“මිතුන්... මට දැන්
දවස් ගානක ඉඳල හරියට නින්දක් නෑ.හැම දාම අඩ නින්දෙන් ඇහැරෙනව.කවුද මගෙ කකුලෙන්
අදිනව වගේ දැනෙනව.”
“ඔයා හීනෙන් බයවෙලා.රෑට
බුදු හාමුදුරුවන්ට පාන පත්තු කරල නිදාගන්න.නැත්තම් පිරිත් දාල තියන්න.එතකොට හරියයි.”
මුහුදි එහා
රැකියාව කරන මිතුන්, සිය දුක සැප බෙදා ගත්තේ සංජීවනී සමගය.නෑදෑකමට ඇය සිය පෙම්වතිය
වූ ගයානාගේ වැඩිමහල් සහෝදරිය විය.වසර ගනණාවක සිට රෝගාතුර ව සිටි ගයානා වැඩිදුර ප්‍රතිකාර
සඳහා විදේශ ගතවන විට සිය
පෙම්වතා බලාගැනීමේ වගකීම ඇයගේ සහොදරියට පවරා ගියාය.
සංජීවනී ත්,ගයානාත් එක බඩවැල කඩාගෙන ආ සහෝදරියන්
නොවුනත්, ඔවුන්
මවක හා දියනියක අතර
ඇති ලෙන්ගතුකමට සමාන බැදීමකින් පසුවූ දෙදෙනෙක් විය.ඒ බැදීම නිසාම සිය පනමෙන් වූ
පෙම්වතාගේ වගකීම සිය වැඩිමහල් සහෝදරියට බාරදී යෑමට ඈ නොපැකිළි විය.
“මිතුන් අයියේ.. අක්ක ඔයාව හොඳට බලාගනී.මටත් වඩා.මම
නම් ඉඳල හිටල හරි ඔයා
එක ජල්ලියක් අල්ලනව.අනේ අක්ක නම් ඔයා කියන ඕනෙම දෙයක් අහගෙන ඉදී .”
ගයානාගේ නික්ම
යෑමත් සමග නැවතත් අතරමන් වූ මිතුන් ඔහුට ලැබෙන සුළු
නිවාඩුව පවා ගෙවා දැමුවේ සංජීවනී සමගය.ඒ කාත් කවුරුත් නැති රටක දැනෙන තනිකම ඔහුට තනියම
විඳ දරාගැනීම ඉතාමත් අපහසු වූ බැවිනි. තනිකඩ බෝඩිම් ජීවිතයට හිරවූ සංජීවවීටද සවස
සිය රැකියා ස්ථානයෙන් ආ පසු වචනයක් හුවමාරු කරගැනීමට හිටියේ ඔහු පමනි.
“ඔයා දන්නවද මිතුන්...අපි
නුවරඑලියෙ ගිය වෙලාවක, සාත්තර කාරයෙක් කිවුව ඉස්සර ආත්මෙක
මමයි නංගී සහෝදරියොලු.”
"හික්…හික්.. ඉතින් සාත්තරකාරය තව මුකුත් කිවුවෙ නැද්ද?”
“ඔය, ඔයාට විහිළු..මම කියන්නේ නෑ..”
“නෑ නෑ කියන්නකො, ඔන්න මම කට වහගත්ත.”
“දවසක් නංගි වතුර පාරකට
වැටිල ගහගෙන යනකොට මමත් පැන්නලු එයාව බේරගන්න. පස්සෙ අපි දෙන්නම වතුරෙ ගිලිල
මැරුනලු.”
“ඔය සාත්තර කාරයින්ගෙ
ගජ බින්න.ඔයයි නංගී ඉනේ ඉතින් බඩ බැදගෙන වගේනෙ. ඌ ඒක දැකල ඔයාලට හෙනෙ කෙප්පයක් අතෑරල හොඳ ගානකට තට්ටුකලා නේද?”
සංජීවනී හා
මිතුන් අතර මෙවැනි කතාබහ නො අඩුව සිදුවුනි.ලැබෙන හැම තත්පරයම ඔවුන් ගතකලේ පරිඝනකය
අසලය.එය ඔවුන් දෙදෙනාගේ සන්නිවේදන මධ්‍ය විය.
