Aug 25, 2012

කඳුළු ගඟෙන්,කිරි සයුරට..

 මාසෙකට වඩා වැඩි කාලයක් යකාගෙ කම්මල වගේ තිබුනු ඔලුගෙඩියට ඊයෙ දවසෙ පොඩි විවේකයක් ලැබුන.ඒ මෙල්බන් වල බෞද්ධයො අතර ගොඩක් ප්‍රසිද්ධ වොබර්ටන්  පංසලට පය ගහන්න ලැබිච්ච වාසනාව නිසා.නම,ගම වත් දන්නෙ නැති, නන්නාදුනන කෙනෙක් බොලොග් එකේ ක්මෙන්ට් අතරෙ කරපු යෝජනාව මේ ගමනට මුල් වුනා කිවුවොත් ඒක වැරදි නෑ.ඒ කල්‍යාණ මිත්‍රයට බොහොම පින්.එයා නිසා මට තව ඒවගේ අය බොහෝ දෙනෙක් අඳුනගන්න ලැබුන.


හාමුදුරුවන්ගෙ දානෙට බත් එකකුත් උයාගෙන ගමන යන්න උදේම පිටත් උනා.මාව එක්කගෙන ගියේ වික්ටෝරියන් බුඩ්ස්ට් සොසයිටී එකෙන් අඳුන ගත්තු ශේන් කියන සුදු මහත්තය එක්ක.පැයක් හමාරක් යනකොට අපි  පංසලේ.

එතනදි හිතට එන හැගීම වචන වලට හරවන්න බෑ.මාසෙම අඬපු කඳුලු ටික එකපාටම වේලිලා ගියා.ඒ තරමට හිත නිවෙන තැනක්.වටේම කඳු,මීදුම,පින්න,සීතල මේ ඔක්කොමත් එක්ක හාමුදුරුවරුන්ගෙ සිල් සුවඳ.දාල එන්න හිතුනෙ නෑ.

දානෙ ඉවර කරල අපි ගියා   පංසලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න.උන්නාන්සෙගෙ නම අජාන් කල්‍යනෝ.එන්ගලන්තෙ ඉපදිලා පස්සෙ ගොඩ කාලයක් තායිලන්තෙ අජාන් චා හාමුදුරුවො ගාව මහණවෙලා ඉඳල, ඒ හාමුදුරුවන්ගෙ කීමට තමයි මෙහෙට වැඩල තියෙන්නෙ.හරිම සිල්වත් හාමුදුවො.හැම වෙලාම ඉන්නෙ හිනා වෙලා.මාත් එක්ක ගිය ශේන් මහත්තය හාමුදුරුවන්ගෙ හෙන ගජය.ඉතින් මට බරට උපදෙස් ටිකක් දුන්න.අන්තිමට උන්නාන්සෙට සිටි එකට එන්න ඕනෙ කියල අපි ගිය වාහනේම ආපහු වැඩිය.ඒක ලොකු වාසනාවක්.ප්‍රශ්ණ පත්තරෙකටම උත්තර අහගත්ත එන ගමන්.



"පළතුරු ගහක් හිටවල ඒකට වතුර දාල,පෝර දාල,වල් පැල ගලවල,සත්තුකරල ඒකට හොඳට ඉර එළිය වැටිල එනකොට කාලෙකදි නිකම්ම පළතුරු කඩාගන්න පුලුවන්.හැබැයි ගහ හිටවල පළතුරු නෑ,පළතුරු නෑ කිය කිය හිත හිත හිටියත්,මෙතන හරිනෑ වෙන තැනක හිටවනව කියල   සැ රෙන් සැරේට ගහ ගලව ගලව තැන තැන හිටවන්න ගත්තොත් අන්තිමට වෙන්නෙ ගහ මැරිල යන එක."

මේ මම බාවනාව ගැන අහපු ප්‍රශ්ණේකට උන්නාන්සෙ මට දීපු උත්තරේ.


කොහේ ගියත් කැමරා කට්ට අමතක නොකරන නිසා පින්තූර ටිකක් ගත්ත.ඔන්න එහෙනම්...


මේ ඉන්නෙ පංසලේ ලොකු හාමුදුරුවො  අජාන් කල්‍යානෝ.මේ පින්තූරෙ නම් ගත්ත ගූගල් කරල

 





ඔය යන්නෙ මා එක්ක ගිය සුදු මහත්තය ශේන්









මේ ගමනට මා උනන්දු කළ නන්නාදුනන කලණමිතුරාට මා සිදුකරගත් සියලු පින් අනුමෝදන් වෙවා! මිනූ ඔයාටත්...

