Dec 15, 2011

නූලක් එහෙට මෙහෙට උනානම් අද මගේ මළගම.


පෝස්ට් එකක් දාන්න ගොඩක් උවමනාව තිබුනත් මේ දවස්වල එක දිගටම වැඩ කරන්න වෙලා නිසා කිසිම නිදහසක් නෑ.වැඩට යනව ගෙදර එනව.ආපහු ගෙදර එනව වැඩට යනව.අනික නත්තල් ලඟ ලඟ එන නිසා අපේ කුස්සිය හරියට යුධ්දෙට ආයුධ හදන කම්මල වගේ.එක දිගටම වැඩ.

දැන් ඉතින් කතාවට බහිමු..

වෙනද වගේම අදත්, පුරුදු විදියට උදේ පාන්දර දහයට විර කෝච්චියට නැග්ගේ වැඩට යන්න.ඒත් අද පොඩි වෙනසක් තිබුන.දවස් ගානක් බලා ඉඳල ඉඳල හම්බවෙච්ච වටින දෙයක් තිබුන.ඒක අහ අහ තමා වැඩට යන්න පිටත් උනේ.ඒ වෙන එකක් නෙමේ අපේ ඤාණානන්ද හාමුදුරුවො මෙහට ඇවිත කරපු පලවෙනි ධර්ම දේශණාව,අර මට මග ඇරුන අමා වැස්ස.ඔන්න ඒක දාල තිබුන මහමෙවුනා වෙබ් සයිට් එකේ.උදේ රැයින්ම ඒකත් බාගෙන අහන ගමන් තමයි කොච්චියට නැග්ගෙ.

මම වැඩ කරන තැනට යන්න කොච්ච් දෙකක ගිහින් තව ට්‍රැම් එකකත් යන්න ඕනේ.ඉතින් හැමදාම වගේ පරක්කු වෙලා ආපු කොච්ච්ය් නැගල ට්‍රැම් ස්ටේසමටත් ආව.බලා ඉඳල ඉඳල ආපු ට්‍රැම් එකේ නැගල ටික දුරක් යනකොට,කොටට කොටේ, කිටි කිටියට කලිසම් දෙකකුත් ඇදගත්තු හුරුබුහුටි ඔසි නංගිල දෙන්නේකුත් නැග්ග ට්‍රැම් එකට .උන් දෙන්න වාඩිනේ මම හිටිය සීට් එකට මුහුනලා තිබුනු සීට් එකේ.ඒ මදිවට උන් දෙන්නගෙ කච කචේ, පඩි අරගෙන වගේ.

මම බහින තැනට තව හෝල්ට් දෙකයි.මේ හැමදේම ඔලුවෙන් අයින් කරගෙන මම අපේ හාමුදුරුවන්ගේ ධර්මදේශණාවට කන දාගෙන යනව.ඊලඟ හෝල්ට් එකේ ට්‍රැම් එක නතර වුනා.කිහිළි රු දෙකක වාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් එක තරුණ ඔසියෙක් ට්‍රැම් එකට ගොඩවුනා.ලංකාවෙ පුරුද්දට මට සුටුස් ගාල නැගිටුනා.හැබැයි මම හිටියෙ ඒ මනුස්සයට ටිකක් දුරින්, ඒත් අර බවලත්තු දෙන්නාට හොඳටම පුළුවන් කම තිබුන සීට් එක දෙන්න, ඒත් උන් දෙන්න කිසි ගානක් නැතුව උන්ගේ කතාව දිගටම කරගෙන ගියා. ඒ වෙලාවෙ මගෙ ඔලුවට එක දෙයක් ආව.ඒක කොහෙන් ආවද කියන්න දන්නේ නෑ.
මෙන්න මේකයි..


පිපෙනා මලකට - ගලනා දොල කට
දැනෙනා බුදුගුණ - නොදැනෙනෙ මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පිං පවු එනවා - අපි පසු පස්සේ

මේ මාලනී බුලත්සිංහලගේ ගීතයක කොටසක්

ඔන්න ඔය වචන ටික ඒ වෙලාවෙ මගෙ ඔලුවට ආව.මම හිතන්නේ අහ අහ ගිය බණ පද ටික නිසා වෙන්න ඇති.

ඊලඟ හෝල්ට් එක මම බහින තැන.සාමාන්‍යයෙන් ට්‍රැම් එකකින් බහින්න තියෙන්න  පාර මැදටමයි.හරියට කිවුවොත් වාහන යන අනිත් ලේන් එකට.ඒත් මෙහෙ නීතියට ට්‍රැම් එක නවතින කොට ඊට පිටි පස්සෙන් තියන හැම වාහනයක්ම නවත්තන්න ඕන.ට්‍රැම් එකෙන් බහින අයට ඉඩ දෙන්න ඕනේ නිසා.

