Aug 8, 2011

නංගි කනවද කට්ලට්?





මේ සිදිදිය උනේ මගෙ ඇහැට තේල් විසි වෙන්න දවස් දෙක තුනකට කලියෙන්.අපේ කිචන් එකේ හෙඩ් චෙෆ් නෑ කියන්නේ ඉතින් අපිට රජ මගුල් වගේ.එදත් ඒ වගේ දවසක්.හරියට කිවුවොත් ඉරිද දවසක්.ඔසි චෆ් ල දෙන්නම නිවාඩු,මමයි සිගයි අපේ රංග ළමයයි තව ඉන්දි කියල උඩරට චෙෆෙකුයි විතරයි මුලු කිචන් එකටම.ලොක්ක නැති දවස් වලට අපි නිකන් ගෙදර කුස්සියක වගේ.හිතිච්ච දේ හදාගෙන කනව.

ඉතින් මේ දවසෙත්  උදේ පාන්දරම හොඳ ස්ට්‍රොන් කෝපි එකකුත් හදාගෙන හා හා පුරා කියල වැඩ පටන් ගත්ත.උදේම ඉතින් බඩ්ගිනි නිසා බේක නුයි බැදපු බිත්තරේකුයි දාපු හොද බන් එකක් කැව ආපු ගමන් ම.දැන් දවල් වෙනකොට අපහු බඩගිනි. එක එක හුටප්පර කියව කියව ඉන්න ගමන් මම නිකමට සිගාගෙන් ඇහුව...

මචන් හදමුද කට්ලට්....?  
මොනවද කස්ස අහන්නේ හදමු  ජූඩ්!

සිගා ජූඩ් කියන්නෙ අපි ඩූඩ් කියන එකට

ඔන්න දැන් කට්ටියට හෙන කික් එකක් ගියා කට්ලට් වැඩේට.අතට පයට අහුවෙන ජාති දාල  කොහොම හරි මික්ස් එකත් හදාගත්ත.අපි හතර දෙනාට නිසා ටිකක ලොකුවට හැදුවත් කියමුකො. දැන් මම හදල දීපු මික්ස් එක සිගා තමා පාන් කුඩු වල දාල බදින්න ගත්තෙ.එකක් බැද්ද,දෙකක් බැද්ද තුන්වෙනි එක තෙලෙන් එලියට ගන්න කොටම අපේ ඉස්සරහ වැඩකරන අලුතින් ආපු ජෙනිෆර් නංගි ආපි කුස්සියට.කවදත් චීත්තයක් දැක්කම අමුතුම ආතල් එකක් යන අපේ උඩරට ඉන්දි ලොක්ක පැනපු ගමන් කියපි

We’re making some Sri Lankan food. Do you want to try it? It’s very tasty and be careful it’s bit hot as well.

ජීවිතේට කට්ලට් එකක් කාල තියා දැකලවත් නැති එකා මෙහෙම කිවුව ගමන්  නිකන් හම්බවෙන දෙමල පත්තරේ හරි ගන්න අර ජෙනිෆර් කෙල්ලත්..

Why not! I would love to….
කියල කියපි.

අපේ එකා ඔන්න පුදපි එක කට්ලට් එකක්.දැන් අපේ රංග ලොක්කට මේක බලාගෙන ඉදල හිතට හරිම වේදනාවයි.කෙල්ල කට්ලට් එක ඉවර කරපු ගමන්...

You want to try another one?

මෙකිත් පැනපු ගමන් තවත් කට්ලට් එක කට වග කිවුව එක හුස්මට.ඔන්න ඒ අස්සෙ තවත් ඉස්සරහ වැඩකරන කෙල්ලෙක් පාත් වුනා.හිතා ගන්න පුලුවන් නේ! ඒකිටත් එම කතාවම තමා.

කට්ලට් ටික තේලෙන් එලියට ගන්නත් කලින් අරුන් දෙන්න කෙල්ලන්ටත් කවල උන් දෙන්නත් දෙක දෙක කෑව.අසරණ සිගාටයි මටයි යාන්තම් ඉතුරු වුනේ එක කට්ලට් එකක් විතරයි.
මදෑ බඩගින්නට කන්න කට්ලට් හැදුව..

