Jan 29, 2012

හම්බන්තොට බලල මෙල්බන් හංදියෙන් ගෝල්ඩ්කෝස්ට් ගියා (දෙවන කොටස )


පළවෙනි දවසෙ,උදේ නමය විතර වෙනකොට අපි එහෙ..සෙට් කරගෙන තිබ්බ වාහනේ එනකොට ටිකක් පරක්කු උනා.එයාර් පෝට් එකට වෙලා එහෙට මෙහෙට යන කෑලි දිහා බල බල හිටිය එක තමයි කළේ.

ගෝල්ඩ් කෝස්ට් වල කාලගුණය ගොඩක් ලංකාවට සමාන පාටක් පෙනුනෙ.හැම තැනම කොල පාට.මෙල්බන් වල එහෙම ෆීලින් එකෙක් එන්නෙ නෑ.
නතර වෙන තැනට ගියා.ඇදගත්ත ආපහු පිටත් වුනා. මොකද වෙලාව ගොඩක් ඉතිරු කරගන්න ඕනෙ නිසා.
අපි මුලින් ම ගියේ Warner Bros.Movie World
එකට. අම්මට සිරි, එතනනෙ ෆන් එක තියෙන්නෙ.ලංකාවෙ ඉන්නකොට චූටි කතුරු උන්චිල්ලාවක් පැදපු අපිට මේවගේ පත සයිසි රෝල කෝස්ටර් එහෙම ඉතින් දැක්කම එක පාරට මැජික් වගේ.


හා හා පුරා කියල මුනින්ම යන්න සෙට් වුනේ "Batwing Space Shoot" කියන රයිඩ් එකේ.
මේකෙ උස අඩි 200 යක්,වේගය පැයට කිලෝමීටර් 64 විතර හැබයි තත්පර 50 කින් අඩි 200 යක් උඩට ගිහිල්ල පහලටත් එනව. ජී ෆොර්ස් එක 4ක්.මේකෙ යන කොට බඩට මුකුත් දාගෙන තිබ්බෙ නෑ.පට්ට බඩගින්නෙ ගියේ.නැත්තම් කබ්බ සෙට් වෙනව අනිවා.

 

 ඔන්න ඉතින් ඒක ඉවර වුනා.ඊලඟට යන්න ගියෙ "Superman Escape" කියන රයිඩ් එකේ.මේක තමා මම ගිය හොඳම රයිඩ් එක.උස අඩි 130.ඩ්‍රොප් එක අඩි 130.මුලු දිග අඩි 2490.උපරිම වේගය පැයට කිලොමීටර් 100.හැබැයි තත්පර දෙකකින් 0 ඉදල 100 ට යනව.මුලු වෙලාව විනාඩියයි තත්පර හතලිහයි.ජී ෆොර්ස් එක 4.2ක්


ඔය වගේ තියන එක එක රයිඩ් වල ගිහින් දන්නෙම නැතුව දවසම ගෙවිල ගියා.
අන්තිමටම බැලුවෙ හොලිවුඩ් ස්ටන්ට් ඩ්‍රයිවර් කියන ශෝ එක.එක නම් පට්ට.. මේ තියෙන්නෙ එකෙ පිතූර ටිකක්.
  මේ අල්ල පනල්ල අස්සෙ මම කෙල්ලෙක් ගෙ පින්තූර ගන්න ගිහින් ඔසියෙක් එක්ක කොක්කකුත් දාගත්ත.කැමරාව එල්ල අත්තම ඉතින් සුන්දර දේවල් අත අරින්නම බෑ.