත සිල් රැකුමෙන් ඉවත් කර
වෙන්වුව මෙලෙස පින් ගඟුලෙන් නිරන්තර
භික්ෂුව! කෙළෙස එළිවේවිද නිවන් දොර
No comments:
Post a Comment