Buddha Bodhivana Monastery
780 Woods Point Road
East Warburton, Victoria - 3799
Australia

35 comments:

  1. බොහොම හොඳ ගමනක් ගිහින් තියෙන්නෙ.මේ ශේන් මහත්මයා නම් කල්‍යාන මිත්‍රයෙක් වෙන්න ඕනෙ මෙහෙම තැනකට එක්ක යන්න.කළ්‍යාන හාමුදුරුවෝ නම් බොහොම සිල්වත් උත්තමයෙක් . මම නම් කීප වරක් ගිහින් තියනව.දවසක් පොඩි දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවා මොකක්ද enlighment කියලා.බොහොම සරලව ඒ ලමයට ඒක පැහැදිලි කරල දුන්නා මට හිතාගන්නවත් බෑ.මගෙ වයස 12 වෙන පුතා ඒ හාමුදුරුවන්ගෙන් සෑහෙන දෙයක් ඉගෙනගෙන තියනව.භාවනා කරන්න ඉගෙන ගන්න කියල හාමුදුරුවො එයාට ඩීවීඩී එකක් දුන්නා.බොහොම සරලව ලමයෙකුට තේරුම් ගන්න පුලුවන් ඒක. වෙසක් පින්කම හරි කටිනය හරි දවසට ගියොත් භ්හාවනා කුටි බලන්න කැලැවට එක්කගෙන යනව.හැබැයි දනිස්ස නිකටෙ වදිනකම් කන්දෙ නගින්න ඕනෑ.දානෙ ඉවරවුනහම හාමුදුරුවරු safety boot දාගෙන වැඩ කරනව දැක්කෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ක්මෙන්ට් කලාට බොහොම ස්තුතී.අපිට වැඩි වෙලාවක් ඉන්න ලැබුනෙ නෑ.හාමුදුවො මෙල්බන් වඩින නිසා ඉක්මනට එන්න වුනා.

      Delete
  2. මොකක්ද දුක ඇති වීමට හේතුව?

    ReplyDelete
    Replies
    1. http://ozikatha.blogspot.com.au/2012/07/blog-post_27.html

      Delete
  3. great! it really is a wonderful place :)

    ReplyDelete
  4. කස්ස..හිත හදාගනින් මචං.

    ReplyDelete
  5. සැබවින්ම බුදු දහම ප්‍රායෝගිකත්වයෙන් වටහා ගන්නා හැඩයි :)

    ReplyDelete
    Replies
    1. හැමදාමත් පොත් කියව කියව ඉඳල හරියන්නෙ නෑ මචන්..

      Delete
  6. බොහහොම අපූරු තැනක්.. ඒ වගේම අන්තිමේ හාමුදුරුවෝ දුන්න අවවාදයත් ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. හරියට මගෙ හිත කියවල උත්තරේ දුන්න වගේ

      Delete
  7. මම නම් කතෝලික බැතිමතෙක්. ඒත් මගේ හිත කලබල උන හැම වෙලාවෙම මම පන්සලකට යනවා. හිත නිවිලා යන්නෙ හිතා ගන්නවත් බැරි විදියට. ආ...පින්තූර ටික නම් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කතෝලික කෙනෙක් පංසල් යනව කියල අහන්නත සතුටුයි.බොහොම ස්තුතී මේ පැත්තෙ ආවට.

      Delete
  8. Replies
    1. ඇත්තටම ගොඩක් අපූරු තැනක්.

      Delete
  9. මමත් කීප සැරයක් ගිහින් තියනවා. හරිම ලස්සන, හිත නිවෙන , අපූරු තැනක්. ගිය එක හරිම හොඳයි.

    මේ හාමුදුරුවරුන්ගේ බණේ තියන විශේෂත්වය තමයි අපි කල්පනා කරලා තේරුම් ගන්ට හැකිවෙන විදියට දේශනා කිරීම. බුදු හාමුදුරුවෝ බණ කියන්ට ඇත්තෙත් මේ විදියට වෙන්ට ඇති කියලා ඒ වෙලාවට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව හරියටම හරි.

      Delete
  10. මටත් යන්න ඇත්නම් කියල හිතුනා..
    ස්තුතියි මෙහෙම මේ දේවල් දකින්න සැලස්සුවට..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මීට වඩා හිත නිවෙන ආරාම තියනව මම දන්න විදියට.ඇවිත් ගියාට ස්තුතී

      Delete
  11. sadhu....sadhu.... sadhu...
    mata harima sathutui malli.. oyaata pin thiyenawa me sansaara gamana keti kara ganna. Shane kiyanne mama danna kaale indalama BSV saha warburton walata thamange kaalaya, shramaya,dhanaya mindfully wa veya karana kenek. eyaawa anduna ganna lebeemama loku pinak. den oyaa nopamaawa meditate karanna patan ganna.e suwaya hariyatama denunata passe oyaa kawadawath aapahu herena ekak nehe.
    photo tikath harima lassanai..
    ithin... den me gamana mindfully yana eka oyaata baarai....
    theruwan saranai malliye....