14 comments:

  1. මරු කට්ලට් හැදිල්ල... අන්තිමේ දන්සැලක් වුනා වගේ...

    ReplyDelete
  2. එහෙනම් ආය සැරයක් හෙඩ් චෙෆ් නැතිවෙලාවක් බලලා කට්ලට් ටිකක් හදමු "ජූඩ්" :)

    ReplyDelete
  3. කට්ටක් කාලා හාරි පිණක් කරගත්තා මදැයි.

    මලේ සිංහල හෝඩියේ බිංදුව පිලිවෙලට ටයිප් කලොත් කියවන ඇස්වලට ලස්සනයි, ලේසියි.

    පාවිච්චි කරන්නේ:
    UCSC Realtime Unicode Conveter නම්
    type na\ngi = නංගි

    Google Transliteration නම්
    type nangi(press space bar) suggestions වලින් හරි වචනය තෝරාගන්න පුලුවන්

    ReplyDelete
  4. ඔව්වා හදලා හෙඩ් චෙෆ්ටත් දීලා බලපන් වැඩේ නැඟලා යන්න බැරි නෑ :D

    ReplyDelete
  5. අනේ මාත් බැළුව වෙන විදිහකට , රසට ,ගුණට හදන අළුත් ක්‍රමයක් වත් ඇති කියලා,, හයියෝ පින්තූරෙ දැකලා කට ඇවිස්සුනා විතරයි. අපිටත් නෑ, බලනකොට ලියපු එක්කෙනාටත් නෑ.. පාප මිත්‍ර සේවනේ !!

    ReplyDelete
  6. ඒවා ඉල්ලං දෙන උන්ගෙ account එකෙන්ම කපා ගත්තනම් හරිනේ.

    ReplyDelete
  7. කොල්ලො අපිට කරදර කරන්න තමා ඔය, දෙයියෝ කෙල්ලො ජාතිය මවල තියෙන්නේ..

    නිකන් හිගන්නගෙ පාත්තරේට තවත් හිගන්නෙක් වැටුන වගේ.. පව් අප්පා..

    ReplyDelete
  8. පවු බං අර කෙල්ලෝ ..උඹලා උන්ට අමු පිටි ගුලි ගිල්ලවලා වගේ .

    ReplyDelete
  9. එලම එල වැඩක්........

    ReplyDelete
  10. මටත් පේන්න බෑ..ඔය කට්ලට්ස් නම්...

    ReplyDelete
  11. @prasanna6k
    කියල වැඩක් නැ බන්

    @නදී
    හික්...ඔවි හදමු ජූඩ්!

    @ගල්මල්-Coral
    ස්තුතී ඩීන් අයිය.ඔන්න වෙනස් කලා

    @අකූ
    හික්...කට්ලස්...ඒක මරු

    @පූසා
    හ්ම්...ඔවි බන්.දවසක් බටු මෝජු හදල මනුස්සය ගෙදරත් අරගෙන ගියා.

    @හරී - පිණිපළස
    ඒකනම් ඇත්ත.පාප මිත්‍ර සේවනය.කල්‍යාණ මිත්‍ර කියන කට්ටිය ගොඩක් අඩුයි නේ අක්කේ

    @තාරක Dilsh@n
    ඔවි.අනිවා මචන්. චාන්ස් එක ආවම දෙනව වැඩේ

    @මහසෝණා මහතා
    මරු කතාව මචන්.ඔය කොයි රටෙ එකත් එකයි බන්.

    @හිස් අහස
    පිස්සුද බන්.මේව එලකිරි වගේ හදපුව..

    @chiran
    මොන එලද මචන්.මම බඩගින්නේ

    @- නිල් අහස -
    ඒ මොකද ඒ?

    ReplyDelete
  12. දැන් මොනතරම් නම් ලස්සනද ලියවිල්ල

    ReplyDelete
  13. ඔසීවල කට්ලට් කඩයක් දාගන්න පුලුවන් වගේ :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...