
හවස පහමාර විතර කියන්නෙ හාමුදුරුවරු තේ බොන වෙලාව.කියව කියව ඉන්න පොතත් පැත්තකින් තියල, මමත් සාමනේර උන්නාසෙත් යනව දාන ශාලාව පැත්තට.උන්නාන්සෙලට වතුර රත් කරන්නයි අනිත් කලමන ලැස්ති කරන්නයි.තේ බොන වෙලාවට හැමෝම එකතුවෙලා කතා බහ කරනව.බොහෝ වෙලාවට ලොකු හාමුදුරුවො දුරකතනෙට උත්තර දෙන්න ඒ වෙලාවට.මමත්, මට තිබුන ප්රශ්න එහෙම ගොඩක් ඒ වෙලාවට අහනව.උන්නාන්සෙ හරිම උපේක්ෂාවෙන් ඒවට උත්තර දෙනව.

භාවනාවෙන් පස්සෙ හැමෝම පංසිල් ගනන්ව.ඊට පස්සෙ පිරිත් කියනව.හාමුදුරුවරු ඇරෙන්න මුළු ධර්ම ශාලාවටම මම විතරයි.හරිම අමුතු හැඟීමක්.මෙ හැම දේම ඉවර වෙනකොට රෑ අටත් පහු වෙලා.ලස්සනට හඳ පායල.වටෙටම තියන කඳුවලට හඳ එළිය වැටිල.හාමුදුරු වරු ඔක්කොම එක පේලියට හඳ එළිය යටින් පහල ට වඩිනව.වප් මාසෙ පෝය දවසෙ විතරක් හාමුදුරුවරු හැමෝම ධර්ම ශාලාවෙ නතර වුනා.ඊට පස්සෙ දවසෙ තමයි මම ලොකු හාමුදුරුවන්ගෙන් දැනගත්තෙ උන්නාන්සෙල පෝය දවසට එළිය වැටෙන කම් භාවනානුයෝගීව ඉන්නව කියල.
දවස් හතක් ගෙවිල ගියා.බොහොම සාමකාමී විදියට.මේ වගේ සිල්වත් උත්තමයො එක්ක ටික දවසක් ඉන්න ලැබුනු එක ලොකුම ලොකු වාසනාවක්.ඒ මෙච්චර කාලෙකට මගෙ ජීවිතේ ගතකරපු හොඳම දවස් හත.
දැන ගතයුතු බොහෝ දෑ දැනගත්ත.විඳ ගතයුතු බොහෝ දෑ විඳ ගත්ත. ජීවිතය,මරණය,දුක,සතුට,කඳුළු,බැදීම,වෛරය,ආදරය,විරහව,මේ හැම දෙයක් දිහාම බොහොම උපේක්ෂවෙන් බලන්න ඉගෙන ගත්ත.ඒත් මට අත්දකින්න ලැබුන සමහර දේවල් ලිපියට එකතු කළේ නෑ.ඒ මොකද ඒව බෞද්ධ නීති වලට පටහැනි නිසා.
අන්තිම දවසෙ ලොකු හාමුදුරුවන්ට වැදල පිටත් වෙනකොට මම ජීවිතේට බොහෝ දේවල් එකතු කරගෙන හමාරයි.ලොකු හාමුදුරුවො කරපු එක ඉල්ලීමකට ඇරෙන්න අනිත් හැම ඉල්ලීමක්ම මම බොහොම කැමැත්තෙන් ඉටු කළා.
මේ ලිපිය නොලිය ඉන්න අදහස් කරගෙන හිටියත්, මේකෙන් කාටම හරි හොඳක් වෙයි කියන හැඟීම එක්ක අන්තිමට තීරණය කළා ලිපිය ලියන්න.මට ගොඩක් උදවු කරපු ශේන් මහත්තයව මේ වෙලාවෙ මතක් කරන්න ඔනෙ.එයා මේ වෙනකොට ගිහි ජීවිතේට සමු දීල ඉවරයි.අනිත් කෙනා මට ඇනෝනිමස් ක්මෙන්ට් වලින් උදවු කරපු කෙනා.ඔයාටත් බොහොම පින්.
ගෙදර ඇවිත සතියකට පස්සෙ අම්මට කෝල් එකක් දුන්නම එයා කියනව..
"උඹ මට ආදරයක් තියනව නම් ආපහු ඔය වගේ ගමන් එහෙම යනව නෙමේ".
ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම ඉල්ලිම ඉෂ්ඨ කරන්නෙ කොහොමද?
ඒ හුදකලාව,හීතල,හඳ එලිය,මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය,පොත් ගුල,සිල් සුවද,පුංචු කුටිය, මට තාමයි මතක් වෙනකොට දැනෙන්නෙ බොහොම අමුතු හැඟීමක්.ඒ හැඟීමට මම තාමත් තදින් ම බැඳිල.
ඉතින් ලොකු හාමුදුරුවන්ගෙ අන්තිම ඉල්ලිම ඉෂ්ඨ කරන්නෙ කොහොමද?
ඒ හුදකලාව,හීතල,හඳ එලිය,මීදුමෙන් වැහිච්ච කඳු පන්තිය,පොත් ගුල,සිල් සුවද,පුංචු කුටිය, මට තාමයි මතක් වෙනකොට දැනෙන්නෙ බොහොම අමුතු හැඟීමක්.ඒ හැඟීමට මම තාමත් තදින් ම බැඳිල.