Jun 1, 2020

දියවර අන්දරය

                                                        



කුඩා කඳු වැටි දෙකක් හරි මැද

තැබූ ගැබ්බර වලාකුල කට

දරාගන්නට බැරිව ගිලිහුන

කඳුලු කැටියක් -දිය බිඳක් වී  

නිම්නයේ මැද නැවතුනා!


සොයා යන්නට සයුරු හිමි සඳ 

හැපී පෙරලී ශිකර පිරිමැද

නිම්නයේ බිම තනිව සැතපෙන

දිය කඩිත්තක් - මහ ගංඟක් වි 

සයුර පැත්තට හැරවුනා!

               
කපා ගහ කොළ තලා වන රොද

නිම්නයේ බෑවුමක හරි මැද

පලායන දිය වළක්වන්නට  

හීන පොකුරක් - වැඩබිමක් වී

කුඩා අමුනක් ඉදිවුනා!




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...