Jul 5, 2012

ඇලීෂියා


මගේ අතින් හැදෙන
කෑම පීරිසිත් අරං
හොරාට බැල්මක් දාල
ගිණි කිරිල්ලි වගේ
කුස්සිය දිගේ දුවන
උඹ දකින මට

උතුරු සලුව විසිකරල
උණු තෙල් හැලියට පැනල
චුත වෙන්න හිතෙනව
ඇලීෂියා
!

කුස්සියෙ පොඩි සීන්  එකක්!

40 comments:

  1. අම්මෝ එච්චර් දරුණු වෙන්න එපා බන් ....

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් දැකල නිකමට හිතට ආපු වචන ටිකක් මචන්

      Delete
  2. පැනපං අය්යේ... මිරිස් තුනපහ ටිකකුත් ඇගේ ගාගෙනම... ඇලිෂා කැමතිවෙයි ඩීප් ෆ්‍රයි බී,,,,, නෑ එක්කො ඕනෙ නෑ.. ( තාම අය්යව වැඩිය දන්නේ නෑනේ )

    ReplyDelete
    Replies
    1. ගොං වැඩ නම් එමට කරල තියනව මච්න්.ඒව ඉතින් කියන්නම ඕනෙ නෑනෙ.කැමති දෙයක් කියපන්.මට අර සෙන්ස් ඔෆ් හියුමර් කියන එක තියනව

      Delete
    2. අප්පට හුටු උබට සෙන්ස් ඔෆ් හියුමර් ද.... පරිස්සන් වෙයන් ...අපේ සීය නැති උනේ ඔය ලෙඩෙන්..

      මම කියන්න ගියේ ඩීප් ෆ්‍රයි කරපු බීෆ් වලට ඇලීෂියා හුගක් කැමතිවෙයි කියලා..

      Delete
  3. ඇලීෂියා කියන්නේ කවුද කුස්සියේ වැඩ කරන කෙල්ලෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔව්..එහෙව් එකක් තමයි!

      Delete
  4. හෑ ඒ තරම්ම සසර කල කිරෙනවද එයා දැක්කහම....

    ReplyDelete
    Replies
    1. මොනවද කියන්නෙ...
      ඒ කාලෙ එහෙම මෙවගේ කවි පොඩ්ඩ්ක් දැම්මනම් තුන්වෙනි ලෝක යුද්ධෙට මූණ දෙන්න වෙනව

      Delete
  5. හාහ්..කවුද එ ඇලිශියා..

    ReplyDelete
    Replies
    1. ආ...නෑ...මේ...දන්නේ නැද්ද!

      Delete
  6. Replies
    1. මටත් ඕක තමා මතක් උනේ :)

      Delete
    2. ඇලිස් නෙමේ මෙයා ඇලීෂියා

      Delete
  7. මට මතක් උනේ මගේ තැපැල් කන්තෝරු එක්කෙනා.. එයත් ඇලිශියා නේ... ;)

    ReplyDelete
    Replies
    1. එහෙත් ඇලීෂියා...මෙහෙත් ඇලීෂියා!

      Delete
  8. හෆොයි.. ගිනි කිරිල්ලියක්ම නොවැ ඇලීෂියා.. :D

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනවද..පිච්චෙනව.

      Delete
  9. උඹ සිල් අරගෙනද ඉන්නේ? උතුරු සළුව විසිකරලා තෙල් තාච්චියට පනින්න... උඹත් අර නන්ද කුමාරයා වගේනේ බං... හිකිස්...

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ බන්....දන්නේ නැද්ද ඉතින්

      Delete
  10. ඇලිෂියා හොටේල් එකේ අදින්නෙ පාට් ටයිම් කෑල්ලක් වෙන්ඩ ඕනෙ.....

    ReplyDelete
    Replies
    1. ඒත් නම හරිම ලස්සනයි.....ගිණි කිරිල්ලි වගේ දුවන හැටි නං මැවිලා පේනවා.... හැබැයි පරිසමින් කෑම පිරිසි ඉහිරෙන්ඩ පුලුවනී!:P

      Delete
    2. නෑ මේක ෆුල් ටයිම් එකක්!

      Delete
  11. ඇලීෂියා කිව්වාම මට පූසෙක්ව මතක් වෙන්නෙ මොකද මන්දා..

    ReplyDelete
  12. ඔයා උතුරු සලුත් දාගෙනමද වැඩ කරන්නේ? :)

    ReplyDelete
    Replies
    1. නැ නෑ....මෙයා ඔය මිනිහගේ සීලේ බිඳුනා කියලා නෙව කියන්නෙ.....

      Delete
    2. :P ව්‍යංගය භාවිතා කරලා තියෙන්නෙ....හෙහ් හේ....

      Delete
    3. නෑ..ඒප්‍රන් එක දාගෙන...

      Delete
  13. ඇයිකස්සෝ,එච්චරටම???/?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සලිත වුනා මචන්.එච්චරයි

      Delete
  14. තමන්ගේ මතය සේම අනුන්ගේ මතයටද ගෞරව කිරීමටම මිනිසා පුරුදුවිය යුතුය.ඒය උප්පත්තියෙන් නොලබන්නක් නොව දෙමව්පිය වැඩිහියන්ගෙන් උකහා ගතයුතු උතුම් ගුණාංගයකි.

    ReplyDelete
  15. කෙල්ලෙක් බැලුවාම ඒ වගේ සිතුවිල්ලක් එන්නේ ඇයි බොල..

    ReplyDelete
  16. කව්ද බොලේ ඇලිස් කියුවලු
    නිසදැස නියමයි...

    ReplyDelete
  17. ane ape kassaaaa.......

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඇලිස්...අපේ පැත්තෙ කෙනෙක් නේද? ඇයි මගෙ අතින් වැරැද්දක් වුනාද?

      Delete
  18. පොඩි නිවැරදි කිරීමක් කස්සා ... දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් නෙවෙයි , කල්‍යාණ මිත්‍රයන්ගෙන් කියල ඒක වෙනස් වෙන්න ඕනේ. බොහෝ විට විට අපේ දෙමවුපියොත් , ඇසුරු කරන වැඩිහිටියොත් එවන් කල්‍යාණ සත්පුරුෂයන් වෙන්නේ නැහැ. දෙමවුපියන් දිහා බලන් ඉඳල බොන්න , බට උරන්න , කුණුහරුප කියන්න ඉගෙන ගන්න දරුවෝ ඕන තරම්.

    ReplyDelete
  19. අපිට කල්‍යණමිත්‍රයො ලැබෙන්න කලියෙන් තමයි දෙමවුපියො මුනගැහෙන්නෙ.ඒ අය වැරදි නම් දරුවො වැරදි මග යන එක තමයි මම කියල තියෙන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...