වෙනදට ආත බූත නැතුව එක හුස්මට ට්‍රැම් එකන් බහින මම අද එක තත්පරයකට අත් වාරුවත් අල්ලගෙන අන්තිම පඩියෙ නතර වුනා.ඒ මොන හේතුවකටද මන්ද.

ඒ තත්පරේදි ගොඩක් වේගයෙන් ආපු වාහනයක් ට්‍රැම් එකේ දොර ගාවින් ඉගිල්ලිලා ගියා.ඊලඟ තත්පරේ වෙනකොට මම ට්‍රැම් එකෙන් බැහැල.
අර වෙලාව මට නොලැබෙන්න අද මාව එකතු කරන්න වෙන්න සවලෙන් තමා.

මම හිතන්නේ බුදු බණ මගේ ජීවිතේ බේරුව.
"ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි"  කියල බුදු බණේ කියල තියෙන්නේ නිකමට නෙමේ කියල මට හොඳටම තේරුනේ අද.

10 comments:

  1. යකො යන මගුලක පරිසමින් පලයං...ඇත්ත බුදුගුන අනන්තයි....මතක තියා ගනිං....ලංකාවේදි මිසක් වෙන කොහේදිවත් දෙව්ලොව යන්ඩ හිතන්ඩ එපා...
    පරිසමින් හිටපන්....මචං

    ReplyDelete
  2. මමත් හිතන්නේ බුදු බණ අයියව බේරුවා.. මීට පස්සේවත් කල්පනාවෙන්...

    ReplyDelete
  3. පරිස්සමෙන්!කල්පනාවෙන් කොහේ ගියත්!

    ReplyDelete
  4. මාර්ග නීතිවත්..පාරෙ යන වාහන වත් විස්වාස කරන්න එපා කවදාවත්...තමුන් ගැන විතරක් විස්වාස කරන් පාර බලල මාරු වෙන්න...මටත් ඔය වගේ දේවල් වෙලා තියනවා.......මම කොල ලයිට් වලින්,සුදු ඉර මාරු වෙන්නෙත් පාර බලල හරි ඉක්මනින්...!!

    ReplyDelete
  5. කිසිම වෙලාවක පාරේදි අනික් වාහන ගැන විස්වාස කරන්න එපා,එක එකා එන්නේ එක එක සිහියෙන්,හොදම දේ තමන් පරිස්සන් වෙන එකයි,කොහොම නමුත් හොඳ බේරිල්ලක් බේරිලා,බුදු ගුණ අනන්තයි !!!!! ජය......

    ReplyDelete
  6. ඔව් කොයි තරම් මාර්ග නීති දාලා තිබුනත් හැම වෙලේම ඒවා පිළි නොපදින කොට්ටාශයකුත් ඉන්න බව මතක තියාගෙන වැඩ කරොත් කාටත් හොඳයි.

    සිග්නල් ලයිට් එකේ කොළ පාට වැටුනත් හැම පැත්තම හොඳට බලලා තමයි වාහනවලට යන්න වෙලා තියෙන්නේ. රතු එලිය දැල්වෙද්දී වැරදි විදියට නොනවත්වා ධාවනය කරපු ට්‍රක් රථයක් කාරයක ගැටීම නිසා නිරපරාදේ ජීවිත නැති උනා...නැති උනේ වරදක් නොකළ, මාර්ග නීති විශ්වාස කරපු අය. ට්‍රක් රියදුරු නෙමෙයි.

    ReplyDelete
  7. දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් පටිසන් දුන්නා, කරපු පින එවෙලෙම පල දුන්නා .......

    ReplyDelete
  8. පරිස්සමින් ඉන්න. බණ අහන්න නිදහස් වෙලාවක. හරිම හොඳයි. මගෙත් ගුරු හාමුදුරුවෝ තමයි ඒ. මේ දිනවල උන්වහන්සේටත් මෙහෙ මඩ ප්‍රහාරයක් යනවා. මම හරි විදිහට ධර්මය දැක්කෙ උන්වහන්සේ ගෙන්. සෝම හාමුදුරුවන්ට පස්සෙ ලංකාවට පහල වුනු මේ යතිවරයානෝ සියලු දෙවියෝ රකීවා! ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී.

    ReplyDelete
  9. මචන් හැමෝම කියව වගේ පරිස්සමින් යන්න.කරදරේ වෙන්නේ අපි හිතන්නේ නැති වෙලාවට
    බුදුසරණයි !!

    ReplyDelete
  10. පවර්බෝල් එකක් වත් ගත්තේ නැද්ද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...