    ReplyDelete
    Replies
    1. ඔය කවුරු උනත් බොහොම පින්.ඔයාගෙ මඟපෙන්වීම නැත්තම් මම තාමත් මේ කාමරෙකට හිරවෙල අඬ අඬ..

      Delete
  12. mata kiyanna amathaka wuna.warburton wala retreat thiyenawa samahara dawas walata. shane gen aha ganna thiyena dawas. mata langadi yanna beri wuna nisa danne nehe.BSV ekatath enna sunday ta.meditate karala, ven. jag ge talk ekakuth ahala dawal daanetath indalama yanna enna.mama nam week ekakatama energy ganne edaata thamai.digatama enna meditate karanna. nokarath e inna tika hari sanaseemak malli. theruwan saranai....

    ReplyDelete
    Replies
    1. මම දැනටමත් ඒක තීරණයක් කරල ඉවරයි,වෙලාව ආපුගමන් යනව.ලොකු හාමුදුරුවො එන්න කිවුව මට.ඉරිදට BSV එකට එන්න බෑ, මොකද මම එදාට වැඩ.නිවාඩුවක් ලැබුනොත් ඔයාව හම්බවෙන්නත් එක්ක අනිවා එනව.

      Delete
    2. harima sathutui..oyaa harima pinwanthai. palamu wathaawema loku haamuduruwo me vidiyata muna gahenne ehemath kenekuta thamai. labena avastha maga harinne nethiwa oyaage wedath karana gaman me gamana yanna.pin karala minu athulu siyalu sathwayintama anumodan karanawa hera kisima deyak illanna epa. oyaata one welaawata hema dema labei.
      mama ithin anonymus ne malli. oyaa kawuda , kohenda awe, ayi me thaama methana kiyana dewalata pilithuru hoyaa gaththata passe samaharavita maawa anduna ganeevi. hoyanna uthsaaha ganna epaa.oyaage sthuthiya hadawathinma pili gannawa. bohoma sthuthi...
      shane oyaata udaw karaavi me gamanata. Adrian saha emma (BSV) th harima honda aya. eyaala kathawen vitharak nowe, kriyaawenuth honda buddhist la. blog ekenma hamu wemu.ithin ehenam suba gaman........

      Delete
    3. මම මිනිස්සු නිසා බොහොම රැවැටුන කෙනෙක්.මේ කඳුලු හලන ආදරේදි පවා,ඒත් ඒ කිසිම දෙයකට මගෙ හිතේ තරහක් නෑ.ඔයා කවුද කියල හොයන්න උවමනාවක් නෑ මට.මොකද මේ කරපු උදවු ටිකම ඇති මට ඔයාව අඳුන ගන්න.මට උදවු කරල පිනක් සිද්ධ වුනා නම් ඒක ඔයාගෙ නිවන් මගටම හේතු වෙන්න කියල ඉල්ලනව.

      Delete
    4. mama e pin anumodan wennam.oyaatath godak pin e wenuwen.mata aththatama harima sathutui oyaa gena. hitha riduna nam samaa wenna malliye..
      MAY YOU BE HAPPY AND WELL......!!!!!

      Delete
  13. හුගක් හිත නිවෙන තැනක් වගේ. හරිම ලස්සන පරිසරයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොඩක් හිත නිවෙන තැනක්

      Delete
  14. හරිම ලස්සන තැනක් .....

    ReplyDelete
  15. හරිම නිස්කලංක තැනක් වගේ.... පින්තුර ඔක්කොම අයියද ගත්තේ? ගොඩක් ලස්සනයි... කොහොම කොහොම හරි අයියගේ හිත හැදෙනවා නම් අපිට සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඔයාට මේ පැත්තෙ ආවට.මම තමයි පිංතූර ගත්තෙ.කැමරාවට මම ටිකක් ආදරෙයි එදා ඉඳලම.හිත හදාගන්න ඒක එක පාරට කරන්න බෑ.බලමු උත්සහ කරල

      Delete
  16. ප්‍රියයන්ගෙන් වෙන්වීම හරිම දුකක් තමයි කස්ස මල්ලි
    ඒක උපදින හැම කෙනෙකුටම උරුම දෙයක්: මෙහෙම තැනකට ඔයාව එක්ක ගිය කල්යාණ මිත්‍රයාට ඇත්තටම පින් දෙන්න ඕනෙ: මේ විදිහට ධර්මයට ලන් උනාම ඉක්මනින්ම හිත හදා ගන්න හැකිවේවි මල්ලි ඔයාට: තෙරුවන් සරනින් යහපත් අනාගතයක් පතනවා සෙනෙහසින්ම:

    ReplyDelete
  17. ලස්සන තැනක් මචං... එතනට ගියාම හිතට දැනෙන දේවල් හිතාගන්න පුළුවනි.

    -goldfish-

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...