නමුත් රෑට
නින්ද නොයෑමේ රෝගයෙන් ගොඩ ඒමට තවමත් සංජීවනී නොහැකි විය.දිනක් අඩනින්දේ සිටි
මිතුන්ගේ මුහුණද කවුරුන් හෝ කෙනෙක් හෙමින් ස්පර්ශ කරනු සිහිනෙන් මෙන් දැනුන නමුත් ඔහු
ඒය සංජීවනී
නොපැවසීමට ඉටා ගත්තේ ඉන් ඇයගේ නින්ද නොයෑමේ රෝගය දරුනු වේයැයි සැක ඇතිවූ බැවිනි.
හදිසියේම
මිතුන්ගේ දුරකතනය නාද වන්නට විය.
“හෙලෝ....කවුද මේ...”
නන්නාඳුනන අංකයකින් ලැබුනු දුරකතන පනිවිඩයට ඔහුගෙන් ලැබුනු ප්‍රතිචාරය එය විය.
“මිතුන් අයියෙ
මම...මේ ටිකට මගේ කට හඬත් අමතක වෙලාද?”
“අනේ ඔයාද...නොදන්න නම්බර්
එකකින්නේ ආවෙ.එකයි එච්චර ගනන් ගත්තෙ නැත්තෙ.ඔයාට කොහොමද දැන්?”
“වෙනසක් නෑ.ඔයා දන්නවද?
මම ගියා අක්කිව බලන්න!”
.........................
සත්‍ය කතාවක්.
ඉතිරිය පසුවට...
අම්මෝ..මේක නම් හොල්මන් කතාවක් වගේ මට දැනෙනවා.........
ReplyDeleteනෑ නෑ හොල්මන් එකක් නෙමේ, ඒත් මේක ඇත්ත කතාවක්.මට වෙච්ච් සිද්ධියක් කියල හිතාගන්නකො
Deleteඅනේ අයියෙ මට ඔයාගෙ මේල් එක එවන්නකෝ...ප්ලීස්..!
Deleteඇහැකිය.ඒත් මෙතන එය දැමීමට නොහැකිය
Deleteමට ඕනේ මේකේ අවසානයට මොකද උනේ කියලා දැන ගන්න
ReplyDeleteඉක්මනට ඉතුරු කොටස් බලාපොරොත්තුවෙනවා
ඇහ්? අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගියාලු.........හූ..හූ..හූ.......
Deleteවිශේෂ කෙනෙක් ගෙ ඉල්ලිමකට මම මෙකෙ ඉතුරුටික ලියන්නෙ නෑ.සමාවෙයන් මචෝ.ආවට ස්තුතී
Deleteඊළග කොටසත් ලියමුකෝ බලන්න.. උඹට වෙච්ච දෙයක් කියලා ලියලා තියෙනවනේ.. ඒ නිසා අවසානය දැන ගන්න ආසයි..
ReplyDeleteස්තුතී මචන්.ඒත් ඉතුරි ටික මම ලියන්නෙ නෑ.
Deleteඅනික් කොටසත් කියවන්න බලන් ඉන්නවා.
ReplyDeleteබැරිවෙයි ඩීන් අයියෙ.ස්තුති ආවට
Deleteඅමුතුම කතාවක් වගේ....බලමු මොකද වෙන්නෙ කියල..
ReplyDeleteස්තුති ආවට මචෝ
Deleteසත්‍ය කතාවක් නේ...එහෙනම් මරු, ඉක්මණට ඊළඟ කොටසත් දාන්න සහෝ...
ReplyDeleteස්තුතියෝ
ReplyDeleteඉතින් මොකෝ ඉතිරි ටික නොලිය සිටීමට හේ තු? අපි විමසා නොසිටිමූ.............
ReplyDeleteබෑ කියන්න බැරි කෙනෙක් ඉල්ලුවෙ චාන්දි අක්කේ.ඉතින් නොලිය ඉන්නව
Deleteකතාවේ ලස්සනම හරියට එද්දි නිසි බලධරයා විසින් කපා හරින ලදී... අහෝ...
ReplyDeleteහොඳම හරිය තමා.ඒත් කරන්න දෙයක් නැත.ස්තුතී මචන් ආවට
Deleteමේක හරිම අසාධාරන වැඩක්
ReplyDeleteපාඨකයෝ අතරමන් කොරන්න එපා බන්ස්
පාඨක මහත්තය මට සමා වෙන්න ඕනෙ.
Deleteඉතිරිය එනතුරැ සිටිමි.. ඇත්තට කවුද ඒ නංගී ?
ReplyDelete