Apr 10, 2010

කස්ස වැලිතලප හදපු හැටි


අලුත් අවුරුද්ද ලගටම ඇවිදින්.ලෝකෙ කොනක හිටියත් අවුරුදු කාලෙ මතක්වෙනකොට ඉතින් බඩේ ගින්දරේ බෑ.ගෙදර අවුරුදු කැම මේසෙ මතක් වෙනව.කැන්ගරුවො එක්ක හරි හරියට හැප්පෙන කස්සට දැන් අවුරුදු 4 කින් අලුත් අවුරුද්දක් නෑ.ඉතින් මෙ අවුරුද්දෙ කස්සත් පොඩි try එකක් දුන්න මොනව හරි හදන්න!

ගිය අවුරුදු වල වගේ එකට set වෙන්න යාලුවො දැන් නෑ.මම ඉන්න ගෙදරින් මගෙ පරන යාලුවො set එකම වෙන වෙන තැන් වලට චුත වෙලා.වෙන අවුරුදුවල නම් ඉතින් කිරි වැඩිවෙච්ච් කිරි බතුයි,ලුනුත් නැති,මිරිසුත් නැති ලුනුමිරිසුයි එක්ක අවුරුද්ද ජයට ගන්නව.වැඩේ කියන්න රස දේකට තියෙන්නෙ super market එකෙන් අරන් එක cake එකයි කෙසෙල් ඇවරියයි විතරයි.
ඉතින් මේ පාර කස්සට වැලිතලප හදන්න හිතුන.මේ වැඩේට ඉතින් මට හදන හැටි කියල දීල sup එක දුන්නෙ අපේ මතකය අහුලන දිල්.
හා හා පුරා කියල කැවිලි ජාතියක් හදන නිසා මම exam එකට ගිහින් එනගමන්ම හාල් පිටියි,සීනියි, desiccated පොලුයි(මෙහෙ කොහෙද ඉතින් පොල් ගෙඩි ඒ තිබ්බත් හිරමනයක්?) එහෙම අරගෙන ගෙදර ආව.ඉතින් ලොකු බාජනේකට පිටි ටිකයි පොල් ටිකයි එහෙම දාල දැන් මේක තම්බන්න තමා කොල්ලගෙ try එක.
හික්..උජාරුවට ලැස්ති උනාට තම්බන්න එකක් නැ.rice cooker එක එහෙට මෙහෙට කරල දන්න සෙල්ලම් කෝට්යම දැම්මට වැඩෙ හරි ගියේ නෑ.අලි බාජනයක් පිරෙන්නම පිටි තිබ්බට අන්තිමට කස්සට සිද්ධවුනා පිටි පොඩ්ඩකින් පොඩි test පාරක් දාන්න.ඉතින් මගෙ ගාව හාල්පොත වගේ තියන nonstick තාච්ච්යට සීනි ටිකක් දාල පැනි උණුකලා.හවස් ජාමෙ මේ වැඩේ පටන්ගත්ත නිසා වැඩිය එලියත් නෑ.දැන් ඉතින් කොල්ල සීනි උණු කර කර සීනිවල නූල් ඇදෙනකම් බලං ඉන්නව. විනාඩි 10 විතර යනකොට සීනිත් පදමට ආව කියල වගේ හිතෙනකොට අර පිටි ටික දාල කලවම් කරල එහෙම ඉතින් චුටිම චුටි ලාමක වැලි තලපයක් හදාගත්ත.

දැන් මෙක test කරන වෙලාවනෙ. ඉතින් ඔන්න වැලිතලපෙන් පොඩි කැල්ලක් කඩාගෙන කාල බලුව.හප්ප කියල වැඩක් නෑ.මගෙ රස නහර පිනා ගියා.සීනි කරවෙලා! හරියට නිකන් මාලු හොදි එක්ක මස්කට් කෑව වගේ.ඒ මදිවට මගෙ nonstick තාච්චියේ අලි සීනි තලියයි.ඒක යවන්න ගිහින් මගෙ තාච්චිය nonstick වල ඉඳන් stick වලට මාරු කරන්න සිද්දවුනා.ඒ මදිවට කුසිසියේ පිටි හැමතැනම. අලි මදිවට සමනල්ලු කිවුවලු.ඉතුරු පිටි ට්ක නම් ඉතින් අරන් තිබ්බ අවුරුද්දට රොටියක් හරි පුච්ච්ගෙන කන්න පුලුවන්නෙ කියල.

ඔන්න කස්සගෙ වැලිතලප හැදිල්ල….
ඔබලාගෙ ප්‍රිය සම්බාශන,උත්සව අවස්තා වලට වැලිතලප උවමනා කරයිනම් කස්සව අමතන්න.

පසුව…
අර සිංහල කඩෙන් පිටි ගන්න ගමන් ඒ ඩොලර් 10 යට වැලිතලප කෑලි දෙක තුනක් මට අරන් එන්න බැරිඋන හැටි!

15 comments:

  1. වැලිතලප ගැන කිව්ව ගමන්ම ඉතින් දිල් කිව්වලු වෙන්න මස්සිනාට ඕක නම් හදන්න ලේසි නෑ කියලා. වෙන්න මස්සිනත් ගේම අත් හැරියෙ නෑලු...අන්තීමට ඉතින් කරුවලේ ජරමරේ නටලා මොනාදෝ හැදුවලු ( වැලි නැති තලප )

    මොනා උනත් වෙන්න මස්සින දුන්න try එක හොඳයි. වැලිතලප කියන්නේ ලේසියෙන් හදන්න පුළුවන් කෑමක් නෙමේ. පිටි කැට කරගන්න එක හරි සියුම්ම කරන්න ඕනෙ දෙයක්. ඒක අත හුරු කෙනෙක්ට විතරමයි කරන්න පුළුවන්....

    කතාව මෙහෙම කියන්ද්දී මට ගෙවුන සිංහල අවුරුද්දත් මතක් උනා....මගෙ එකම නංගියා හා පුරා කියලා ආදරය කරන්න ගත්ත කෙනාට අවුරුදු නැති නිසා එයත් කැවිලි ජාති කන්නෙ නැතුව, අලුත් ඇඳුම් ගන්නේ නැතුව හිටියනෙ...වෙන්න මස්සිනාට මතකද මන්ද.....

    ReplyDelete
  2. කස්ස,
    වැලි තලප කෑලි දෙක තුනක් ගෙනත් කෑවට වැඩිය ඔය කාපු කට්ටට උඹට සතුටු නැද්ද මෙහේ ඉන්න එවුන් අවුරුදු කන හැටි දැක්කම උඹ ගැන හරිම සතුටුයි මලේ.

    ReplyDelete
  3. අනේ මාත් වැලි තලප හැදුව ඒව නිකන් ගල් වගේ කිසි කෙනෙකුට කන්න බෑ. ඒ අතින් බලන කොට ඔයාගෙ වැලි තලප එක හොදයි නෙ රස මොන වගේද කියලවත් බැලුවනෙ

    ReplyDelete
  4. කඩෙන් අරන් කන වැළතලපෙට වඩා මේ ගත්ත උත්සාහය අනිවා රසවත්නෙ මචන්.
    ඊළග පාරත් ට්‍රයි එකක් දාල බලපන්.

    ReplyDelete
  5. දිල් නේ කියලා තියෙන්නේ හදලා තියෙන විදිහ..
    වැලි තලපෙත් නිකන් හරියට එයාලගේ Pizza වගේම ඇති :P

    ඔයින් ගියා මදෑ. නිකන් තලපයක් හදලා වැලි ටිකක් දාලා " වැලි තලප" හදන්න. ලේසිම ක්‍රමේ ඒක තමයි.

    ReplyDelete
  6. කස්ස අයියා හදපු වැලි තලප එකට වැලි දැම්මේ නැහැනේ ඒක තමා ඔහොම අප්සෙට් වෙන්න හේතුව :) :) :)

    ReplyDelete
  7. දිලට...
    ඔවු! මොකද මට මතක නැත්තෙ.ඒ හැම මතකයක්ම සුන්දරයි.
    වැලිතලප හදන්න අමාරුයි...මේ ලෝකෙ අමාරුයි කියල දේවල් නැ.අපි බලමුකො...

    ReplyDelete
  8. දයියට...
    ඔවු මචන් ඒක ගොඩක් හොඳ අතිදැකීමක් තමා...ඉස්තුතී ප්‍රතිචාරයට!

    ReplyDelete
  9. isimbuwaට...
    අපි දෙන්නම එකම බෝට්ටුවෙ වගෙ..කමක්නෑ අපි උත්සහ හරි කලානෙ!

    ReplyDelete
  10. රේවන්ට..
    ඔවු එක හොඳ අත්දැකීමක් තමා...අපහු try එකක් දෙනව.ස්තුති මචන්

    ReplyDelete
  11. ට්‍රයි කරපු එකයි වටින්නේ.

    කසුන්ගේ මේ වචන ටික මසුරන්: "මේ ලෝකෙ අමාරුයි කියල දේවල් නැ"

    Nothing impossible!

    ReplyDelete
  12. මචෝ උඹට හිරමණයක් ඕනෙ නම් බන්දුගෙ කඩේ බලපන්, මට මතකයි ඒකෙ තිබුනා වගේ. ඒත් ඉතින් පොල් ගැනනම් කතා කරලා වැඩක් නෑ. අපි එක පාරක් coles එකකින් පොල් වගයක් ගෙනාවා, ඔක්කොම කුණු වෙලා :D

    ReplyDelete
  13. නිසාචරයට...
    එච්චර ලොකුවට හදන්න නෙමෙ බන්.නැත්තම් ඒපැත්තෙ යනව...colombo එකෙ ඇති සමහර විට.

    ReplyDelete
  14. කස්සට /

    ඔයාට මතකයිද ? පුදුමයි. ඒ මතකනම් එයාට අවුරුදු නැති මේ අවුරුද්දේ ඔයා සතුතු වෙන්නේ නෑනෙ..නේද ? අඩු තරමින් එයා ගැන සඳහනක්වත්....තේ ගැන සදහනක්වත් ........

    ReplyDelete
  15. වැඩෙ සම්පූර්ණ වැරදීමට හේතුව ගුරාගේ වරද මිස ඔබගේ වරදක් නොවන බව ඉඳුරාම කිව හැක...
    (මෙන්න කෙනෙක් මාව මරන්න හොයනෝ...)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...